- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
තෙල් මිලේ වැඩිවීමෙන් ගුවන් ටිකට් මිල නගී
සාමාන්‍යයෙන් ගුවන්සේවා සමාගම්වල පිරිවැයෙන් සියයට 30 ක් පමණ සමන්විත වන්නේ ඉන්ධන සඳහා දරනු ලබන වියදම්වලිනි. පසුගිය සඳුදා වන විට බ්‍රෙන්ට් වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 68 ක් ලෙසින් වාර්තා වූ අතර මේ අනුව 2017 ජූනි මාසයේ සිට මේ දක්වා කාලපරිච්ඡේදය තුළ දී තෙල් මිල සියයට 50 කට වඩා වැඩි අගයකින් ඉහළ ගොස් තිබේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමයේ ප්‍රධාන විධායක නිලධාරී Alexandre de Juniac විසින් Bloomberg TV වෙත කියා සිටියේ තෙල් මිල ඩොලර් 60-70 මට්ටමේ පැවතීම දැරිය හැකි මට්ටමක් බවත්, යම් විදියකින් බොරතෙල් බැරලයක මිල ඩොලර් 70 සීමාව ඉක්මවා ගියහොත්, අනිවාර්යයෙන් ගුවන් ප්‍රවේශපත්‍ර ගාස්තුවල ඉහළ දැමීමක් කිරීමට සිදුවනු ඇති බවයි.
- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28