- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
මහ බැංකුවේ මැදිහත් වීම අඩු නිසා විනිමය උච්ඡාවචනය වැඩිවෙලා – අවශ්‍ය නම් මැදිහත් වෙනවා
මෙහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා,
“විදේශ විනිමය අනුපාතය පාලනය කිරීමේ දී 2017 මාර්තු - අප්‍රේල් මාසවලින් පසුව විදේශ විනිමය අනුපාතය තීරණය කිරීමේ දී මහ බැංකුවේ මැදිහත් වීමෙන් පුළුවන් තරම් අයින් වුණා. අපි මැදිහත් වුණේ සංචිත ගොඩනැංවීමේ අවස්ථාවට පමණයි. ඒ අනුව ඒ වගේ තත්ත්වයක් තුළත් යම්කිසි ආකාරයක විදේශ විනිමය වෙළෙඳපොළක් ඉතාම ස්ථාවර අකාරයකට හැසිරුණා කියලා අපි දැක්කා.“
“විශේෂයෙන් වෙළෙඳපොළ තුළින් තීරණය කරන වෙළෙඳපොළ අනුපාතයන් තිබුණේ. පහුගිය දවස්වල විදේශ විනිමය අනුපාතයේ විචලනයක් දිගටම දක්නට ලැබුණා. ඒක වෙළෙඳපොළ මත ක්‍රියාත්මක වන විදේශ විනිමය වෙළෙඳපොළක දකින්න තියෙන ලක්ෂණයකි. කෙටිකාලීනව තියෙන ඉල්ලුම සැපයුම වෙනස්වීම මත ඉස්සරට වැඩිය වෙනස්වීම් වෙනවා. ඒක සාමාන්‍යයෙන් වන දෙයක්.“
“නමුත් මහ බැංකුවේ මැදිහත්වීම අඩුවීම නිසා ඉස්සරට වඩා විචලනය වැඩියි. නමුත් අවශ්‍ය නම්, අවශ්‍ය ඕනෑම වේලාවක අපි හිතනවා නම් මේක වැඩියි කියලා, මේ ගැන මැදිහත් වෙලා, ඒ ගැන පාලනය කරනවා. මහ බැංකුවට අයිතියක් තියෙනවා. ඒ වගේම අවශ්‍ය කියලා හිතනෙවා නම්, මහ බැංකුව ඒ දේ කරනවා.“
- The Invisible
- Posts : 3116
Join date : 2016-11-28
Age : 44
Re: මහ බැංකුවේ මැදිහත් වීම අඩු නිසා විනිමය උච්ඡාවචනය වැඩිවෙලා – අවශ්‍ය නම් මැදිහත් වෙනවා
- spw19721Active Member
- Posts : 683
Join date : 2015-08-22
Re: මහ බැංකුවේ මැදිහත් වීම අඩු නිසා විනිමය උච්ඡාවචනය වැඩිවෙලා – අවශ්‍ය නම් මැදිහත් වෙනවා
මැදිහත් වෙන්න නැකතක් එනකං ඉන්නවද මංදා..