- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
ඇඟට නොදැනී ප්‍රතිඋත්තර දෙන හැටි
මේ කතාව මම ගත්තේ ඉන්දීය විනිසුරු බල්රාම් ගුප්තා මහතාගේ පොස්ට් එකකින්
ස්වාමි විවේකානන්ද කියන්නේ ලන්ඩන් යුනිවර්සිටි කොලේජ් එකේ නීතිය ඉගනගත්ත ඉන්දීය සිසුවෙක්. ඒ කොලේජ් එකේ පීටර් කියලා මහාචාර්යවරයෙක් උන්නා විවේකානන්දට බොහොම අකැමති. කොහෙත් හේතුවක් නැතිව අපට අකැමති මිනිස්සු ඉන්නවනේ. ඔන්න එක දවසක් මහාචාර්ය පීටර් ආපනශාලාවේ තමන්ගේ දිවා අහාරය ගනිමින් උන්නා. විවේකානන්දත් එයාගේ කෑම එක අරන් ගිහින් මහාචාර්යවරයා ලඟින් වාඩී වුනා. ටිකක් විතර නොසන්සුන් වුනු මහාචාර්යවරයා විවේකානන්දට මෙහෙම කිව්වා.
"කොහොමද අයිසේ කුරුල්ලෙක් ළඟ වාඩි වෙලා ඌරෙක් දවල් කෑම ගන්නේ?"
විවේකානන්ද කලබල වුනේ නෑ. ඇඟට පතට නොදැනී ඔහු මෙහෙම පිළිතුරු දුන්නා.
"කලබල වෙන්න එපා මහාචාර්යතුමනි, මම ඉගිලිලා යන්නම්" එහෙම කිව්ව විවේකානන්ද එතනින් ඉවත් වුනා.
ඔන්න ඊළඟ දවස උදා වුනා. මහාචාර්යවරයා විවේකානන්ද එක්ක බොහොම තරහෙන් උන්නේ. ලෙක්චර් හෝල් එකේදී මහාචාර්යවරයා විවේකානන්දට ප්‍රශ්නයක් යොමු කළා.
"හිතන්න ඔයා පාර දිගේ ඇවිදන් යනවා. ඔයාට පාරේ වැටිලා තිබිලා බෑග් දෙකක් හමු වෙනවා. එකක තියන්නේ මුදල්. අනිකේ තියන්නේ ප්‍රඥාව. ඔයා මොන බෑග් එකද තෝරා ගන්නේ"
"මම මුදල් තියන බෑග් එක ගන්නවා සර්" විවේකානන්ද පිළිතුරු දුන්නා.
" හා.. හා.. මම හිතුවා, මම නම් ගන්නේ ප්‍රඥාව තියන බෑග් එක අයිසේ." මහාචාර්යවරයා සිනාසෙමින් කිව්වා.
" ඔව් සර් කෙනෙක් දෙයක් ගන්නේ ඒ දේ තමන්ට නැති නිසානේ.."
විවේකානන්දගේ උත්තරෙන් මහාචාර්යවරයා ලජ්ජාවෙන් රතු වුනා.
ඔහොම කාලයක් විවේකානන්ද එක්ක බොහොම තරහෙන් උන්නු මහාචාර්යවරයා විවේකානන්දව ආයම අපහසුවට පත් කරන්න ක්‍රමයක් කල්පනා කළා. විවේකානන්දගේ විභාග උත්තර පත්තරේට ලකුණු නොදා මහාචාර්යවරයා උත්තර පත්තරේ 'මෝඩයා' කියලා ලියලා විවේකානන්දට දුන්න. විවේකානන්ද පොඩ්ඩක්වත් දුක් වුනේවත් කලබල වුනේවත් නෑ. උත්තර පත්තරේ අරන් මහාචාර්යවරයා ලඟට ගියපු ඔහු හිමීට මෙහෙම කිව්වා.
"සර් ඔයාට පේපර් එකට ලකුණු දාන්න අමතක වෙලා. එත් ඔයා ඔයාගේ අත්සන ගහලා තියනවා."
මහාචාර්යවරයාට ඇති වුනු හැගීම ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑ නේ. මේ කතාව අපට එන ඕනෑම අමාරු අවස්ථාවකට සතුටෙන් කලබලයක් නැතිව සාර්ථකව මුහුණ දෙන හැටි කියලා දෙනවා.
ඒ වගේම එදිනෙදා ජිවිතයේදි දෙපිට කැපෙන වචන වලින් අපිව අපහසුතාවයට පත් කරලා පහත හෙලන්න හදන මිනිස්සුන්ට ඇඟට නොදැනී ප්‍රතිඋත්තර දෙන හැටිත් කියා දෙනවා නේද?
උපුටාගැනීම - සමීර සාලින්ද මහතාගෙනි
- ruwan326
- Posts : 1744
Join date : 2016-09-29
Age : 46
Location : Horana
Re: ඇඟට නොදැනී ප්‍රතිඋත්තර දෙන හැටි
මාත් වසර 5-6 ඉඳලා විවේකයෙන් ආනන්දයෙන් දවස ගතකරන්නේ
Thank you nihal...
සම හරක් කස්ටිය මේ forum එකට අකමැති ඇයි කියලා දැන් බොහෝම පැහැදිලියි .......... ගැරඩින්ට භුමිතෙල් වැදුනා වගේ ඒ අය හැසිරෙන්නේ -මේකේ බොහෝදෙනා විවෘතව /සත්‍ය /සාධාරණ විදියට කටයුතු කරණ නිසා ..... යහපත්දේට හොඳයි කියන්නත් අයහපත්දේට නරකයි කියන්නත් ඇඹරෙන්න ඕන නෑ ...හංගාගෙන ඉන්න රහස් නම් අපිගාව නෑ .. ඈ .. ඈ..........
- ruwan326
- Posts : 1744
Join date : 2016-09-29
Age : 46
Location : Horana
Re: ඇඟට නොදැනී ප්‍රතිඋත්තර දෙන හැටි
- ruwan326
- Posts : 1744
Join date : 2016-09-29
Age : 46
Location : Horana
Re: ඇඟට නොදැනී ප්‍රතිඋත්තර දෙන හැටි
මහින්දගේ කාලේ හොරකම් කරලා තියනවා කිවුවම ,රනිල් මහබැංකුව කොල්ලකෑව කියලා ඒකා සාධාරණය කරන්න තරම් අද ලංකාවේ බොහොමයක් අමනයෝ පහත් මනසකින් යුතු වෙලා ......
ගිය ජනාධිපතිවරණයේදී රට පාට දෙකකට බෙදලා ජාතිවාදය වපුරවලා නැවතත් යුද්ධයකට අත වනවා කිවුවම -මිනෙන්න (fill the blank) එපා ....
වැරදි දේට කවුරුකලත් වරදී කියන්න පිට කොන්දක් නැත්නම් හැමදාම වහල්ලු වගේ දේශපාලුවන්ට සැපසම්පත් නොඅඩුව දීලා ජනතාව සැපට දුක් විඳින රටක් ඊළඟ පරපුරට දෙමු එහෙනම් ....
මහින්ද /රනිල් ආගම් විදියට අදහන වහල් -අමන මනසක් තියෙන වහලුන් ඉන්නකම් මේ රට ලෝකවිනාශය තෙක්ම සංවර්ධනය වෙමින් පවත්නා රටක් පමණමයි .....