- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
හදවත පොහොසත්වීම
===========================
ලෝකයේ පොහොසත්ම මිනිසාවූ බිල් ගේට්ස් ගෙන් කෙනෙකු මෙසේ විමසීය.
"ඔබට වඩා පොහොසත් මිනිසෙක් මෙලොව සිටීද ?"
"ඔව් මට වඩා පොහොසත් කෙනෙක් ඉන්නව "
පසුව ඔහු කතාව කියන්න විය .
"ඒ මම පොහොසත්වූ හෝ ප්‍රසිද්ධ නොවූ කාලයේ "
"නිවියෝර්ක් ගුවන් තොටුපලේ දි මම දැක්කා පත්තර වෙලෙන්දෙක්. මට පත්තරයක් මිලදී ගැනීම අවශ්‍ය වුනා. වෙලෙන්දා ලගට ගිහිල්ලා බලපුවම මගෙ ලග සිල්ලර මුදල් නැහැ . පත්තරය මිලදී ගැනීමේ අදහස අත් හැරල මම ආපසු හැරුනා."
"මම ඔහුට කිව්ව මා ලග මාරු සල්ලි නැහැ කියලා "
"මම පත්තරයක් ඔයාට නොමිලයේම දෙන්නම්. පත්තරයක් අතට අරගෙන ඔහු කිව්වා"
"ඊට මාස තුන හතරකට පසුව මම නැවතත් එම ගුවන් තොටුපලට ආව."
"මම ඔහු ලගට ගියා."
"ඔහු මට පත්තරයක් දුන්නා. "
"මට මේක ගන්න් බැහැ. මගෙ ලග මාරු මුදල් නැහැ. කියල මම පත්තරය ප්රතික්ෂප කලා"
"ඔයාට මේක ගන්න පුලුවන්. මේක මගෙ ලාභෙන් කොටසක්. ඒක නිසා මට පාඩුවක් වෙන්නෙ නැහැ. පත්තර වෙලෙන්දා කිව්ව "
"මම පත්තරය ගත්තා."
"අවුරුදු19 කට පසුව මම ප්‍රසිද්ධ පුද්ගලයකු වුනා"
"මට හදිසියේම අර වෙලෙන්දව මතක්වුනා."
"මාස එකහමාරක සෝදියෙන් පසුව ඔහු මට මුන ගැහුනා."
"ඔයා මාව දන්නවද මම ඇහැව්ව."
"ඔව් ඔබ බිල් ගේට්ස් .ඔහු කිව්ව."
"ඔයාට මතකද ඔයා මට පත්තරයක් නොමිලේ දුන්නා"
"ඔව් මට මතකයි. දෙපාරක්ම දුන්නා. ඔහු උත්තර දුන්නා."
"ඔයා ඒ දවස් වල කලදෙය වෙනුවෙන් යමක් කරන්න මම කැමතියි. ඔයගෙ ජීවිතයේ ඕනෑම දෙයක් තියනව නම් කියන්න.මම ඒක සම්පූර්ණ කරන්නම්."
"මහත්තයා ඒ විදියකින් මගෙ උදව්වට සමකරන්න යමක් ඔබට කරන්න පුලුවන් කියල හිතනවද ?"ඔහු ඇහැව්ව.
"ඇයි "මම ඇහැව්ව.
"මම ඔයාට උදව්කලේ මම දුප්පත් පත්තර වෙලෙන්දෙක්ව සිටියෙදී. ඔයා මට දැන් උදව්කරන්න යන්නෙ ලෝකයේ ලොකුම පොහොසතාව සිටියෙදී. "
"එදා මට තේරුනා පත්තර වෙලෙන්දා මට වඩා පොහොසත් බව . මොකද ඔහු පොහොසත් වෙනකම් හිටියෙ නැහැ කාටවත් උදව්වෙන්න . ඔහු හදවතින් ගොඩක් පොහොසත්"
මිනිසුන් තේරුම් ගැනීම අවශ්‍ය හොදම පොහොසත්කම හදවතින් පොහොසත්කම කියල
එම නිසා පොහොසත් හදවතක් තිබීම වැදගත්.
- The Invisible
- Posts : 3116
Join date : 2016-11-28
Age : 44