The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting
Search
Display results as :
Advanced Search
Latest topics
CCS.N0000 ( Ceylon Cold Stores)Wed Mar 20, 2024 11:31 amHawk Eye
When Will It Be Safe To Invest In The Stock Market Again?Wed Apr 19, 2023 6:41 amකිත්සිරි ද සිල්වා
Dividend AnnouncementsWed Apr 12, 2023 5:41 pmකිත්සිරි ද සිල්වා
MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීමThu Apr 06, 2023 3:18 pmකිත්සිරි ද සිල්වා
SEYB.N0000 (Seylan Bank PLC)Thu Mar 30, 2023 9:25 amyellow knife
The Korean Way !Wed Mar 29, 2023 7:09 amකිත්සිරි ද සිල්වා
In the Meantime Within Our Shores! Mon Mar 27, 2023 5:51 pmකිත්සිරි ද සිල්වා
What is Known as Dementia?Fri Mar 24, 2023 10:09 amකිත්සිරි ද සිල්වා
SRI LANKA TELECOM PLC (SLTL.N0000)Mon Mar 20, 2023 5:18 pmකිත්සිරි ද සිල්වා
THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)Mon Mar 20, 2023 5:10 pmකිත්සිරි ද සිල්වා
Equinox ( වසන්ත විෂුවය ) !Mon Mar 20, 2023 4:28 pmකිත්සිරි ද සිල්වා
COMB.N0000 (Commercial Bank of Ceylon PLC)Sun Mar 19, 2023 4:11 pmකිත්සිරි ද සිල්වා
REXP.N0000 (Richard Pieris Exports PLC)Sun Mar 19, 2023 4:02 pmකිත්සිරි ද සිල්වා
RICH.N0000 (Richard Pieris and Company PLC)Sun Mar 19, 2023 3:53 pmකිත්සිරි ද සිල්වා
Do You Have Computer Vision Syndrome?Sat Mar 18, 2023 7:36 amකිත්සිරි ද සිල්වා
LAXAPANA BATTERIES PLC (LITE.N0000)Thu Mar 16, 2023 11:23 amකිත්සිරි ද සිල්වා
What a Bank Run ?Wed Mar 15, 2023 5:33 pmකිත්සිරි ද සිල්වා
104 Technical trading experiments by HUNTERWed Mar 15, 2023 4:27 pmkatesmith1304
GLAS.N0000 (Piramal Glass Ceylon PLC)Wed Mar 15, 2023 7:45 amකිත්සිරි ද සිල්වා
Cboe Volatility Index Tue Mar 14, 2023 5:32 pmකිත්සිරි ද සිල්වා
AHPL.N0000Sun Mar 12, 2023 4:46 pmකිත්සිරි ද සිල්වා
TJL.N0000 (Tee Jey Lanka PLC.)Sun Mar 12, 2023 4:43 pmකිත්සිරි ද සිල්වා
CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)Sun Mar 12, 2023 4:41 pmකිත්සිරි ද සිල්වා
COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))Fri Mar 10, 2023 4:43 pmyellow knife
Bitcoin and Cryptocurrency Fri Mar 10, 2023 1:47 pmකිත්සිරි ද සිල්වා
CSD.N0000 (Seylan Developments PLC)Fri Mar 10, 2023 10:38 amyellow knife
PLC.N0000 (People's Leasing and Finance PLC) Thu Mar 09, 2023 8:02 amකිත්සිරි ද සිල්වා
Bakery Products ?Wed Mar 08, 2023 5:30 pmකිත්සිරි ද සිල්වා
NTB.N0000 (Nations Trust Bank PLC)Sun Mar 05, 2023 7:24 amකිත්සිරි ද සිල්වා
Going South Sat Mar 04, 2023 10:47 amකිත්සිරි ද සිල්වා
When Seagulls Follow the TrawlerThu Mar 02, 2023 10:22 amකිත්සිරි ද සිල්වා
Re-activatingSat Feb 25, 2023 5:12 pmකිත්සිරි ද සිල්වා
SAMP.N0000 (Sampath Bank PLC)Wed Nov 30, 2022 8:24 amකිත්සිරි ද සිල්වා
APLA.N0000 (ACL Plastics PLC)Fri Nov 18, 2022 7:49 amකිත්සිරි ද සිල්වා
AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.Wed Nov 16, 2022 9:28 pmකිත්සිරි ද සිල්වා
Banks, Finance & Insurance Sector ChartTue Nov 15, 2022 5:26 pmකිත්සිරි ද සිල්වා
VPEL.N0000 (Vallibel Power Erathna PLC)Sun Nov 13, 2022 12:15 pmකිත්සිරි ද සිල්වා
DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.Mon Nov 07, 2022 6:36 pmකිත්සිරි ද සිල්වා
WATA - WatawalaSat Nov 05, 2022 8:44 amකිත්සිරි ද සිල්වා
KFP.N0000(Keels Food Products PLC)Sat Nov 05, 2022 8:42 amකිත්සිරි ද සිල්වා
Capital Trust Broker in difficulty?Fri Oct 21, 2022 5:25 pmකිත්සිරි ද සිල්වා
IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?Thu Oct 20, 2022 10:13 amකිත්සිරි ද සිල්වා
What Industry Would You Choose to Focus?Tue Oct 11, 2022 6:39 pmකිත්සිරි ද සිල්වා
Should I Stick Around, or Should I Follow Others' Lead?Tue Oct 11, 2022 9:07 amකිත්සිරි ද සිල්වා
DV-2024 Program: Online RegistrationThu Oct 06, 2022 11:26 amකිත්සිරි ද සිල්වා
Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

Go down
nihal123
nihal123
Top contributor
Top contributor
Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga

මේ පුංචි ප්ලාස්ටික් කෑල්ලට ඔබ හිරේ යවන්නත් පුළුවන් Empty මේ පුංචි ප්ලාස්ටික් කෑල්ලට ඔබ හිරේ යවන්නත් පුළුවන්

Sun May 17, 2015 9:24 pm
Message reputation : 100% (3 votes)
මේ පුංචි ප්ලාස්ටික් කෑල්ලට ඔබ හිරේ යවන්නත් පුළුවන්

ජංගම දුරකථනයෙන් #132# අමතා ඔබ නමින් ‍වෙනත් සිම්පත් ඇත්දැයි සොයා බලන්න
විදුලි සංදේශ නියාමන කොමිසමේ වාර්තා පෙන්වා දෙන පරිදි මෙරට සමස්ත ජනගහනයටත් වඩා වැඩි ප්‍රමාණයක් අද ජංගම දුරකථන භාවිතයේ ති‍බේ. එය සංඛ්‍යාත්මක ප්‍රතිශතයක් ලෙස දක්වන්නේ නම් 104% ප්‍රමාණයකි. අලුත උපන් බිළිදාගේ පටන් සෑම පුරවැසියන් සිය දෙනෙක් ගත් විට දුරකථන සිම්පත් එකසිය හතරක් නිකුත් වී ඇත.

එම අධි භාවිතය අනිසි භාවිතයක් ලෙසත් මේ වන විට වර්ධනය වී ඇත. මේ තත්ත්වය මත සිදුව ඇත්තේ සමස්ත ශ්‍රී ලංකාවාසීන්ම දැඩි අනාරක්ෂිත තත්ත්වයකට පත්ව තිබීමය. නැත්නම් නොදන්නා පීඩනයකට ලක්ව තිබීමය. එය බොහෝ දෙනා දැන ගන්නේ බෙල්ලට තොණ්ඩුව වැටුණු පසුය.

මීට වසර 15 කට පමණ පෙර ජංගම දුරකථන සමාගමකින් සිම්කාඩ් පත් ලබා ගැනීම ලෙහෙසි පහසු නොවීය. ඒ සඳහා ජාතික හැඳුනුම්පත පමණක් ප්‍රමාණවත් නොවීය. තම ලිපිනය සනාථ කිරීම සඳහා ජල බිල්පත් හෝ විදුලි බිල්පත් හෝ එසේත් නැත්නම් ලිපිනය සහිත බැංකු ගිණුම් ප්‍රකාශනයක් ලබා දිය යුතු විය.

විදුලි සංදේශ නියාමන කොමිසමේ
නියෝජ්‍ය අධ්‍යක්ෂිකා අනුකූලතා

(පාරිභෝගික පැමිණිලි හා

මහජන දැනුවත් කිරීම්) මේනකා එච්. පතිරණ


පළමු වරට ඩිජිටල් තාක්ෂණය සහිත සිම් කාඩ්පතක් සහිතව දුරකථන හඳුන්වා දුන්නේ ඩයලොග් සමාගම විසිනි. ඒ වර්ධනය ක්‍රමයෙන් ව්‍යාප්ත වූ අතර සෙල්ටෙල් ආයතනය මඟින් සෙල් කාඩ් හඳුන්වා දීමත් සමඟ මෙරට පෙර ගෙවුම් දුරකථන සේවාව ඇරැඹුණි. අතේ ඇති ගාණට පමණක් කතා කිරීමේ ක්‍රමවේදය නිසා මේ දුරකථන සේවාව ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වූ අතර දුරකථනයක් නැතත් සිම් කාඩ් පතක් ලබාගෙන තම මිතුරකුගේ දුරකථනයෙන් හෝ කතා බහ කිරීමේ හැකියාව නිසා සිම් කාඩ් පත් සොයා ගැනීමේ මෙහෙයුම් ඇරැඹුණි. සමාගම් මෙන්ම ශාඛාවන්හි ඇති වු තදබදය නිසා ජංගම දුරකථන සමාගම් විසින් අලෙවි නියෝජිතයන් පත් කළ අතර පාරිභෝගිකයාගේ ඡායාරූපයක් ලබා ගැනීමේ ක්‍රමවේදයක්ද පසුව ඇරැඹුණි. එහෙත් එයද එතරම් සාර්ථක නොවූයේ අලෙවි නියෝජිතයන් හතු පිපෙන්නාක් මෙන් බිහි විම නිසාත් පසුව අලෙවි නියෝජිතයන් වෙනුවට හැම පෙට්ටි කඩයක්ම ජංගම දුරකථන සිම් පත් අලෙවි කිරීම නිසාය.

ජංගම දුරකථන සිම්පත් මිලදී ගැනීමේදී මෙන්ම පරිහණයේදී මෙන්ම ඉවත දැමීමේදීද ඔබ ඉතා පරිස්සම් විය යුතුය. කිසිදු සම්බන්ධයක් නැතිව ලංකාව පුරාම උසාවි ගානේ සතියට වරක් දෙවරක් යාමට ඔබට සිදු වුවහොත්... එවැනි අවාසනාවන්ත තත්ත්වයකට මුහුණ දුන් කාන්තාවක සම්බන්ධව අපට ඇසෙන්නේ විදුලි සංදේශ නියාමන කොමිසමෙනි. කොමිසමේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා මේනකා එච්. පතිරණ මහත්මිය අප නොදන්නා එහෙත් අනිවාර්යයයෙන්ම දැනගත යුතු වැදගත් කරුණු රැසක්ම හෙළි කළාය.

ජංගම දුරකථන භාවිතා කරන්නන්ට තරමක බය හිතෙන කතාවක්ද ඇය ගෙන හැර දක්වයි. ඇත්තෙන්ම බිය විය යුත්තේ තම ජංගම දුරකථන සිම්පත් සම්බන්ධව අවධානය යොමු නොකරන්නන්ය. සිම්පතක් ලබා ගැනීම අද ඉතාම පහසු වී ඇත. එසේ පහසුවෙන් ලබා ගන්නට හැකි වුවද එයින් බොහෝ අනිසි දේ කළ හැකිය.

අප පෙර සඳහන් කළ තරුණිය සුහද සේවා මාරුවක් ලබා ගැනීමට දැන්වීමක් පළ කිරීම සඳහා තම හැඳුනුම්පත ඉඳිරිපත් කර ඇත. ඇය තම හැඳුනුම්පත වෙනත් අයකු අතට පත් කර ඇත්තේ සුළු වේලාවක් පමණි. ඇය අද වන විටත් ලංකාව පුරාම අධිකරණවල විභාග වන නඩුවල චූදිතයෙකි. ඇයට ඒ සඳහා උසාවි ගනේ රස්තියාදු වීමට සිදු වූයේ නිතිඥවරුන්ටද විශාල ලෙසින් මුදල් වැය කරමිනි.

පසුගිය 13 වැනිදා ඇය නමින් තිබූ සියලු ජංගම දුරකථන සබඳතා විසන්ධි කරන ලදී. ඒ ඇයගේ ඉල්ලීමක් පිටය. තමන් නොදන්නා වුවත් තම නමින් ජංගම දුරකථන සිම්පත් වෙනත් අයට ලබා ගත හැකි බවට මෙය කදිම උදාහරණයකි.

තම සිම් කාඩ් පත් අන් අය අතරට යාම වැළැක්වීමට දෙආකාරයකින් කටයුතු කළ යුතු වේ. ඉන් පළමු වැන්න තම සිම්පත් අන් අය අයට පත් වීම වැළැක්වීම සහ ඒ සඳහා ආරක්ෂණ පද්ධතියක් තමා විසින්ම ඇති කර ගැනීමෙනි. දෙවැන්න තම හැඳුනුම් පත්, ගමන් බලපත්‍ර හෝ රියැදුරු බලපත්‍රය හෝ එහි ඡායාරූප පිටපත් අන් අය අතට පත් වීම වැළැක්වීමයි.

මීට අමතරව වර්තමාන සමාජ ක්‍රමවේදය තුළ තමා ආරක්ෂාකාරී තත්ත්වයක සිටින්නේද යන්න සම්බන්ධව සොයා බැලීමද වැදගත් වේ.

වර්තමානයේ හැඳුනුම්පත, ගමන් බලපත්‍රය හා රියැදුරු බලපත්‍රයක ඡායා පිටපතක් ලබා දීමෙන් අද ගමේ ගොඩේ ඕනෑම කුඩා කඩයකින් පවා සිම්පතක් ලබා ගැනීමේ හැකියාව ඇත. මේ නිසා තමා යම් සිම්පතක් ලබා ගන්නේ නම් තමන්ට සෑහීමට පත් විය හැකි වෙළෙඳ සලකින් ලබා ගැනීම මෙහිලා ඉතාම වැදගත් වේ. ඇත්තෙන්ම වෙළෙඳ සල් හිමිකරුට එම ඉල්ලුම්කරුගේ ඡායා පිටපත යොදා වෙනත් සිම්පතක් ලබා ගැනීමේ හැකියාව ඇත. එවන් අවස්ථාද වාර්තා වී තිබේ.

මෙහි දෙවැන්න අස්ථාන ගත වන තම හඳුනා ගැනීමේ පත්ය. එවැන්නක් සිදු වූ වහාම පොලිස් ස්ථානයකට දන්වා නිසි පියවර ගත යුතු වේ. එමඟින් තමන් යම් නීතිමය ආවරණයකට යටත් වනු ඇත.

තුන් වැන්න තම සිම් කාඩ්පත් ආරක්ෂා කර ගැනීමය. ඇත්තෙන්ම එක් අයකුට වැඩිම වශයෙන් සිම් කාඩ්පත් දෙකක් තිබීම හොඳටම ප්‍රමාණවත් ය. ඉන් එහාට සිම්පත් ලබා ගැනීමට යාමෙන් ඒවා තම පොකැට්ටුවේ තබා ගැනීමෙන් ඒවා අස්ථාන ගත වීමට ඉඩ ඇත. අවම වශයෙන් එම කාඩ්පත් සඳහා රහස්‍ය අංකයක් මඟින් ආරක්ෂාව සලසා ගත යුතු වේ.

එහෙත් තම පොකැට්ටුවේ ඇති සිම්පත් භාවිතා කරන්නේ කුමන හෝ අනිසි ක්‍රියාවකට බව මේ දක්වා වන සිදුවීම් දෙස බැලූ විට පෙනී යයි.

දැනට ලංකාවේ පවතින නීතිය අනුව තමාගේ නමින් ඇති සිම්කාඩ්පතකින් වෙනත් අයකු විසින් යම් අකටයුත්තක් සිදු කළහොත් එහි හිමිකරු මතට එම වගකීම් සියල්ලම පැවරී එනු ඇත.

මේ සඳහා අවශ්‍ය තරම් උදාහරණ සැපයිය හැකිය.

ඉහත තරුණියගේ උදාහරණය ඉන් වැදගත් එකකි.

දෙවැන්න මෙරට අත්‍යවශ්‍ය සේවා ආයතනයක ප්‍රධාන ඉංජිනේරුවරයකුට වූ ඇබැද්දියකි.

ඔහු තම මේසය මත සිම් කාඩ්පත් කිහිපයක් නිරතුරුවම තබා තිබිණි. ඉන් එක් කාඩ්පතක් අන්තර්ජාල සබඳතා ලබා දෙන රවුටරයකට යොදා එමඟින් පහසුකම් ලබා ගැනීමට කවුරුන් විසින් හෝ කටයුතු කර ඇත. ඒ හේතුවෙන් එම ඉංජිනේරු මහතාගේ රැකියාව පවා අහිමි වන තත්ත්වයකට මේ වන විට පත්ව ඇත.

තඹුත්තේගම ප්‍රදේශයේ අකුරු ලිවීමට පවා නොහැකි තරුණයකුට පාණදුර පොලිසියට පැමිණෙන ලෙස පසුගිය දිනක ලිපියක් ලැබී තිබිණි. කොළඹට කිසි දිනක නොපැමිණි ඔහු තම ඥාතියකු සමඟ පැමිණියේය. පොලිසිය ඔහුට පවසා ඇත්තේ තමන් විසින් සොරකම් කරන ලද ජංගම දුරකථනය ලබා දෙන ලෙසයි.

සිදු වී ඇත්තේ තරුණයාගේ හැඳුනුම්පත අස්ථාන ගත වී ඇති අතර එමඟින් කවුරුන් හෝ සිම්පතක් මිලදී ගෙන සොරකම් කරන ලද දුරකථනයකට එය යොදා ඇමතුම් ලබා ගැනීමයි.

අකුරු ලිවීමට තරම් දැනුමක් නොතිබූ එම තරුණයාටත් ඉංජිනේරු මහතාටත් මුහුණ පෑමට සිදුව ඇත්තේ එකම සිදුවීම් රාමුවකට බව මෙයින් පැහැදිලිය. තරාතිරම කුමක් වුවත් මේ සිම් කාඩ්පතින් වන හානිය හා ඒ සඳහා මුහුණ පෑමට සිදුවන ගැටලුව සුළු පටු නොවේ.

තමා නමින් සිම් කාඩ් පතක් තිබේද යන්න සෙවීම ද එතරම් අපහසු නැත. දැනට ලංකාවේ භාවිතා වන ඩයලොග්, මොබිටෙල්, හච්, එයාර් ටෙල්, හා එටිසෙලාට් යන ජංගම දුරකථනයක් තමන් සතු නම් එම දුරකථනයෙන් #132# අංකයට ඇමතුමක් ලබා ගැනීමෙන් තමන් නමට ඇති සියලු සබඳතා විස්තර ලබා ගත හැකිය.

එමෙන්ම තමන් සතුව නොමැති සබඳතා සඳහා එම සමාගම්හි සේවා ආයතනයකට ගොස් තම හැඳුනුම්පත, ගමන් බලපත්‍රය රියැදුරු බලපත්‍රය ඉදිරිපත් කර තම නමට ඇති සබඳතා පිළිබඳව දැන ගැන්මට හැකියාව ඇත. තාක්ෂණික අතින් ලෝකය දියුණු වුවත් ලංකාවේ එවැනි සාමාන්‍ය දෙයක් හැරෙන්නට තම පරිගණකය ඉදිරියේ සිට තම සේවාව සලසා ගැන්මට හැකියාවක් නැත.

එමෙන්ම තම දුරකථනයේ ඉමි අංකය තමන් විසින් දැනගෙන තිබීමද ඉතාම වැදගත් වේ. ඉමි අංකය දැන්ම ඔබේ දුරකථනයෙන් සොයා ගැනීමට හැකියාව ඇත. ඒ සඳහා කළ යුත්තේ *#06# යන අංක ඇතුළත් කිරීම පමණයි. ඇමතුමක් ලබා ගැනීම හෝ අනවශ්‍යය. අංක ඇතුළත් කළ සැණින් ඉමි අංකය තිරයේ දිස් වේ. සිම් පත් දෙකක් ඇතුළත් කර හැකි දුරකථනයට ඉමි අංක දෙකක් ඇතුළත් ය.

ඇතැමුන් ඉමි අංකය බලා ගැනීම සඳහා දුරකථනය බහා ඇති පෙට්ටිය තබා ගනී. එය ඉතාම ගැටලු සහිත තත්ත්වයකි. බොහෝ අලෙවි ආයතන ජංගම දුරකථනය බහාලුම් පෙට්ටිය වෙනම තබා දුරකථනය කුමන හෝ පෙට්ටියකට බහා අලෙවි කරයි. එවිට වෙනත් දුරකථන බහාලුම් පෙට්ටියක් තමා වෙත ලැබුණහොත් තමා සටහන් කර ගනු ලබන්නේ වෙනත් අයකුට හිමි ඉමි අංකයකි. එය දැඩි අර්බුද ඇති කරන්නකි. තමාගේ අංකය තමන්ටම බලා ගත හැකි නිසා ඒ සඳහා වෙනත් විකල්ප අවශ්‍ය නොවේ.

එමෙන්ම වෙනත් අයකුගේ සිම් කාඩ් පත් ඔබ සතුව තබා ගැනීමෙන් වළකින්න. කෙතරම් හිතවත් අයකුට වුවත් තම සිම් කාඩ් පත ලබා නොදෙන්න. තම ස්වාමි පුරුෂයාගේ හෝ භාර්යාවගේ සිම් කාඩ්පත හෝ තබා ගැනීමෙන් පවා ගැටලු ඇති විය හැකියි. උදාහරණයක් ලෙස විදෙස් ගත තම ස්වාමි පුරුෂයාගේ සිම් කාඩ් පත තබාගෙන සිටින කාන්තාවකට එය අස්ථානව ගත වුවහොත් විසන්ධි කරවා ගැනීමේ හැකියාවක් නැත. යළි ලබා ගැනීමේ හැකියාවක් නැත. එය තම නමට හරවා ගැනීම මෙහිලා ලබා දිය හැකි එකම අවවාදයයි.

මේ කරුණු සලකා බලා ඔබ විසින් කළ යුතු වන්නේ තමන්ගේ ආරක්ෂාව තමන් විසින්ම සලසා ගැනීමයි. ඉමි අංකය සුරැකිව තබා ගන්න. තම නමට සබඳතා ඇත්දැයි සොයා බලන්න. තම හඳුනා ගැනීමේ පත් පිටපත් වෙනත් අය අතට පත් වීම වළක්වා ගන්න. එසේ වුවහොත් ඔබට සිදුවන සියලු අපහසුතා වළක්වා ගැනීමට හැකි වනු ඇත. එමෙන්ම දුරකථන අංක ලබා දීම දැඩි ගැටලුවක් ව ඇති හෙයින් කෙතරම් සුලභ ලෙසින් ඔබට ලබා ගත හැකි වුවත් අනිසි පරිදි සිම් කාඩ් පත් ලබා ගැනීමෙන් වළකින්න. එයත් ඔබට ලබා දිය හැකි අවවාදයක් බව හොඳින් මතක තබා ගන්න.

තාරක වික්‍රමසේකර


http://www.silumina.lk/2015/05/17/_art.asp?fn=sl15051710
slstock
slstock
Veteran
Veteran
Posts : 6216
Join date : 2014-06-12

මේ පුංචි ප්ලාස්ටික් කෑල්ලට ඔබ හිරේ යවන්නත් පුළුවන් Empty Re: මේ පුංචි ප්ලාස්ටික් කෑල්ලට ඔබ හිරේ යවන්නත් පුළුවන්

Sun May 17, 2015 9:28 pm
Very important news +
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor
Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම

මේ පුංචි ප්ලාස්ටික් කෑල්ලට ඔබ හිරේ යවන්නත් පුළුවන් Empty Re: මේ පුංචි ප්ලාස්ටික් කෑල්ලට ඔබ හිරේ යවන්නත් පුළුවන්

Sun May 17, 2015 10:36 pm
Thanks for sharing but I have a feeling the writer of the article has exaggerated things. Very Happy
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum