- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
මත්පැන් පානය හෘදය වස්තුවට බලපාන්නේ කොහොමද?
ඉඳහිට මත්පැන් ස්වල්පයක් පානය කළාට එසේත් නැතිනම් රතු වයින් පානය කළ විට හදවතට හොඳයැයි බොහෝ දෙනකු විශ්වාස කරනවා. රතු වයින් හෝ අනෙකුත් කුමන මත්පැන් වර්ගයක් හෝ ඉතා සුළු ප්‍රමාණවලින් දිනපතා පාවිච්චි කිරීමෙන් රුධිරයේ හිතකර කොලෙස්ටරෝල් සාන්ද්‍රණය යම් ප්‍රමාණයකින් ඉහළ යන බව සත්‍යයක්. නමුත් මත්පැන් පානය නිසා හෘදයේ පමණක් නොව ශරීරයේ අනෙකුත් ඉන්ද්රියයන් ගණනාවකට ඇති විය හැකි රෝග තත්ත්වයන් හා සලකා බලන විට හදවතට හොඳ යැයි කියා කිසිවකු හෝ මත්පැන් පානය කිරීම අනුමත කළ නොහැකියි. ඔබට රුධිරයේ කොලෙස්ටරෝල් සාන්ද්‍රණය වැඩිකර ගැනීමට අවශ්‍ය නම් කළ යුතු හොඳම දෙය වන්නේ දිනපතා ව්‍යායාමයක නිරත වීමයි.
අධික ලෙස මත්පැන් පානය කරන අයගේ රුධිර පීඩනය සහ හෘද ස්පන්දන වේගය ඉහළ යනවා. මේ නිසා හෘදයාබාධයක් ඇති වීමට තිබෙන ප්‍රවණතාවය වැඩියි. එමෙන්ම එලෙස මත්පැන් පානය කරන අය මත්පැන් සමග කෑමට ගන්නා කටගැස්ම වනුයේ තෙල් අධික ආහාර වන බැදපු මස්, බිත්තර, ඔම්ලට්, බැදපු කඩල, සොසේජස් වැනි දෑ නිසා සිරුරේ බර වැඩි වීමත්, සිරුරේ කොලෙස්ටරෝල් සාන්ද්‍රණය වැඩි වීමත් වක්‍ර ආකාරයෙන් හදවත් රෝගී වීමට බලපානවා. එමෙන්ම වැඩි වශයෙන් මත්පැන් ගත් විට එය හෘද පේශියේ ක්‍රියාකාරීත්වය දුර්වල කිරීමට හේතුවක් වනවා. එනිසා හෘදයට කාර්යක්ෂම ලෙස රුධිරය පොම්ප කිරීමට නොහැකි වීමත් හෘදය වස්තුව දුර්වල වීමත් සිදු වෙනවා. එසේම අධික ලෙස මත්පැන් පානය කරන අයගේ හෘද රිද්මයේ අක්‍රමිකතා නිසා ඇති වන රෝග ද වැඩියි.
මේ නිසා ඔබ මත්පැන් බොන අයෙකු නම් එය සම්පූර්ණයෙන්ම නවතා දැමීම හෝ හැකිතාක් සීමා කිරීම කළ යුතුයි. ඔබ මත්පැන් පානය නොකරන අයකු නම් හදවතට හොඳක් වේයැයි සිතා හෝ වෙනත් කුමන හේතුවක් නිසා හෝ මත්පැන් පානය කිරීම අරඹන්න එපා.
http://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=45616:2015-05-15-08-31-19&catid=54:rajina&Itemid=79
- slstockVeteran
- Posts : 6216
Join date : 2014-06-12
Re: මත්පැන් පානය හෘදය වස්තුවට බලපාන්නේ කොහොමද?
I have not studied in depth , but I think Genes also play a major part ( look am not encouraging drinking in anyway ) . If one takes a country like France and them wine drinking as habit it is an interesting situation.
As the article says. other than the drinking the "bites" make it worse.
- BackstageTop contributor
- Posts : 3803
Join date : 2014-02-24
Re: මත්පැන් පානය හෘදය වස්තුවට බලපාන්නේ කොහොමද?
slstock wrote:+.
I have not studied in depth , but I think Genes also play a major part ( look am not encouraging drinking in anyway ) . If one takes a country like France and them wine drinking as habit it is an interesting situation.
As the article says. other than the drinking the "bites" make it worse.
Alcoholics barks are worse than even the bites.
- xmartTop contributor
- Posts : 732
Join date : 2015-01-17
Re: මත්පැන් පානය හෘදය වස්තුවට බලපාන්නේ කොහොමද?
- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
Re: මත්පැන් පානය හෘදය වස්තුවට බලපාන්නේ කොහොමද?
xmart wrote:හ්ම්ම්.. මේක බීලා කථා කරන්න ඕන මාතෘකවක්!
Yes xmart you are right
- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
Re: මත්පැන් පානය හෘදය වස්තුවට බලපාන්නේ කොහොමද?
මද්‍යසාර යනු වර්තමානයේ බොහෝ පිරිස් විවිධ තල ඔස්සේ සිය අවධානය යොමු කරන එසේම විවිධ ආකාරයේ නිවාරණ වැඩසටහන් සහ පර්යේෂණයන් සුඑ පරිමාණයේ සිට ඉතා විශාල පරිමාණයක් දක්වා ක්‍රියාත්මක වන විෂයකි. පුද්ගලයන් විසින් මද්‍යසාර පිළිබදව තම මනසේ නගාගෙන ඇති චිත්‍රය විවිධාකාර වන අතර මෙම විවිධ වු චිත්‍රය ධනාත්මක තත්වයන්ගේ සිට සෘණාත්මක තත්වයන් යන දෙපසටම පැතිරී යන්නක් ලෙස පැහැදිලිව පෙනෙන කරුණකි. කෙසේ වෙතත් මෙම සෘණාත්මක වටහා ගැනිමි වල සත්‍යතාවක් නැති බව ඒවා කෙරෙහි මතු පිටින් නිරීක්ෂණය කලද අපට නිගමනය කළ හැකිය.
නමුත් මෙම සෘණාත්මක චිත්රයන් එකහෙලාම විශ්වාස නොකීරීමට ඒවායෙහි එල්බ සිටින පුද්ගලයන් පෙළඛෙන්නේ නැත. මද්‍යසාර කර්මාන්තයේ උපක්රමයන් ලෙස මෙම විවිධ සෘණාත්මක විශ්වාසයන් ප්‍රජාවන් තුල ජනිත කිරීම සිදුවන බව ද පැහැදිලි කරුණකි. මෙම තත්වය මත මද්‍යසාර කර්මාන්තයට තම රසායනිකය ප්‍රජාව තුළ තව තවත් ව්‍යාප්ත කීරීමට ඉවහල් වන පරිසරයක් නිිර්මාණය වන බව පෙනේ. සාමාන්‍යයෙන් මද්‍යසාර අවපීඩකයක් ලෙස වර්ගීකරණය කෙරෙන අතර එමගින් මද්‍යසාර භාවිත කරන්නාගේ මධ්‍ය ස්නායු පද්ධතිය ම`ගින් පාලනය වන ඔහුගේ චලනයල කථනය සහ ප්‍රතිචාර දැක්වීමි වේගය අඩු වී යාමක් සිදුවේ. නමුත් බොහෝ මද්‍යසාර භාවිත කරන්නන් මද්‍යසාර පානය කරන්නේ උත්තේජ බලපෑමක් අපේක්ෂාවෙනි. රසායන විද්‍යාවට අනූව මද්‍යසාරයේ අඩංගු ප්‍රධාන රසායනය ඊතයිල් මද්‍යසාරය වේග ඉහත සදහන් කළ ලෙස මෙම රසායනිකය ස්නායු පද්ධති අවපීඩකයක් ලෙසට අපට හදුනාගත හැකිය.
කෙනෙකු පානය කරන මද්‍යසාර මොළය වෙත ළගා වීමට සැළකිය යුතු කාලයක් ගතවේ. එනමි මද්‍යසාර භාවිත කරන්නා අපේක්ෂා කරන මද්‍යසාරයේ වෙනස මද්‍යසාරය භාවිත කල ක්ෂණයකින් ලැබිය නොහැකිය. එපමණක් නොව තමා භාවිත කරන මද්‍යසාර ප්‍රමාණය අනූවද මෙම අපේක්ෂිත වෙනසේ් වෙනස්කමි පැවතිය යුතුය. නමුත් මද්‍යසාර භාවිත කරන්නන්ගෙන් ප්‍රායෝගිකව අප අත්දකින උදාහරණය නම් මද්‍යසාර පානයත් සමග භාවිත කරන්නාගේ උත්තේජ අපේක්ෂාවන් වෙත ඔහු ළගා වීමට උත්සහ කරණ බවය. කෙසේ වෙතත් ඊතයිල් මද්‍යසාරයේ රසායනික බලපෑම මද්‍යසාර භාවිත කරන්නා අපේක්ෂා කරන අපේක්ෂාවන්ට වඩා පැහැදිලිවම වෙනස්ය. හිිස බර ගතිය, වමනය, නිදිමත, බඩ දැවිල්ල, අධික දහඩිය, ඔක්කාරය ආදී විවිධ ලක්ෂණ මද්‍යසාරයේ රසායනිකය ඇති කරන බව මද්‍යසාර භාවිත නීරීක්ෂණ පෙන්වා දෙයි. එනමි මනා ලෙස පෙනී යන කරුණ නමි මද්‍යසාර රසායනිකය මද්‍යසාර භාවිත කරන්නා විසින් අපේක්ෂිත උත්තේජනයට වඩා හාත්පසින්ම වෙනස් ප්රතිඵලයන් වෙතට ඔහුව නතු කරන බවය.
මද්‍යසාර අඩංගු ප්‍රතිශතය අනූව වෙළදපලේ අලෙවි වන මද්‍යසාර විවිධ කාණ්ඩ වලට අයත් වුවද මෙම ඕනෑම වර්ගයක රසායනික ප්‍රතිපලය ඉහත ආකාර වේග අප අවට සමාජ පරිසරය පෙන්වාදෙන ලෙස මද්‍යසාර භාවිතය වර්තමානයේ ජනප්‍රිය සමාජ ක්‍රියාකාරකමක් බවට පත්ව ඇත. නමුත් බොහෝ මද්‍යසාර භාවිත කරන්නන් මෙන්ම නොකරන්නන් ද ඉහත සදහන් කල සැබෑ ක්‍රියාකාරීත්වය පිළිබදව අවබෝධ කොට නැති බවත් මද්‍යසාර වල කටුකල නීරසල අප්‍රසන්න බව අත්විදින නමුදු, එය සාමාන්‍යකරණය කිරිමට උත්සහ කිරිමත් මෙම ජනප්‍රිය සමාජ ක්‍රියාකාරකමක් වීමට හේතුව වී ඇත.
කලහකාරීත්වය නැතහොත් ආරවුල් ඇති කිරීම සාමාන්‍යයෙන් විග්රහ කරන්නේ යමි පුද්ගලයෙක් තවත් පුද්ගලයෙක් වෙත සිදු කරන විරුද්ධව බාධා පැමිණිෙමි චර්යාවන් ලෙසටය. කලහකාරිත්වය යන්න මානසික බලපෑමක් ලෙස විග්රහ කල හැක්කක් මෙන්ම ප්රචණ්ඩත්වය යන විෂයට විශාල වපසරියකින් අයත් වන්නකි. එසේම කලහාකාරී ක්‍රියාවන් නැතහොත් ආරවුල් ඇති කිරිමට උත්සහ ගැනිම ඉලක්ක කරන පුද්ගලයාට හෝ වස්තුවට හානියක් කිරිමට සමත් ක්‍රියාවන් ලෙස පෙනී යයි. ප්රචණ්ඩත්වය යන්න කායිකව යමි ප්රජාවකට හෝ යමි කෙනෙකුට සිදුකරන කායික හානියක් හෝ මානසික හානියක සිට මරණයක් දක්වා විහිදී යයි. මද්‍යසාර පදනමි කර ගත් කලහකාරීත්වය හෝ ප්රචණ්ඩත්වය පිලිබදව පර්යේෂණාත්මක, විශ්ලේෂණාත්මක මෙන්ම විස්තරාත්මක අධ්‍යනයන් ලෝකය පුරා වසර ගණනාවක අතීතතයක සිට සිදුකරමින් පවතී.
නමුත් මෙම අධ්‍යන ප්‍රධාන ධ්රැව දෙකක් ඔස්සේ සිදුවන බව පැහැදිලිව පෙනේ. එනමි සමහර පර්යේෂකයන් මද්‍යසාර මගින් ප්රචණ්ඩත්වය හෝ කලහකාරිත්වය ඇති වන බව පෙන්වා දෙන අතර ඇතැමි පර්යේෂකයන් නිගමනය කරන්නේ මද්‍යසාර පදනමි ප්රචණ්ඩත්වයක් හෝ කළහකාරීත්වයක් නැති බවයි. කෙසේ වෙතත් මද්‍යසාර රසායනිකයේ සැබෑ යොමුව ප්රචණ්ඩත්වයක් ඇති කිරිමක් සිදුවීමට හේතු නොවේ. නමුත් මද්‍යසාර භාවිත කරන්නන් මෙන්ම ඇතැමි භාවිත නොකරන්නන්ගේ අදහස නමි මද්‍යසාර භාවිත ප්රචණ්ඩත්වය සාමාන්‍ය දෙයක් බවයි.
මාධ්‍ය තුලින් හෝ කර්මාන්ත උපක්‍රම තුලින් හෝ සමාජ අත්දැකීමි ආදී විවිධ ආකාර තුළින් ප්‍රජාව සිය මනස තුල ඇති කර ගන්නා වැරදි ආකල්පයක් ලෙස මද්‍යසාර භාවිත ප්රචණ්ඩත්වය හෝ කලහකාරීත්වය හදුන්වා දෙන්න හැකියි. මෙම නිසා මද්‍යසාර භාවිතය සමග එහි සැබෑවට පෙනෙන සංසිද්ධි පසක ලා සමාජය තුල පවතින චර්යාවන් නිරූපණයට මද්‍යසාර භාවිත කරන්නාගේ පෙලබීමක් ඇති වනවා විය හැකිය. එසේම මද්‍යසාර භාවිත නොකරන ඔහු අවට සිටින අනෙකුත් ප්‍රජාවන් මද්‍යසාර භාවිත කලහකාරීත්වයට හෝ ප්‍රචණ්ඩත්වයට ලබා දෙන අවසරයද මද්‍යසාර භාවිත කරන්නන්ගේ මෙම අපේක්ෂිත චර්යාව නිරුපණයට රුකුලක් වේ.
“අපේ මහත්තය හො`දයි…… බිවිවම තමයි ටිකක් සැර”
” එයා දන්නේ නෑ බිවිවම මොකද කරන්නේ කියලා”
” මේ මනුස්සයා බිව්වම යකෙක් වෙනවා”
ඉහත දක්වා ඇත්තේ ප්‍රජාවෙන් මද්‍යසාර භාවිත කරන්නා පිළිබදව පැවසෙන අදහස් කිහිපයකි. ෙමිවායින් පෙනී යන්නේ මද්‍යසාර භාවිත කරන්නන්ට සමාජය විසින් මද්‍යසාරය මත වරදක් පටවා ඔහුගේ ප්‍රචණ්ඩකාරී චර්යාව වසා දැමීමට දැනුවත්ව හෝ නොදැනුවත්ව හවුල් වී ඇති බවයි. ඔහුගේ ප්‍රචණ්ඩත්වයට ලබා දී ඇති ඉහත ආකාරයේ අවසරයන් ඔවුන්ගේ ප්‍රචණ්ඩාත්මක චර්යාවන් තව තවත් සිදු කිරීමට හේතු ෙවි. මද්‍යසාර භාවිත ප්‍රචණ්ඩාත්මක චර්යාවන් කෙරෙහි අවසරයක් සමාවක් නොදෙන්නේ නමි මද්‍යසාර භාවිත චර්යාවන් නිරුපණයක් බලාපොරොත්තු විය නොහැකිය.
මෙම සමාජ අවසරය පිලිබදව ප්‍රජාවගේ දැනුවත් වීම ද එතරමි ගැඔුරට යන්නක් නොවේ. එසේම මෙම තත්වය ප්‍රජාව තුල ආකල්පමය වෙනසක සිට චර්යාමය වෙනස දක්වා ගෙන යාමද එතරමි පහසු කටයුත්තක් නොවේ. කෙසේ වෙතත් සුඑ පරිමාණයෙන් හෝ ආරම්භ කර ප්‍රජාව තුල ඇති කළ යුත්තේ මෙවැනි තත්වයන් පිලිබද මැදිහත් වීම්ය. වඩා වැදගත් වන්නේ මේ පිළිබදව අවබෝධය දියුණු කිරීම පමණක්ම නොවේග ප්‍රජා ක්‍රියාකාරකම් ශක්තිමත් කරමින් ප්‍රායෝගික යොමුවක් ඇති කිරීමය.
ප්‍රභාත් පල්ලෙවත්ත (B.Sc. Special in Health Promotion, Reading for M.Phil. in Community Medicine)
Healthy Lanka Alliance for Development
https://healthylanka001.wordpress.com/2014/12/03
- Deegoda Gamage
- Posts : 203
Join date : 2014-03-22
Re: මත්පැන් පානය හෘදය වස්තුවට බලපාන්නේ කොහොමද?
Do not go extremes
Follow middle path