- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
චීනය නිසා ලෝක කොටස් වෙළඳ පළ අවපාතයක
25 අගෝස්තු 2015
චීන කොටස් වෙළඳපළ නැවතත් අවපාතයකට ලක් වී ඇති අතර ෂැන්හයි මිල දර්ශකය 7.5% ට වැඩි අගයකින් පහළ ගොස් තිබේ.
දෙදහස් හත වසරේ සිට චීන කොටස් වෙළඳපළ තුළ මුහුණ දුන් විශාලතම පසුබෑම සඳුදා වාර්තා විය.
එය 8.5% ක පසුබෑමක්.
චීන කොටස් වෙළඳපළේ පසුබෑම ලෝකයේ වෙනත් රටවලට විවිධ අයුරින් බලපා තිබේ.
ජපානයේ කොටස් මිල දර්ශකය 4% ආසන්න අගයකින් පසුබෑමකට ලක් වී තිබෙන නමුත් ඔස්ට්‍රේලියාවේ සහ යුරෝපා කොටස් වෙළඳපොළවල අගය යම් කිසි මට්ටමක රඳා පවතියි.
ලිස්බන්, මැඩ්රිඩ් සහ මිලාන් කොටස් මිල දර්ශක උදයවරුව වන විට 3%ක වර්ධනයක් පෙන්නුම් කළ අතර මොස්කව් කොටස් මිල දර්ශකය පෙන්නුම් කළ වර්ධනය 2%ක්.
පාඩුව ඩොලර් බිලියන පන්සීයක්
ලෝව පුරා කොටස් වෙළඳපොළ තුළ සඳුදා ඇති වූ තීව‍්‍රර අවපාතය හේතුවෙන් සිදු තිබෙන පාඩුව ඩොලර් බිලියන පන්සීයකට අධික බව ඇතැම් ඇස්තමේන්තු වාර්තාවල සඳහන්.
චීන ආර්ථිකයේ පසුබෑම ලොව පුරා ඇති අනෙකුත් ව්‍යාපාරවලට බලපානු ඇති බවට ආර්ථික විශ්ලේෂකයෝ බිය පළ කරති.
උදාහරණයක් වශයෙන් ජංගම දුරකථන සහ පරිගණක ක්ෂේත්‍රයේ දැවැන්තයකු වන ඇමරිකානු ඇපල් සමාගමට චීනයේ ආර්ථික පසුබෑම දැඩි ලෙස බලපා තිබේ.
ඒ හේතුවෙන් පසුගිය දින කිහිපය තුළ පණක් එම සමාගමට අහිමි වූ කොටස් මිලවල අගය ඇමරිකානු ඩොලර් බිලියන 158ක්.
චීනය තුළ වර්ධනය වෙමින් පවතින මධ්‍යම පන්තිය ඇපල් ජංගම දුරකතන සමාගමේ එක් වෙළඳපොළ ඉලක්කයක්.
චීනය තුළ ඇපල් නිෂ්පාදන මිලදී ගැනීමේ වේගය අඩු වුවහොත් එම සමාගමේ වෙළඳපොළ අපසරණයකට ලක් විය හැක.
http://www.bbc.com/sinhala/world/2015/08/150825_smbp_china_market
- sereneTop contributor
- Posts : 4850
Join date : 2014-02-26