සුපිරි සඳ පැයක් සැඟවෙයි
- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
සුපිරි සඳ පැයක් සැඟවෙයි
බිනර පොහොය යෙදී ඇති ඉරිදා සඳ වෙනත් පුන් පොහෝ දිනවලට වඩා සියයට 17ක් විශාලත්වයෙන් වැඩි සහ සියයට 30ක් දීප්තියෙන් වැඩිපුර දිස්වන බව ඇමෙරිකානු නාසා ආයතනය පවසයි. මෙවැනි තත්ත්වයක් ඇතිවන්නේ වසර 30ට පසුව වීම ද විශේෂත්වයකි. එලෙස සඳ දර්ශනය වනවිට හඳුන්වන්නේ සුපර් මූන් යනුවෙනි.
රාත්‍රී කාලයේ දී වඩාත් දීප්තියෙන් බබලන චන්ද්‍රයා මතට අලුයම කාලයේ දී පෘථිවියේ හෙවනැල්ල වැටීම හේතුවෙන් චන්ද්‍ර ග්‍රහණයක් ඇතිවන බවත් තාරකා විද්‍යාඥයෝ කියති. මේ චන්ද්‍ර ග්‍රහණය පැයකුත් විනාඩි 11ක කාලයක් උතුරු හා දකුණු ඇමෙරිකාවට, යුරෝපයට, අප්‍රිකාවට, බටහිර ආසියාවේ කොටසකට නැගෙනහිර පැසිෆික් ප්‍රදේශයට පෙනෙන බව නාසා ආයතනය කියයි. එම චන්ද්‍ර ග්‍රහණය ශ්‍රී ලාංකිකයන්ට දැක ගැනීමට ලැබෙන්නේ නැත.
මෙවැනි සුපිරි සඳක් මෙයට පෙර 1910, 1928, 1946,1964 හා 1982 වර්ෂවල දී දිස්වී ඇති බව ද තාරකා විද්‍යාඥයෝ කියති.
සඳ පෘථිවිය වටා ගමන් කරණ මාර්ගය ඉලිප්සාකාර වීම හේතුවෙන් මෙලෙස සුපිරි සදක් දර්ශනය වෙයි. සුපිරි සඳ දක්නට ලැබෙන්නේ චන්ද්‍රයා පෘථිවියට ආසන්නයෙන්ම ගමන් කරණ පුන් පොහෝ දිනක දී ය.
චන්ද්‍රයා පෘථිවියට වඩාත් ආසන්නයෙන් ගමන් කරණ බැවින් රාත්‍රී කාලයේ දී පෘථිවියේ වඩදිය තත්ත්වය වඩාත් උස්ව ඇතිවිය හැකි බැවින් බියට පත්නොවන ලෙස ද තාරකා විද්‍යාඥයෝ කියති.
- Hybrid
- Posts : 745
Join date : 2015-02-03
Location : Colombo
Re: සුපිරි සඳ පැයක් සැඟවෙයි
Utheyata thamai hitinne.
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම
Re: සුපිරි සඳ පැයක් සැඟවෙයි
(Thank Nihal and Hybrid for saving our time trying to climb up to the roof top).
- chutiputhaTop contributor
- Posts : 1948
Join date : 2014-11-09
Age : 37
Location : SL
Re: සුපිරි සඳ පැයක් සැඟවෙයි
මම හොදට නිදාගත්තා,රෑ ඇහැරිලා ඉන්න වෙන නිසා...
- slstockVeteran
- Posts : 6216
Join date : 2014-06-12
Re: සුපිරි සඳ පැයක් සැඟවෙයි
Sandata pissu naetha.
Apata pissu atha.
- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
Re: සුපිරි සඳ පැයක් සැඟවෙයි
මතක් වෙන්නේ kass ගේ ආච්චි.
දවසක් කිව්වා
"හඳ මෝරනකොට පිස්සු තද වෙනවා කියල අපේ ආච්ච් කියනවා"
හරියට හරි
- chutiputhaTop contributor
- Posts : 1948
Join date : 2014-11-09
Age : 37
Location : SL
Re: සුපිරි සඳ පැයක් සැඟවෙයි
nihal123 wrote:ඔන්න ඔය වෙලාවට තමා පින්වතුනි,
මතක් වෙන්නේ kass ගේ ආච්චි.
දවසක් කිව්වා
"හඳ මෝරනකොට පිස්සු තද වෙනවා කියල අපේ ආච්ච් කියනවා"
හරියට හරි
- kassTop contributor
- Posts : 470
Join date : 2014-02-27
Re: සුපිරි සඳ පැයක් සැඟවෙයි
nihal123 wrote:ඔන්න ඔය වෙලාවට තමා පින්වතුනි,
මතක් වෙන්නේ kass ගේ ආච්චි.
දවසක් කිව්වා
"හඳ මෝරනකොට පිස්සු තද වෙනවා කියල අපේ ආච්ච් කියනවා"
හරියට හරි