- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
නීති විරෝධීව උපයා ඇති ලංකා රජයට අයත් මුදල් ආපසු ගැනීමට ස්විස් සහාය
ස්විස්ටර්ලන්තයේ පිහිටි පාලනය පිළිබඳ බාසල් ආයතනය, ලොව පුරා රාජ්‍ය හා පෞද්ගලික අංශවල දූෂණය හා වෙනත් මූල්‍ය අපරාධ මැඩපැවැත්වීමේ ක්‍රියාවලීන් දියුණු කිරීම සඳහා කටයුතු කරන, ලාභ ඉපයීම අරමුණු කර නොගත් ස්වාධීන ආයතනයකි.
ශ්‍රී ලංකා රජය විසින් දූෂණයට හා මූල්‍ය අපරාධවලට එරෙහිව සිදුකරන කටයුතු සම්බන්ධයෙන් ස්විස්ටර්ලන්ත රජයේ සහාය ඉල්ලා සිටීමේ ප්‍රතිඵලයක් වශයෙන් මෙම ගිවිසුමට එළඹීමට නියමිතය.
අවශ්‍ය අවස්ථාවල දී ශ්‍රී ලංකාවේ අධිකරණ බල ප්‍රදේශයෙන් පිටත කිරීමට සිදුවන අධිකරණ කටයුතු සඳහා ද මෙම ආයතනයේ මඟ පෙන්වීම මේ අනුව ලැබෙනු ඇත.
http://biz.adaderana.lk/