The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting
Search
Display results as :
Advanced Search
Latest topics
CCS.N0000 ( Ceylon Cold Stores)Wed Mar 20, 2024 11:31 amHawk Eye
When Will It Be Safe To Invest In The Stock Market Again?Wed Apr 19, 2023 6:41 amකිත්සිරි ද සිල්වා
Dividend AnnouncementsWed Apr 12, 2023 5:41 pmකිත්සිරි ද සිල්වා
MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීමThu Apr 06, 2023 3:18 pmකිත්සිරි ද සිල්වා
SEYB.N0000 (Seylan Bank PLC)Thu Mar 30, 2023 9:25 amyellow knife
The Korean Way !Wed Mar 29, 2023 7:09 amකිත්සිරි ද සිල්වා
In the Meantime Within Our Shores! Mon Mar 27, 2023 5:51 pmකිත්සිරි ද සිල්වා
What is Known as Dementia?Fri Mar 24, 2023 10:09 amකිත්සිරි ද සිල්වා
SRI LANKA TELECOM PLC (SLTL.N0000)Mon Mar 20, 2023 5:18 pmකිත්සිරි ද සිල්වා
THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)Mon Mar 20, 2023 5:10 pmකිත්සිරි ද සිල්වා
Equinox ( වසන්ත විෂුවය ) !Mon Mar 20, 2023 4:28 pmකිත්සිරි ද සිල්වා
COMB.N0000 (Commercial Bank of Ceylon PLC)Sun Mar 19, 2023 4:11 pmකිත්සිරි ද සිල්වා
REXP.N0000 (Richard Pieris Exports PLC)Sun Mar 19, 2023 4:02 pmකිත්සිරි ද සිල්වා
RICH.N0000 (Richard Pieris and Company PLC)Sun Mar 19, 2023 3:53 pmකිත්සිරි ද සිල්වා
Do You Have Computer Vision Syndrome?Sat Mar 18, 2023 7:36 amකිත්සිරි ද සිල්වා
LAXAPANA BATTERIES PLC (LITE.N0000)Thu Mar 16, 2023 11:23 amකිත්සිරි ද සිල්වා
What a Bank Run ?Wed Mar 15, 2023 5:33 pmකිත්සිරි ද සිල්වා
104 Technical trading experiments by HUNTERWed Mar 15, 2023 4:27 pmkatesmith1304
GLAS.N0000 (Piramal Glass Ceylon PLC)Wed Mar 15, 2023 7:45 amකිත්සිරි ද සිල්වා
Cboe Volatility Index Tue Mar 14, 2023 5:32 pmකිත්සිරි ද සිල්වා
AHPL.N0000Sun Mar 12, 2023 4:46 pmකිත්සිරි ද සිල්වා
TJL.N0000 (Tee Jey Lanka PLC.)Sun Mar 12, 2023 4:43 pmකිත්සිරි ද සිල්වා
CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)Sun Mar 12, 2023 4:41 pmකිත්සිරි ද සිල්වා
COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))Fri Mar 10, 2023 4:43 pmyellow knife
Bitcoin and Cryptocurrency Fri Mar 10, 2023 1:47 pmකිත්සිරි ද සිල්වා
CSD.N0000 (Seylan Developments PLC)Fri Mar 10, 2023 10:38 amyellow knife
PLC.N0000 (People's Leasing and Finance PLC) Thu Mar 09, 2023 8:02 amකිත්සිරි ද සිල්වා
Bakery Products ?Wed Mar 08, 2023 5:30 pmකිත්සිරි ද සිල්වා
NTB.N0000 (Nations Trust Bank PLC)Sun Mar 05, 2023 7:24 amකිත්සිරි ද සිල්වා
Going South Sat Mar 04, 2023 10:47 amකිත්සිරි ද සිල්වා
When Seagulls Follow the TrawlerThu Mar 02, 2023 10:22 amකිත්සිරි ද සිල්වා
Re-activatingSat Feb 25, 2023 5:12 pmකිත්සිරි ද සිල්වා
SAMP.N0000 (Sampath Bank PLC)Wed Nov 30, 2022 8:24 amකිත්සිරි ද සිල්වා
APLA.N0000 (ACL Plastics PLC)Fri Nov 18, 2022 7:49 amකිත්සිරි ද සිල්වා
AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.Wed Nov 16, 2022 9:28 pmකිත්සිරි ද සිල්වා
Banks, Finance & Insurance Sector ChartTue Nov 15, 2022 5:26 pmකිත්සිරි ද සිල්වා
VPEL.N0000 (Vallibel Power Erathna PLC)Sun Nov 13, 2022 12:15 pmකිත්සිරි ද සිල්වා
DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.Mon Nov 07, 2022 6:36 pmකිත්සිරි ද සිල්වා
WATA - WatawalaSat Nov 05, 2022 8:44 amකිත්සිරි ද සිල්වා
KFP.N0000(Keels Food Products PLC)Sat Nov 05, 2022 8:42 amකිත්සිරි ද සිල්වා
Capital Trust Broker in difficulty?Fri Oct 21, 2022 5:25 pmකිත්සිරි ද සිල්වා
IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?Thu Oct 20, 2022 10:13 amකිත්සිරි ද සිල්වා
What Industry Would You Choose to Focus?Tue Oct 11, 2022 6:39 pmකිත්සිරි ද සිල්වා
Should I Stick Around, or Should I Follow Others' Lead?Tue Oct 11, 2022 9:07 amකිත්සිරි ද සිල්වා
DV-2024 Program: Online RegistrationThu Oct 06, 2022 11:26 amකිත්සිරි ද සිල්වා
Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

Go down
avatar
Rana
Top contributor
Top contributor
Posts : 1786
Join date : 2015-12-16

මුදල් නෝට්‌ටු කඩදාසි කරන මොකක්‌ද මේ උද්ධමනය? Empty මුදල් නෝට්‌ටු කඩදාසි කරන මොකක්‌ද මේ උද්ධමනය?

Tue Feb 16, 2016 12:53 am
Message reputation : 100% (2 votes)
divaina
මිල වැඩිවීම පිළිබඳව පාරිභෝගිකයන් වශයෙන් අප තුළ Rන ආකල්පයක්‌ තිබුණද සමහර ආර්ථික විද්‍යාඥයන් පවසන්නේ උද්ධමනය ආර්ථිකයක්‌ වර්ධනය වීමට අවශ්‍ය සාධකයක්‌ බවය. මිට හේතුව වන්නේ භාණ්‌ඩවල මිල වැඩිවීම, නිෂ්පාදන අංශයට ලාභ ලැබීම සඳහා නිෂ්පාදනය ඉහළ දැමීමටත් නවොත්පාදන ක්‍රම සොයා ගැනීමටත් අනුබලයක්‌ ලබාදෙන නිසාය. නමුත් උද්ධමනය මගින් පාරිභෝගිකයාගේ මිලදී ගැනීමේ හැකියාව හීන කරයි, බැංකු ඉතුරුම්වල වටිනාකම පහළ වට්‌ටයි, ආයෝජන අධෛර්යමත් කරයි, ආර්ථිකයේ තරගකාරී බව අඩු කරයි.

මීට වසර 10 කට පෙර රුපියල් 1,000 කින් මිලදීගත් භාණ්‌ඩ ප්‍රමාණය අද එම මුදලින් ලබාගත හැකි භාණ්‌ඩ ප්‍රමාණයට වඩා වැඩි බව අප සියල්ලෝම දනී. මේ අයුරින් අප අතීතයට ගොස්‌ බැලුවහොත්, එක්‌ එක්‌ කාලවලදී ඊට පෙර දශකයේ යම් නියත මුදල් ප්‍රමාණයකින් මිලදීගත් භාණ්‌ඩ ප්‍රමාණය එම අදාළ කාලවලදී එම මුදල් ප්‍රමාණයෙන්ම මිලදීගත හැකි භාණ්‌ඩ ප්‍රමාණයට වඩා සෑම විටම වැඩි බව අපට හැඟී යනු ඇත. මෙසේ ක්‍රම ක්‍රමයෙන් භාණ්‌ඩ මිල ඉහළ යන්නේ කුමක්‌ නිසාද? මෙම සංසිද්ධිය උද්ධමනය ලෙස හඳුන්වනු ලැබේ. උද්ධමනය යනු අප කවුරුත් හොඳින් අසා ඇති මාතෘකාවකි. එය අප සැම දෙනාගේ ජීවිතය සමග ඉතා කිට්‌ටුවෙන් සම්බන්ධ වේ. එමනිසා උද්ධමනය පිළිබඳව සරල අවබෝධයක්‌ සෑම අයෙකු තුළම තිබීම වැදගත්ය.

උද්ධමනය යනු භාණ්‌ඩ හා සේවාවල මිල මට්‌ටම වැඩිවීමේ වේගය ලෙස සරලව අර්ථ දැක්‌විය හැක. එමගින් යම් ආර්ථිකයක්‌ තුළ පාරිභෝගිකයන්ගේ මිලදීගැනීමේ හැකියාව පිළිබඳව යම් අදහසක්‌ ලබා ගතහැක. උද්ධමනය කුඩා අගයක්‌ තුළ පවත්වා ගැනීම මගින් පාරිභෝගිකයන්ගේ මිලදීගැනීමේ හැකියාව සහ ඉතිරි කිරීමේ හැකියාව වර්ධනය කිරීමට රජය සහ මහා බැංකුව කටයුතු කරයි. උද්ධමනය නිර්ණය කිරීම සඳහා ප්‍රධාන වශයෙන් භාවිතා කරන දර්ශකය වන්නේ උද්ධමන අනුපාතිකයයි. 2015 වසරේ ශ්‍රී ලංකාවේ වාර්ෂික උද්ධමන අනුපාතිකය 3.8% ලෙස වාර්තා වී ඇත. සරලව ගතහොත් මින් අදහස්‌ කරන්නේ ඊට වසරකට පෙර, එනම් 2014 වසරේ භාණ්‌ඩ මිල මට්‌ටමට වඩා 2015 වසර තුළ මිල මට්‌ටම 3.8% කින් වර්ධනය වී ඇති බවය. මෙය සාමාන්‍යයෙන් මෘදු අගයක්‌ ලෙස සලකනු ලැබේ. 2015 වසර තුළ දී උද්ධමනය, ඉන්දියාවේ 3.78% ක්‌ ලෙසද, ඇමෙරිකාවේ 0.7% ක්‌ ලෙසද, චීනයේ 1.46% ක්‌ ලෙසද ලෙස වාර්තා වී ඇත. වර්තමානයේ උද්ධමනය වැඩි රටවල් ලෙස යුක්‌රේනය (49.98%), දකුණු සුඩානය (41.1%) හා යේමනය (30.03%) දැක්‌විය හැක.

උද්ධමනය ඇතිවීමට බොහෝ හේතු ඇත. යම් ආර්ථිකයක්‌ තුළ භාණ්‌ඩ හා සේවාවලට ඇති ඉල්ලුම නිෂ්පාදනයට වඩා වැඩි නම් උද්ධමනය ඇති විය හැක. ජනතාව අතර මුදල් වැඩියෙන් ගැවසෙන විට භාණ්‌ඩ හා සේවා සඳහා ඉල්ලුම වැඩිවන අතර මෙමගින් උද්ධමනය ඇතිවේ. උදාහරණයක්‌ ලෙස, සැලකිය යුතු මට්‌ටමේ පඩි වැඩි කිරීමක්‌ මුළු රාජ්‍ය හෝ පෞද්ගලික අංශයට එකවිට සිදු වූයේ යයි සිතමු. එවිට එම අදාළ අංශයේ පුද්ගලයන්ගේ භාණ්‌ඩ හා සේවා පරිභෝජනය වැඩි විය හැක. නමුත් කෙටි කාලීනව පරිභෝජනයට සමානුපාතිකව නිෂ්පාදනය වැඩි වන්නේ නැත. මිට හේතුව වන්නේ නිෂ්පාදනය ඉහළ දැමීම තරමක්‌ සංකීර්ණ කාරණයක්‌ වන බැවින් ඒ සඳහා යම් කාලයක්‌ නිෂ්පාදකයන්ට ගත කිරීමට සිදු වීමයි. මේ අවස්‌ථාවේ දී තාවකාලිකව බඩු මිල වැඩි විය හැක. රටේ සමස්‌ත නිෂ්පාදන හැකියාව අඩු නම් මෙම මිල වැඩි වීම මධ්‍ය හෝ දීර්ඝකාලීන විය හැක. මුදල් අච්චු ගැසීම මගින් ද උද්ධමනය ඇති විය හැක. එමෙන්ම සමස්‌ත ආර්ථිකයේ නිෂ්පාදන වියදම ඉහළ යන විටද උද්ධමනය ඇති විය හැක. උදාහරණයක්‌ වශයෙන් තෙල් මිල ඉහළ යැමේ ප්‍රතිපලයක්‌ ලෙස භාණ්‌ඩ මිල ඉහළ යැම අප සියලු දෙනා අත්විඳ ඇත.

මිල වැඩිවීම පිළිබඳව පාරිභෝගිකයන් වශයෙන් අප තුළ Rන ආකල්පයක්‌ තිබුණද සමහර ආර්ථික විද්‍යාඥයන් පවසන්නේ උද්ධමනය ආර්ථිකයක්‌ වර්ධනය වීමට අවශ්‍ය සාධකයක්‌ බවය. මිට හේතුව වන්නේ භාණ්‌ඩවල මිල වැඩිවීම, නිෂ්පාදන අංශයට ලාභ ලැබීම සඳහා නිෂ්පාදනය ඉහළ දැමීමටත් නවොත්පාදන ක්‍රම සොයා ගැනීමටත් අනුබලයක්‌ ලබාදෙන නිසාය. නමුත් උද්ධමනය මගින් පාරිභෝගිකයාගේ මිලදී ගැනීමේ හැකියාව හීන කරයි, බැංකු ඉතුරුම්වල වටිනාකම පහළ වට්‌ටයි, ආයෝජන අධෛර්යමත් කරයි, ආර්ථිකයේ තරගකාරී බව අඩු කරයි.

උද්ධමනය නිර්ණය කිරීම එතරම් ලෙහෙසි පහසු කටයුත්තක්‌ නොවේ. ලංකාවේ උද්ධමනය නිර්ණය කිරීමේ කාර්යය සපුරාලන්නේ ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසිනි. උද්ධමනය නිර්ණය කිරීම සඳහා පාරිභෝගික මිල දර්ශකයක්‌ යොදා ගනු ලැබේ. පාරිභෝගික මිල දර්ශකයක්‌ යනු යම් ආර්ථිකයක්‌ තුළ සාමාන්‍ය ගෘහස්‌ථයක පරිභෝජනය හෝ ජීවන වියදම නියෝජනය වන අයුරින් තෝරා ගන්නා ලද භාණ්‌ඩ හා සේවා ලැයිස්‌තුවක මුල්‍යමය වටිනාකමයි. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් එක්‌ එක්‌ කාලපරිච්ඡේද තුළ මෙම ලැයිස්‌තුවේ වටිනාකමේ වෙනස්‌වීම් සංසන්දනය කරනු ලැබේ. එමගින් පාරිභෝගික මිල දර්ශකයේ ඇතිවන උච්චාවචන අනුව උද්ධමනය නිර්ණය කළ හැක. මේ අනුව දැන් පවතින මිල මට්‌ටම ඊට ඉහත කාල පරිච්ඡේදයට සාපේක්‌ෂව කෙතරම් ප්‍රතිශතයකින් වැඩිවී ඇත්දැයි යන්න ගණනය කෙරේ. පසුගිය වසරේ නොවැම්බර් සිට ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් නවතම පාරිභෝගික මිල දර්ශකය ලෙස ජාතික පාරිභෝගික මිල දර්ශකය, උද්ධමනය නිර්ණය කිරීම සඳහා භාවිතා කරමින් සිටි. මෙහි මූල වර්ෂය ලෙස 2013 වර්ෂය තෝරාගෙන ඇත. ජාතික පාරිභෝගික මිල දර්ශකය ආහාර, මධ්‍යසාර, ඇදුම් පැළදුම්, ගෘහස්‌ථ භාණ්‌ඩ, සෞඛ්‍යය, ගමනාගමනය, සන්නිවේදනය, අධ්‍යාපනය ඇතුළු කාණ්‌ඩ 12 කින් සමන්විතයි. මේ කාණ්‌ඩ 12 සඳහා භාණ්‌ඩ හා සේවා 407 ක්‌ අයත් වේ.

නිදහසෙන් පසු ඉතිහාසයේ නොයෙක්‌ කාල තුළ අප රටේ උද්ධමනය විවිධාකාරයෙන් වෙනස්‌ වී ඇත. ශ්‍රී ලංකාවේ මේ දක්‌වා වාර්තා වී ඇති ඉහළම උද්ධමන ප්‍රතිශතය 1980 වසරේ 26.14% ක්‌ ලෙස වාර්තා විය. 1990 දී උද්ධමනය 21.5% ලෙසද, 2008 දී උද්ධමනය 22.6% ක්‌ ලෙසද වාර්තා වී ඇත. මීට අමතරව 1978 - 1984, 1988 - 1993, 2005 - 2008 කාල වලදී උද්ධමනය අංක දෙකේ ඉල්ලමක පැවතුනි. මෙම අසාමාන්‍ය ඉහළ යැම සඳහා යුද්ධය, කැරලි කෝලාහල, ලෝක තෙල් මිල වැඩිවීම ඇතුළු කරුණු ගණනාවක්‌ බලපාන ලදී. 1978 ට පෙර තිබු තත්ත්වය මෙයට හාත්පසින්ම වෙනස්‌ය. 1965 - 1966 කාලවල දී උද්ධමනය 1% ටත් වැඩ අඩු මට්‌ටමක පැවතුනි. 1966 දී උද්ධමනය Rන අගයක පවා පැවතින. 1974 දී හැරෙන්න අන් සියලු වසරවලදී උද්ධමනය තනි ඉල්ලක්‌කමක පැවතුනි. 1974 දී උද්ධමනය වැඩිවීමට එවකට පැවතී ලෝක තෙල් අර්බුදය ප්‍රධාන වශයෙන් බලපාන ලදී.

උද්ධමනය ඉතා ශීඝ්‍රයෙන් ඉහළ ගියහොත් අති උද්ධමනකාරී තත්ත්වයක්‌ ඇතිවිය හැක. මෙවන් තත්ත්වයක්‌ ඇතිවිය හැක්‌කේ ඉතාමත් කලාතුරකිනි. නමුත් මෙමගින් ආර්ථිකයට ඉතා විශාල හානියක්‌ සිදුකළ හැක. අති උද්ධමනකාරී අවස්‌ථාවක දී බඩු මිල පැය කිහිපයෙන් කිහිපයට ඉහළ යා හැක. ව්‍යාපාර බංකොලොත් භාවයට පත්වනු ඇත. විරැකියාව ඉතා විශාල අගයකට යා හැක. දුප්පතුන් තව තවත් දුගී භාවයට පත්වනු ඇත. මෙවන් තත්ත්වයක්‌ හේතුවෙන් අවසානයේ රට අස්‌ථාවර භාවයකට පවා පත්විය හැක.

1921 - 1924 කාලසීමාවේදී ජර්මනියේ අති උද්ධමනකාරී තත්ත්වයක්‌ ඇතිවීම හේතුවෙන් ජනතාව බලවත් අපහසුතාවකට පත්වුනි. මේ අවස්‌ථාවේදී ජර්මනියේ වලංගු මුදල් වූ මාර්කයේ අගය කෙතරම් පහළ වැටුණිද යතහොත් මුදල් නෝට්‌ටු බිත්ති කඩදාසි ලෙසද භාවිතයට ගැණුනි. මෙම කාලයේ තම දෛනික පඩිය ලබා ගැනීම සඳහා වීල්බැරැක්‌ක රැගෙන යැමට කම්කරුවන්ට සිදු වුණි. දරුවන් මුදල් මිටිවලින් සෙල්ලම් කිරීම සුලබ දසුනක්‌ විය. 1920 දී පාන් ගෙඩියක වටිනාකම මාර්ක්‌ 163 කි. 1923 වසරේ නොවැම්බර් වන විට මෙම අගය මාර්ක්‌ බිලියන 200 ක්‌ දක්‌වා වැඩි වුණි. 1944 වසරේ හංගේරියාවේ අති උද්ධමනකාරී තත්ත්වයක්‌ ඇති වුනි. මේ අනුව හංගේරියාවේ එවකට වලංගු මුදල වූ පෙන්ගෝ 100,000,000,000,000,000,000 ක පවා අගයෙන් යුතු මුදල් නෝට්‌ටු නිකුත් කෙරුණි. ඊට පෙර පැවති උපරිම නෝට්‌ටු අගය වූයේ පෙන්ගෝ 1,000 ය. මෙය කෙතරම් දරුණු තත්ත්වයක්‌ද කියතොත් එක්‌තරා අවස්‌ථාවක ජනතාව පසුදින අවදි වී බලන විට තමුන් පෙරදින මිලදීගත් භාණ්‌ඩවල මිල දෙගුණ වී ඇති බව වටහා ගත්තෝය. දැන් වෙනිසියුවේලාවේද අති උද්ධමනකාරී තත්ත්වයක්‌ පවතී. මේ අනුව එහි උද්ධමනය 141.5% වන අතර ලෝක බැංකුව පවසන්නේ මෙම අගය 720% දක්‌වා මේ වසර තුළ වැඩි විය හැකි බවය.

අති උද්ධමනයේ විලෝමය වන්නේ අවධමනයයි . මෙය සිදුවන්නේ දීර්ඝ කාලයක්‌ තිස්‌සේ මිල මට්‌ටම පහළ වැටීමකට පත්වුවහොත්ය. මේ අනුව උද්ධමනය Rණ හෝ ශූන්‍යයට ඉතා කිට්‌ටු අගයක්‌ ගනු ඇත. මෙය ඉතා සුභදායි දෙයක්‌ ලෙස ඔබ සිතනවා නොඅනුමානය. මන්ද, අවධමනය හේතුවෙන් ජීවන වියදම පහළ යනු ඇත. පාරිභෝගිකයන්ගේ මිලදී ගැනීමේ හැකියාව ඉහළ යනු ඇත. ඉතිරිකිරීම්වලට වැඩි වටිනාකමක්‌ ලැබෙනු ඇත.

නමුත් අවධමනය නිසා ආර්ථිකයක්‌ පසුබෑමකට පත්විය හැක. අවධමනය හේතුවෙන් ජනතාව අනාගතයේ බඩු මිල තවත් පහළ යනු ඇතැයි බලාපොරොත්තුවෙන් වර්තමාන පරිභෝජනය අඩු කිරීමේ හැකියාවක්‌ ඇත. මෙමගින් නිෂ්පාදන අංශයට ඊට සමගාමීව තම නිෂ්පාදනය අඩු කිරීමට සිදුවේ. මෙය කාලයක්‌ තිස්‌සේ එක දිගට සිදු වුව හොත් ක්‍රම ක්‍රමයෙන් දළ දේශීය නිෂ්පාදනය පසු බෑමකට ලක්‌වේ. එවිට ආර්ථිකය මන්දාවධමනය නමින් හදුන්වන තත්ත්වයකට පත්විය හැක. මන්දාවධමනය යනු ඉතා සරලව කිවහොත් සමස්‌ත ආර්ථික ක්‍රියාවලිය අඩපන වීමකි. මේ අනුව වසර කිහිපයක්‌ යන තුරු ආර්ථික වර්ධන වේගය අවම මට්‌ටමක පැවතිය හැක. ජපානය 90 දශකයේ සිට අවධමනය නිසා නොයෙකුත් ගැටලුවලට මුහුණ දෙන රටකි.

උද්ධමනය යනු ආර්ථිකයේ ක්‍රියාකාරිත්වය පෙන්වන ඉතා වැදගත් දර්ශකයකි. එමගින් පරිභෝජන හැකියාව, ජීවන වියදම, රටේ ආයෝජන පරිසරය ඇතුළු තවත් ආර්ථික කරුණු රැසක්‌ පිළිබඳව යම් හැඟීමක්‌ ලබාගත හැක. එමනිසා මෙම දර්ශකය පිළිබඳ යම් අවධානයකින් පසුවීම අප සියලු දෙනාටම යම් යම් තීරණ ගැනීමේදී වැදගත් වේ.

* ලියුම්කරු ආර්ථික විද්‍යාව පිළිබඳව කටයුතු කරන ස්‌වාධීන ආර්ථික විද්‍යාඥයෙකි. ඔහු ඕස්‌ටේ්‍රලියාවේ එඩිත් කොවන් විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර කළමනාකරණය පිළිබඳව උපාධියක්‌ ලබා ඇත.
nihal123
nihal123
Top contributor
Top contributor
Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga

මුදල් නෝට්‌ටු කඩදාසි කරන මොකක්‌ද මේ උද්ධමනය? Empty Re: මුදල් නෝට්‌ටු කඩදාසි කරන මොකක්‌ද මේ උද්ධමනය?

Tue Feb 16, 2016 6:45 am
Message reputation : 100% (1 vote)
Thanks Rana
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum