- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
ලංකා ටෙලර් ඩොලර් සිය කෝටියක් බේරා දෙයි
බංගලිදේශ මහ බැංකුවෙන් ඩොලර් සිය කෝටියක් (රුපියල් කෝටි 14442) සොරාගැනීමට චීන හැකරුන් ගත් උත්සාහයක් වැළැක්වීමට ශ්‍රී ලංකාවේ බැංකු සේවකයෙක් මුල් වූ බව බැංකු ආරංචි කියයි.
බංගලිදේශ මහ බැංකුවේ නිව්යෝක් නුවර ෆෙඩරල් රිසර්ව් බැංකුවෙන් මෙම මුදල් සොරකම් කිරීමට නොහැකිවූ තවත් හේතු දෙකක් වනුයේ ටයිප් කිරීමේදී සිදුවූ දෝෂයක් සහ බැංකු නිවාඩුද හරස් වීම නිසා බව කොළඹ, ඩකා හා නිව්යෝක් නුවර බැංකු පවසයි.
පසුගිය පෙබරවාරි 5 වැනිදා අනුන්ගේ පරිගණක දත්තවලට හොරෙන් ඇතුළුවන හැකරුන් බංග්ලිදේශයේ විදේශ විනිමය ගිණුමෙන් ඇමරිකා ඩොලර් මිලියන 81ක් (රුපියල් මිලියන 11700) බංගලිදේශ බැංකුවෙන් පිලිපීන බැංකුවකට මාරු කර ඇතැයි බංගලිදේශ නිලධරයෝ කියති.
මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව කියනුයේ ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කළ ශාලිකා ෆවුන්ඩේෂන් නම් රාජ්‍ය නොවන සංවිධානයකට මෙම මුදල් මාරු කරන ලෙස හැකරුන් උපදෙස් දී ඇතත් Foundation වෙනුවට Fandation යනුවෙන් ටයිප් කර තිබීම ශ්‍රී ලංකාවේ බැංකු ටෙලර්වරයාගේ අවධානයට යොමු වී ඇත. බැංකු ටෙලර්වරයා ඒ බව සොයාබැලීමෙන් එම හොරය අල්ලා ගැනීමට හැකිවී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු ආරංචි කියයි.
තම ගිණුමෙන් මුදල් වෙනත් බැංකුවකට මාරු කරන ලෙස හැකරුන් නිව්යෝක් බැංකුවෙන් දහ දොළොස් වාරයක් ඉල්ලා ඇතැයි කියති. ඔවුන්ගේ උත්සාහය වී ඇත්තේ තවත් ඇමරිකා ඩොලර් මිලියන 850ක් (රුපියල් මිලියන 122762 ) සොරකම් කරගැනීම බවත් එහෙත් නිව්යෝක් බැංකුවේ ආරක්ෂක පද්ධතියේ ස්වභාවය හා ඇතැම් උපදෙස් ටයිප් කිරීමේදී සිදුවූ වැරැදි නිසා සොරුන්ට වැරදී ඇත.
නිව්යෝක් ෆෙඩරල් රිසර්ව් බැංකුවෙන් ඇමරිකා ඩොලර් මිලියන 81ක් පිලිපීන ගිණුමකට මාරු කර ඇතත් ඇමරිකා ඩොලර් මිලියන 850ක් මාරු කිරීම බැංකුවේ ආරක්ෂිත පද්ධතිය නිසා වැළැක්වී ගිය බව බංගලිදේශ මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති රසී හසන් ඒ.එෆ්.පී ප්‍රංශ පුවත් සේවයට කියා ඇත.
ශ්‍රී ලංකාවේ බැංකුවකට මුදල් මාරු කිරීමට හැකරුන් ගත් උත්සාහය අසාර්ථක වූයේ ඔවුන්ගේ ඉල්ලීමේ වැරදි අකුරක් තිබූ නිසා බව හසන් කියයි.
බංගලිදේශ, නිව්යෝක් හා පිලිපීන බැංකු අතර සති අන්තවලදී පවත්නා සන්නිවේදන හිඩැස පාවිච්චි කරමින් හැකරුන් මුදල් සොරකම් කිරීමට 35 වතාවක් අසාර්ථක උත්සාහයක යෙදී ඇතැයිද හසන් පවසයි.
හැකරුන් මෙම උත්සාහය ගෙන ඇත්තේ සිකුරාදාය. එදින බංගලිදේශ බැංකු නිවාඩු දිනයකි. ඇමරිකාවේ ෆෙඩරල් රිසර්ව් බැංකුව සෙනසුරාදා හා ඉරිදා වසා තැබේ. චීන ජාතික අලුත් අවුරුද්ද වෙනුවෙන් පිලිපීනයේ බැංකු සඳුදා වසා තැබිණි.
අන්තර්ජාල අපරාධ පිළිබඳ බංගලිදේශ විශේෂඥයෝ මේ සිද්ධිය ගැන පරීක්ෂණ පවත්වති. චීන හැකරුන් සිද්ධිය පිටුපස ඇතැයි ඔවුහු සැකකරති. බංගලිදේශ බැංකුවේ සංචිත ගිණුම පාලනය කරන ඇමරිකා රිසර්ව් බැංකුව පවසනුයේ ඔවුන්ගේ බැංකු ආරක්ෂක පද්ධතියට හොරෙන් ඇතුළුවීමට නොහැකි වී ඇති බවයි.
ශ්‍රී ලංකාවේ බැංකු ටෙලර්වරයාගේ උකුසු ඇස නිසා මෙම හොරකම සිදුවන්නට පෙර ඇමරිකා ෆෙඩරල් බැංකුවටත් ශ්‍රී ලංකා මහ බැංකුවටත් බංගලිදේශ මහ බැංකුවටත් දන්වා එම සොරකම වළක්වාගත හැකිවූ බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් කියයි.
‘ඇමරිකා, බංගලිදේශ හා අපට මේ ගනුදෙනුව ගැන මුලින්ම දැන්වූයේ ශ්‍රී ලංකා ටෙලර්වරයෙක්‘ මහේන්ද්‍රන් මහතා එසේ කියයි.
http://www.lankadeepa.lk/index.php/articles/394272
- ශ්‍රී ලංකා ටෙලිකොම්, මෙරටට අති නවීන SEA-ME-WE 5 සමුද්‍රීය භූගත කේබල් පද්ධතියක් සහ Tier 4 ready තාක්ෂණයෙන් යුතු පළමු දත්ත හුවමාරු මධ්‍යස්ථානය හඳුන්වා දෙයි
- ලංකා වෝල්ටයිල්ස්, ලංකා සෙරමික් මුල් පුටු ධම්මිකට
- ලංකා බැංකුව, මහජන බැංකුව සහ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කොටස් වෙළෙඳපොළට
- නාගරික සංවර්ධනයේ ඉඩමක් රු. බිලියනයකට ඇක්සස් ට බදු දෙයි
- හෙළකුරු පරිගණකයටත් සිංහල voice typing දෙයි