- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
වෙළෙඳ ගිණුමේ හිඟය අඩුවීමේ ප්‍රවණතාවක්
( ෂමිල පෙරේරා ) 2016-06-26 16:07:45
ශ්‍රී ලංකා ආර්ථිකයේ විදේශීය අංශය සැලකූ විට අපනයන පහළ යෑමට වාඩ ඉහළ අගයකින් ආනයන අඩුවීම හේතුවෙන් 2016 වසරේ පළමු මාස හතර තුළදී වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත වෙළෙඳ ගිණුමේ හිඟය 2.4% කින් අඩු වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
මේ අතර, 2016 ජනවාරි සිට මැයි දක්වා කාලය තුළ සංචාරක ඉපැයීම් 18.4% කින් වර්ධනය වී ඇති බවද ඇස්තමේන්තු කර ඇති අතර, සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණද 2016 වසරේ ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලය තුළ 4.7% කින් ඉහළ යෑමක් වාර්තා කර තිබේ.
මේ අතර, 2016 මැයි මාසය අවසනය වනවිට දළ නිල සංචිත ප්‍රමාණය ඇ.ඩො.බිලියන 5.6 ක් ලෙස ඇස්තමේන්තු කර ඇති බවද ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි
- See more at: http://www.ada.lk/article/168219/%