- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
නව වැට් බදු යෝජනා බලපාන ආකාරය
වත්මන් ආණ්ඩුව බලයට පත් වෙන විට 12% ක මට්ටමේ පැවති වැට් බද්ද 15% ක් බවට පත් කරන ලද්දේ විදේශ ණය බර දැරිය නොහැකි මට්ටමක පවතින බව පවසමිනි.
ආණ්ඩුවේ පළමු නව වැට් බදු යෝජනා වලට එරෙහිව.
Image caption
ආණ්ඩුවේ පළමු නව වැට් බදු යෝජනා වලට එරෙහිව.
ශ්‍රී ලංකා ආණ්ඩුව එසේ පවසමින් ඉදිරිපත් කරන ලද පළමු වැට් බදු යෝජනා වෙළෙඳ ක්ෂේත්‍රයේ මෙන්ම මහජන විරෝධය හමුවේ අභියෝගයකට ලක් වූ අතර ඉන් අනතුරුවයි එහි නැවත සංශෝධනයක් කිරීමට ආණ්ඩුව පියවර ගත්තේ.
ඒ අනුව ඉදිරිපත් කෙරෙන නව වැට් බදු පිළිවෙත පහදමින් අදහස් දැක්වූ කැබිනට් සම ප්‍රකාශක ජනමාධ්‍ය ඇමති ගයන්ත කරුණාතිලක සඳහන් කළේ '2016 අයවැය යෝජනා අනුව මාර්තු මාසයේ පැවැත්වුන විශේෂ අමාත්‍ය මණ්ඩල තීරණයත් ජුනි මාසයේ පැවැත්වුන ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කාරක සභාවේ නිර්දේශයත් පරිදි 2002 අංක 14 දරන බදු පනත යටතේ වැට් බදු සංශෝධනය කිරීමට' රජය තීරණය කළ බවයි.
ආණ්ඩුවට මෙවැනි නව පියවරක් ගැනීමට සිදු වූයේ සමාජය තුළින් මතු විරෝධය මෙන්ම අධිකරණය විසින් ද කලින් වැට් පනත ශුන්‍ය කරනු ලැබීමයි.
සීයට පහළොව දිගටම
ඒ අනුව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරනු ලැබ ඇති නව සංශෝධනය අනුව වැට් බද්ද 15 % ක මට්ටමේ දිගටම පවතින නමුත් කලින් පනත මගින් වසරක පිරිවැටුම රුපියල් මිලියන 12 ක් වූ සිල්ලර වෙළෙඳ පරිමාව රුපියල් මිලියන පනහක් තෙක් වැඩි කරනු ලැබ ඇත.
ආණ්ඩුවේ මුල් යෝජනා අනුව දිනකට රුපියල් 33,000 ක ව්‍යාපාරික කටයුතු වල නිරත සිල්ලර වෙළෙඳුන් ද වැට් බද්දට හසු වූ අතර එය සුළු වෙළෙන්දන්ගේ දැඩි විරෝධයට හේතු විය.
එම සංශෝධනය සමඟ පළමු වතාවේ දී සුළු වෙළෙඳුන් කෙරෙන් එල්ල වූ විරෝධය තුරන් වනු ඇත යන්න ආණ්ඩුවේ විශ්වාසයයි.
වැට් බදු එපා
Image caption
වැට් බදු එපා
මුල් වැට් බදු පනත අනුව පෞද්ගලික රෝහල් වලින් ප්‍රතිකාර ලබා ගන්නන් ද වැට් බද්දට යත් කෙරුණ අතර මෙවර සංශෝධන මගින් එහි වෙනසක් සිදු කරනු ලැබ ඇත.
පෞද්ගලික වෛද්‍ය අංශයේ බලපෑම
නව සංශෝධනය අනුව පෞද්ගලික සායන මගින් සිදු කෙරෙන රෝග විනිශ්චය පරීක්ෂණ (Diagnostic Test) කාන්දු පෙරන(Dialysis) සහ වෛද්‍ය උපදේශන සේවා ඇතුළත් නොවන බාහිර රෝගී සේවාවන් (OPD) හැර අනෙකුත් පෞද්ගලික වෛද්‍ය සේවාවන් වලටයි වැට් බද්ද බල පැවැත්වෙන්නේ.
මේ හැර දුම්කොළ නිෂ්පාදන සීනි හෝ වෙනත් පැණි රස කාරක එක් කරන ලද කිරි පිටි නිෂ්පාදන වලටත් වැට් බද්ද බල පැවැත්වෙනු ඇත.
විදුලි සංදේශ සහ ගුවන් ගමන්
විදුලි සංදේශ සේවා වැට් බද්ද බලපාන තවත් අංශයකි. එම තීන්දුවත් සමඟ දුරකථන සහ අන්තර්ජාල පහසුකම් භාවිතා කරන්නන්ට 15% වැට් බද්දක් ගෙවීමට සිදු වනු ඇත.
ශ්‍රී ලංකාවේ ගුවන් තොටකින් විදේශ ගුවන් තොටුපොළක් කරා ගුවන් ගත වෙන මගීන්ගේ ගුවන් බලපත්‍ර ගාස්තුව කෙරෙහිත් වැට් බද්ද බල පැවැත්වීමට කැබිනට් අනුමැතිය හිමි විය
http://www.bbc.com/sinhala/sri-lanka-37365530
- Yin-Yang
- Posts : 1321
Join date : 2016-03-12
Re: නව වැට් බදු යෝජනා බලපාන ආකාරය
I don't understand this.
Collecting VAT will give Rupees.
Foreign debt we have to pay in Dollars.
How can we pay Dollars by collecting Rupees?
- Lalinda
- Posts : 69
Join date : 2015-02-16
Re: නව වැට් බදු යෝජනා බලපාන ආකාරය
- lanka
- Posts : 624
Join date : 2014-11-26
Re: නව වැට් බදු යෝජනා බලපාන ආකාරය
- guruji
- Posts : 602
Join date : 2015-04-27