- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
"ඇලස්කාවට ළඟා විය හැකි මිසයිලයක්" උතුරු කොරියාවෙන්
BBC Sandeshaya මිනිත්තු 29 පෙර
Image copyright KCNA
Image caption උතුරු කොරියාවේ රාජ්‍ය මාධ්‍ය නිකුත් කළ ඡායාරූපය
උතුරු කොරියාව තවත් මිසයිලයක් අත්හදා බැලීමත් සමඟ ඊට ප්‍රතිචාර වශයෙන් දකුණු කොරියාව සහ එක්සත් ජනපදය එක්වී බැලිස්ටික් මිසයිල අභ්‍යාසයක නිරත වෙයි.
උතුරු කොරියාව අත්හදා බැලූ නවතම දුර විහිදුම් මිසයිලය ඇමරිකාවේ ඇලස්කා ප්‍රාන්තය දක්වා ළඟා විය හැකි බවට විශ්වාස කෙරේ.
Image copyright KCNA/VIA REUTERS
Image caption නවතම අත්හදා බැලීමෙන් පසු සතුටුවන කිම් ජොන්ග් අන්
මේ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හදිසියේ කැඳවීමට එක්සත් ජනපදය පියවර ගෙන තිබේ.
උතුරු කොරියාව ඊයේ (ජූලි 04) නිවේදනය කර සිටියේ තමන් අත්හදා බැලූ අන්තර් මහද්වීපික බැලිස්ටික් මිසයිලය සාර්ථක වූ බවය.
Image caption ඊට ප්‍රතිචාර වශයෙන් දකුණු කොරියාව සහ එක්සත් ජනපදය එක්වී බැලිස්ටික් මිසයිල අභ්‍යාසයක
කෙසේ නමුත්, දුර විහිදුම් න්‍යෂ්ටික අවි තවමත් උතුරු කොරියාව සතුව නොමැති බව ඇතැම් විශේෂඥයෝ පවසති.
දකුණු කොරියානු සහ ඇමරිකානු හමුදා බලධාරීන් එක්ව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ තම හමුදා ඉවසීමෙන් සහ හික්මීමෙන් කටයුතු කරන නමුත් එය ඕනෑම මොහොතක වෙනස් විය හැකි බවය.
උතුරු කොරියාව සිදුකළ නවතම මිසයිල අත්හදා බැලීම, ඇමරිකාවේ නිදහස් දිනය වෙනුවෙන් ලබා දුන් "ත්‍යාගයක්" ලෙස උතුරු කොරියානු නායක කිම් ජොන්ග් අන් හඳුන්වා ඇති බව එරට රාජ්‍ය මාධ්‍ය සඳහන් කරයි.
Image copyright AFP
Image caption ඇමරිකාවේ නිදහස් දිනය වෙනුවෙන් ලබා දුන් "ත්‍යාගයක්" -උතුරු කොරියානු නායක කිම් ජොන්ග් අන්
මෙවැනි "ත්‍යාග" නිතර නිතර ඇමරිකානුවන්ට යවන ලෙස උතුරු කොරියාවේ නායකයා පවසා ඇති බැවින් ඉදිරියේදී තවත් මිසයිල අත්හදා බැලීම් සිදුවනු ඇති බව උතුරු කොරියාවේ KCNA පුවත් සේවය වාර්තා කර තිබේ.
ඊයේ අත්හදා බැලූ මිසයිලය කිලෝමීටර 2802ක් ඉහළට ගොස් කිලෝමීටර 933ක් ඈතින් මුහුදේ පිහිටි ඉලක්කයක් කරා පතිත වූ බව උතුරු කොරියාව නිවේදනය කළේය.
ලෝකයේ ඕනෑම ස්ථානයකට පහර දිය හැකි බලසම්පන්න ම අන්තර් මහද්වීපික මිසයිල මේවනවිට තමන් සතු බව එම නිවේදනයේ සඳහන් වෙයි.