The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Search
 
 

Display results as :
 


Rechercher Advanced Search

Latest topics
» මහජන බැංකුවෙන් ජෙහාන් ගේ සමාගමට දුන් රු. බිලියන 10 ගැන මහ බැංකුව මෙසේ කියයි
Yesterday at 10:14 pm by Rana

» ශ්‍රී ලංකා රුපියල
Yesterday at 8:41 pm by nihal123

» Sri Lanka to charge 7-pct tax from banks on added value
Yesterday at 5:51 pm by Ethical Trader

» Sri Lanka rupee opens weaker, stock gain
Yesterday at 5:49 pm by Ethical Trader

» Sri Lanka's EPF delay holding up hotel sale: East West
Yesterday at 5:49 pm by Ethical Trader

» Sri Lanka hotel room price controls not removed: Minister
Yesterday at 5:46 pm by Ethical Trader

» මොරිසන්, කොටස් වෙළෙඳපොළට සමුදෙයි
Yesterday at 5:40 pm by Ethical Trader

» LOFC Initiating Coverage - STRONG BUY - 29 03 17 - FC Research
Sun Aug 19, 2018 9:07 pm by stockback

» Elsewhere vs SL : Honesty, Social responsibility , Word twisting and Decency
Sun Aug 19, 2018 12:19 pm by කිත්සිරි ද සිල්වා

» Dividend Announcement
Sat Aug 18, 2018 5:03 pm by Ethical Trader

» සතියක් තුළ දී ඒකක 90 කින් කොටස් වෙළෙඳපොළ පහළට. විදෙස් විකුණුම් තවදුරටත්
Sat Aug 18, 2018 4:46 pm by Ethical Trader

» බියර් සමාගමේ ලාභය 133% කින් වැඩිවෙද්දී අරක්කු සමාගමේ ලාභය 83% කින් වැඩිවෙලා
Sat Aug 18, 2018 4:45 pm by Ethical Trader

» Obituary Notice.
Fri Aug 17, 2018 9:16 am by කිත්සිරි ද සිල්වා

» රුපියල 161.54ට යයි
Thu Aug 16, 2018 10:34 pm by nihal123

» PABC.N0000 (Pan Asia Banking Corporation PLC)
Thu Aug 16, 2018 2:14 pm by lanka

» අනං මනං! #/+?.<>
Wed Aug 15, 2018 12:49 pm by Ethical Trader

» ආදායම් බද්දෙන් ආසිරි තැලෙයි
Wed Aug 15, 2018 12:30 pm by Ethical Trader

» Sri Lankan listed firms told to pay dividends directly to shareholder bank accounts
Tue Aug 14, 2018 2:38 am by pjrngroup

» Sri Lanka's Hayleys group to sell assets to reduce debt
Mon Aug 13, 2018 10:05 pm by nihal123

» අපේ දුම්රිය සේවය තැබු ලෝක වර්තාව; වර්ජනයේ අරමුණ රුපියල් 11605 කින් පඩි වැඩිකර ගැනීම!
Mon Aug 13, 2018 3:05 pm by Yin-Yang

» "මාව පෙළඹෙව්වේ සංගක්කාර" - ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩිකා ස්ම්‍රිති මන්දනා
Sat Aug 11, 2018 5:08 pm by Ethical Trader

» Sri Lanka's Ceylon Tobacco net up 47-pct, volumes grow
Fri Aug 10, 2018 5:19 pm by Ethical Trader

» Sri Lanka's Tokyo Cement in the red, vessel sale adds to loss
Fri Aug 10, 2018 2:27 pm by The Invisible

» Sri Lanka’s Watawala Plantations June net down 57-pct
Fri Aug 10, 2018 2:26 pm by The Invisible

» Sri Lanka’s Aitken Spence Hotel June quarter losses rise 22-pct
Fri Aug 10, 2018 2:23 pm by The Invisible

» ඩොලරයේ වැඩිම විකුණුම් මිල අද වාර්තා වෙයි
Fri Aug 10, 2018 9:00 am by Ethical Trader

» BOC New Internet Banking System
Wed Aug 08, 2018 6:29 pm by Rana

» PB. N0000 (People's Bank)
Wed Aug 08, 2018 11:55 am by Ethical Trader

» දේශපාලනික වාසි උදෙසා සිදුවන ප්‍රතිපත්ති වෙනස්වීම් ගැන මහ බැංකුව මෙසේ කියයි
Wed Aug 08, 2018 11:34 am by Ethical Trader

» Amazing හෙළ වෙදකම
Wed Aug 08, 2018 11:00 am by Ethical Trader

» විදේශිකයෝ ඩොලර් මිලියන 229 ක බැඳුම්කර ආයෝජන ඉවත් කර ගනිති
Tue Aug 07, 2018 12:22 pm by Ethical Trader

» මූල්‍ය සමාගම් ඒකාබද්ධ කිරීම වක්‍රාකාරයෙන් සිදුවෙනවා – මහ බැංකු නියෝජ්‍ය අධිපති කියයි
Tue Aug 07, 2018 12:21 pm by Ethical Trader

» සිංගප්පූරු ගිවිසුමෙන් අපනයන වාසියක් නැහැ – මහ බැංකු අධිපති
Tue Aug 07, 2018 12:19 pm by Ethical Trader

» Sri Lanka to miss IMF forex reserve target; seek waiver
Mon Aug 06, 2018 10:45 am by The Invisible

» Sri Lanka targets lower forex reserves for end 2018
Mon Aug 06, 2018 10:43 am by The Invisible

» Sri Lanka economy to grow 4.0-pct in 2018
Mon Aug 06, 2018 10:42 am by The Invisible

» More curbs on cars as Central Bank battles trade gap
Mon Aug 06, 2018 10:40 am by The Invisible

» What Sri Lanka can do to improve the credibility of its dollar soft-peg
Mon Aug 06, 2018 10:39 am by The Invisible

» Sri Lanka's Hayleys Fabric back in profit in June quarter
Sun Aug 05, 2018 12:11 am by spw19721

» Sri Lanka keeps rates unchanged
Fri Aug 03, 2018 6:10 pm by Ethical Trader

» Sri Lankan shares end up 0.1-pct, foreigners buy NTB
Fri Aug 03, 2018 6:08 pm by Ethical Trader

» Sri Lanka sharply raises tax on small hybrid cars
Fri Aug 03, 2018 6:03 pm by Ethical Trader

» Sri Lanka inflation accelerates to 5.4-pct in July
Fri Aug 03, 2018 5:54 pm by Ethical Trader

» බදු ඉහළට. Wagon R, Japan Alto, Spacia ඇතුළු පොඩි කාර් මිල වැඩිවෙන්නේ මෙහෙමයි
Fri Aug 03, 2018 1:28 pm by කිත්සිරි ද සිල්වා

» India police hunt eight men after sex attack on goat
Wed Aug 01, 2018 1:04 pm by slstock

» Yes, we Khan!
Wed Aug 01, 2018 1:03 pm by කිත්සිරි ද සිල්වා

» ඡන්ද කටේ ,කුලියාපිටියේ ඇදෙන Volkswagen කතාවේ ඇත්ත තත්ත්වය මෙහෙමයි
Wed Aug 01, 2018 7:46 am by serene

» Should CSE be like this? Whose FAULT is it?
Tue Jul 31, 2018 8:24 pm by spw19721

» ලෝකය යා කරන චීන ඉදිකිරීම් වේගවත් කරන යෝධ යන්ත්‍ර
Tue Jul 31, 2018 6:08 pm by Ethical Trader

» 'කාලතුවක්කු උණ්ඩ ගස': "ඉන්දියාවේ තබා ආසියානු කලාපයේ ශාකයක් නොවෙයි"
Tue Jul 31, 2018 5:49 pm by Ethical Trader

August 2018
SunMonTueWedThuFriSat
   1234
567891011
12131415161718
19202122232425
262728293031 

Calendar Calendar

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

ආයෝජනයට ශ්‍රීලංකාවට එන්න එපා.! ජාත්‍යන්තර සමාගම් නිවේදනයකට සැරසෙයි

Go down

ආයෝජනයට ශ්‍රීලංකාවට එන්න එපා.! ජාත්‍යන්තර සමාගම් නිවේදනයකට සැරසෙයි

Post by Rana on Tue Nov 14, 2017 7:52 pm

http://lankarealnews.com/2017/11/14/%E0%B6%86%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7-%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7-%E0%B6%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1/
ශ්‍රී ලංකාවේ ආයෝජනය සඳහා පැමිණෙන්නැයි නිරන්තරයෙන් ශ්‍රීලංකා ආණ්ඩුවේ නියෝජිතයන් ජාත්‍යන්තර සමුළුවලදී ආරාධනා කළද ඒ වෙනුවෙන් ශ්‍රීලංකාවට පැමිණි විට එළවා දමන ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම නිසා ශ්‍රීලංකාව තුල ආයෝජනය කිරීමට යාම නොකළ යුතු බවට තම සමාගම් එකතුව විසින් නුදුරේම නිවේදනයක් නිකුත් කරන බව විදේශ සාමාගම් ප්‍රධානියකු අප වෙත පැවසීය.

තම සමාගම ඇතුලුව තවත් සමාගම් ‍රැසක් ශ්‍රීලංකාවේ ආයෝජනය සඳහා ව්‍යාපෘති වාර්තා ලබා දී තිබුණද ඒ වෙනුවෙන් අල්ලස් ඉල්ලීම මීට ප්‍රධාන හේතුව බව ඔහු පෙන්වා දෙයි. එම අවශ්‍යතාවය සපුරන තෙක් ආයෝජන මණ්ඩලය ව්‍යාපෘති වාර්තා සලකා බැලීමක්වත් සිදු නොකරන බවත් ඔහු පවසයි.

ආයෝජන මණ්ඩල ප්‍රධානින්ගේ මේ කැත සිරිත නිසා මේ සම්බන්ධයෙන් රජයේ අමාත්‍යවරු ගන්නාවක් සමඟ සාකච්ඡා කළද ඔවුන්ද එලෙසම අල්ලස් ඉල්ලා සිටීම විශාල ගැටලුවක්ව තිබෙන නිසා තව දුරටත් ශ්‍රිලංකාව තුල අයෝජනය කිරීමට කල්පනා කිරීම සිදු නොකළ හැකි බවත් පෙන්වා දෙන එම ආයතන ප්‍රධානියා මේ බව ලෝක ප්‍රජාවට හෙළි කිරීම විය යුතු බව පවසන්නේ තවත් විශාල පිරිසක් ආයෝජන මණ්ඩලය හමුවේ රස්තියාදු වීම වලකාලීම තම යුතු කමක් බව පවසමිනි.

මංගලගේ හීන

මේ අනුව මෙවර අයවැය කතාවේදී මුදල් ඇමැති මංගල සමරවීර මහතා 2018 දී ඩොලර් බිලියන 5ක සෘජු විදේශ ආයෝජන බලාපොරොත්තු වන බව පැවසූවද මේ කිසිවක් මෙරටට ලැබීමේ සම්බාවිතාව ඉතා අඩු වනු ඇත. ආයෝජකයන්ට බල්ලන්ට සේ සලකන ක්‍රමයක් රටේ තිබියදී මේ අයවැය යෝජනා හිතලු පමණක් වීම වැලැක්විය හැකි නොවේ.

කොඳුරුතෙල් හත්පට්ටියයි තව ටිකකුයි ඕනෑවීම

පසුගියදා අප විසින් හෙළිදරව් කළ මෙරටට අමරිකානු ඩොලර් 537 ක විශාල ආයෝජනයක් ලෙස පැමිණි අධිවේග විදුලි දුම්රිය නිශ්පාදනය කරන කර්මාන්ත ශාලා සමූහය සම්බන්ධයෙන්ද සිදුව තිබෙන්ණේද මෙම තත්වයය. පසුගිය සිකුරාදා අගමැති ආර්ථික උපදේශක පාස්කරලිංගම් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ඒකජ කවුලුව (single window) හී සාකච්ඡාවේදී එම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ආයෝජන මණ්ඩල ප්‍රධානින් එම ව්‍යාපෘතිය අනුමත කිරීම බැහැර කර ඇත්තේ අදාල ව්‍යාපාරික සමාගම ‘තම ව්‍යාපාරික සැලැස්ම” ලබා නොදීම හේතුව නිසා බව පවසා ඇත. ආයෝජන මණ්ඩලයට ආයෝජන සැලසුම මිස ,ව්‍යාපාරික සැලැස්මෙන් ඇති ප්‍රයෝජනය කුමක්ද යන්න මෙහිදී පැහැදිලි කර නැත. ඕනෑම ව්‍යාපාරික සමාගමක ව්‍යාපාරික සැලැස්ම යනු එම සමාගමේ රහසිගත වාර්ථාවකි. එය හෙළිදරව් කිරීම සිදුකරන්නෙ නැත. මෙම සමාගම වසරකට ඩොලර් බිලියන 5 ක ආදායමක් අපේක්ෂා කරන බව දන්වා ඇත. එය ගෙන එන්නේ කෙසේද යන්න ආයෝජන මණ්ඩලයේ ප්‍රධානින්ට දැන ගැනීමට අයිතියක් නැත. ඔවුන් කළ යුත්තේ ඒ සඳහා පහසුකම් සැලසීමය.

දේශපාලන කුහකම

මෙම ව්‍යාපෘතිය සඳහා පාස්කරලිංගම් මහතාගේ හා මුදල් අමාත්‍යංශ ලේකම්වරයාගේ කැමැත්ත හිමිව තිබුණද ආයෝජන මණ්ඩලය මේ නොතකා හැරිමට හේතුව ‘ දේශපාලන කුහකකමක් ‘ බව එම අභ්‍යන්තර තොරතුරු මාර්ග පෙන්වා දෙයි.

රට මේ වැටී තිබෙන අවස්ථාවෙන් යම් තරමකට හෝ ගොඩ ගියහොත් ඒ ලකුණු සියල්ලම යන්නේ එජාපයට බැවින් ඒ වලක්වාලීම මේ ආයෝජන මණ්ඩල ප්‍රධානින්ගේ වුවමනාව වී ඇත. ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා ඇතුලු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් සහ අධ්‍යක්ෂ ජනරාල් වරයා පත් කරනු ලබන්නේ ජනාධිපතිවරයා විසිනි. ඒ සඳහා පත් කරන්නේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් බහුතරය මෙරට ප්‍රකට ව්‍යාපාරික ආයතන වල තනතුරු දරණ ප්‍රධානින් අතරෙනි. එම නිසා මෙම මණ්ඩල ප්‍රධානින් තමන් නියෝජනය කරන ව්‍යාපාරික ආයතන අභිබවායා හැකි ව්‍යාපාරයන්ට ඉඩ නොදීමේ ප්‍රතිපත්තියක්ද අනුගමනය කරයි. අදාල දුම්රිය නිශ්පාදන කර්මාන්ත ශාලාවට අදාලව කොළඹ වරාය ජැටියක් පුළුල් කිරීමටද සිදුව තිබෙන අතර මේ වන විට එම ජැටිය සම්බන්ධයෙන් කටයුතු කරන ව්‍යපාරික ආයතන සම්බන්ධතා ඇති ආයෝජන මණ්ඩලයේද ප්‍රධානියකු එම මුහුදු ප්‍රවාහන කටයුතු තම සමාගමට ලබා දිය යුතු බවට මීට පෙර දන්වා තිබී ඇත.

අපිට පඩි ලැබෙනවා..ඒ ඇති -BOI

කෙසේ නමුත් මෙරටට පැමිණෙන විදේශ ආයොජකයන් කෙසේ හෝ රඳවා තබාගෙන රටේ අභිවෘද්ධියට කටයුතු කිරීම ආයෝජන මණ්ඩලයේ ප්‍රධාන කර්ත්‍යවය විය යුතුයි නේද ? යන්න සමාගම් නියොජිතයකු කළ විමසීමක්දී ආයොජන මණ්ඩල ප්‍රධානියකු පවසා තිබුණේ ‘.. අපිට රජයෙන් පඩි ගෙවනවා. ඒ නිසා ආයෝජකයන් රඳා ගැනීම හෝ ඔවුන් පිටව යෑම අපේ ප්‍රශ්නයක් නොවේ…ඒ නිසා අපිට ආයෝජකයන් ආවත් එකයි නැතත් එකයි ..’ යනුවෙනි. එවැනි කාලකණ්නි නිලධාරීන් සිටින රටක් දියුණුකිරීම තබා මේ පවතින තත්වයෙන්වත් පවත්වගෙන යෑමට නොහැකි බව අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැත.

පසුගියදා මව්බිම පුවත් පතට නිවේදනයක් එවමින් ආයෝජන මණ්ඩලය මෙම දුම්රිය ව්‍යාපෘතිය අනුමත කිරීම සිදු නොකළේ ඔවුන්ගෙන් ඉල්ලා සිටි ආයෝජන ව්‍යාපෘති වාර්තාවේ ඇතැම් කොටස් ලබා නොදීම බව පවසා තිබිණි. එහෙත් අප ඒ සම්බන්දයෙන් එම සමාගමෙන් කළ විමසීමේදී ඔවුන් පැවැසූයේ ආයෝජන මණ්ඩලය මේ ඉල්ලා සිටින වාර්ථා මිට පෙර දෙවරකදී ඔවුන් වෙත ලබා දී ඇති බවය. කෙසේ නමුත් මෙම ආයෝජනය නොතකා හැරීම සම්බන්ධයෙන් මාධ්‍ය වල තොරතුරු පළ වීම නිසා පසුගිය සිකුරාද මෙම සමාගමේ නියෝජිතයන්ව නැවත කැඳවා ‘ ව්‍යාපාරික සැලැස්ම ඉල්ලා සිටීම සිදු කර තිබේ.

චීනයට තරගයක් දෙන්න

මෙම ආයෝජනයට සම්බන්ධ වන විදේශීය සමාගම් 22 ක අතරින් ප්‍රමුඛත්ම ආයතනය වන්නේ ජර්මනියේ ZF(Zeppelin Foundation) සමාගමය. එම සමාගම 2016 වර්ෂයේ යුරෝ මිලියන 35.1 ක ආදායමක් වාර්තා කර ඇති සේවකයන් 1,36,820 ක් සේවය කරන සමාගමකි. ඔවුන් දුම්රිය මෙන්ම නෞකා,හෙලිකොප්ටර් යානා හා වෙනත් බර වාහන නිපදවන ලොව දැවැන්ත සමාගමකි. ඒ අතර සේවකයන් 70,180 ක් සේවය කරන වාර්ෂිකව යුරෝ මිලියන 8,928 ආදායමක් ලබන ඉතාලියේ Ferrovie italiane සමාගමද වේ. එම සමාගම ඉතාලියේ දළ දේශීය නිශ්පාදනයට 2%ක දායකත්වයක් දෙන විශාලතම සමාගමකි. තවද මේ වන විට ශ්‍රීලංකාව ඇතුලු ලොව රටවල් 80 කට දුම්රිය යන්ත්‍ර අමතර කොටස් නිශ්පාදනය කර අලෙවි කරන ලෝකයේ විශාලතම සමාගමක් වන චෙක් ජනරජයේ GHH- BONATRAINS සමාගමද මෙම ව්‍යාපෘතියට හවුල්ව තිබේ.

මෙවැනි දැවන්ත සමාගම් 22 සමූහයක් ඒකාබද්ධව විදුලි දුම්රිය නිශ්පාදනය ව්‍යාපෘතිය සැලසුම් කර ඇත්තේ අද ඉතා වේගයෙන් වර්ධනය වෙමින් පවතින විදුලි දුම්රිය නිශ්පාදනයේ ප්‍රමුඛයා වන චීනයේ CRRC සමාගමෙ හා තරගයක් දීම අරමුණු කර ගෙනය. මෙම සමාගම් හා ඒකාබද්ධව මෙම ව්‍යාපෘතිය මෙරටට ලබා ගැනීම වෙනුවෙන් සිලොන් හයිස්පීඩ් ට්‍රේන් සමාගම පිහි‍ටුවාගෙන තිබේ. එම සමාගම් සියල්ල මේ වන විට ඒකාබද්ධ ගිවිසුමකටද අත්සන් කර තිබේ.

කෙසේ නමුත් එහෙත් මේසා විශාල, විශ්වාස වන්ත ව්‍යාපෘතියක් මෙරටට වැද්ද නොගැනීමට මෙරට කුහක බලධාරීන් කටයුතු කිරීම නිසා ලබන දෙසැම්බරයේදී මෙරට ආයෝජනය කිරීම පසෙකලා වියට්නාමයෙහි මෙම කර්මාන්ත ශාලාව පිහි‍ටු වීම සඳහා මේ වන විට එම රජය සමඟ සාකච්ඡා කරමින් තිබෙන බවත් දැන ගැනිමට තිබේ.

Rana
Top contributor
Top contributor

Posts : 1413
Join date : 2015-12-16

Back to top Go down

Re: ආයෝජනයට ශ්‍රීලංකාවට එන්න එපා.! ජාත්‍යන්තර සමාගම් නිවේදනයකට සැරසෙයි

Post by Rana on Wed Nov 15, 2017 2:06 am

i'm also not sure about that's why I attached the link of the news.


Rana
Top contributor
Top contributor

Posts : 1413
Join date : 2015-12-16

Back to top Go down

Re: ආයෝජනයට ශ්‍රීලංකාවට එන්න එපා.! ජාත්‍යන්තර සමාගම් නිවේදනයකට සැරසෙයි

Post by yellow knife on Wed Nov 15, 2017 11:05 am

It is always better to link the source Rana.

yellow knife
Top contributor
Top contributor

Posts : 5898
Join date : 2014-03-27

Back to top Go down

Re: ආයෝජනයට ශ්‍රීලංකාවට එන්න එපා.! ජාත්‍යන්තර සමාගම් නිවේදනයකට සැරසෙයි

Post by Ethical Trader on Wed Nov 15, 2017 5:57 pm

I admire the general message given in it more than the reputation of the web site.

We all know that we have lost our position by several numbers in the Ease of Doing Business indicator published already recently. Authorities must do some thing before outsiders take it up as reported.
avatar
Ethical Trader
Top contributor
Top contributor

Posts : 4120
Join date : 2014-02-28

Back to top Go down

Re: ආයෝජනයට ශ්‍රීලංකාවට එන්න එපා.! ජාත්‍යන්තර සමාගම් නිවේදනයකට සැරසෙයි

Post by Admin on Wed Nov 15, 2017 8:15 pm

Not much time to go through. But I am sure someone can comment if this is true or not. Headline looks suspicious

Admin
Admin

Posts : 434
Join date : 2014-02-22

http://investorsentiment.forumotion.net

Back to top Go down

Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum