- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
දකුණු කොරියාව: ජනපති මෛත්‍රීට අනපේක්ෂිත අමුත්තෙක් මුණගැසෙයි
Image copyright Twitter/ @MaithripalaS
ශ්‍රී ලංකා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන දකුණු කොරියාවේ තෙදින නිල සංචාරයක නිරතව සිටින අතරවාරයේ ජනාධිපතිවරයා සහ දකුණු කොරියාවේ ජනාධිපති මුන් ජෙයින් අතර අනපේක්ෂිත මිත්‍ර හමුවක් සිදු වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
රාජ්‍ය නායකයන් දෙදෙනා අතර නිල සාකච්ඡාව පැවැත්වීමට නියමිතව තිබෙන්නේ බදාදාය. (නොවැම්බර් 29)
ඒ අතර ශී‍්‍ර ලංකා ජනාධිපතිවරයා පිළිබඳ "සිය පැහැදීම පළ කරමින් ජනාධිපතිතුමා උණුසුම් ලෙස පිළිගැනීමට" දකුණු කොරියානු ජනාධිපතිවරයා කටයුතු කර තිබුණ බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
ඒ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන සෝල් නුවර ජොග්යේසා පෞරාණික බෞද්ධ විහාරස්ථානය වැඳ පුදා ගැනීමට පැමිණි අවස්ථාවේය.
Image copyright Twitter/@MaithripalaS
"සියලූදෙනා පුදුමයට පත්කරමින් කොරියානු ජනාධිපතිවරයා එහි පැමිණ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා පැමිණෙන පෙර මග බලා සිටියේය," යනුවෙන් ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
"එහිදී ජනාධිපතිතුමා ඉතා උණුසුම් ලෙස පිළිගත් කොරියානු ජනාධිපතිතුමා සිය නිල හමුව හෙට දිනට යෙදී තිබුණු ද ශී‍්‍ර ලංකා ජනාධිපතිවරයා වෙනුවෙන් මිත‍්‍රශීලි පිළිගැනීමක් ලබාදීමට තමා මෙහි පැමිණි බව කියා සිටියේය."
මෙම "නිහතමානී සහ විශිෂ්ඨ පිළිගැනීම" වෙනුවෙන් දකුණු කොරියානු ජනාධිපතිවරයා වෙත ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සිය ස්තූතිය සහ ගෞරවය පිරි නමා තිබේ.
ට්විටර් පණිවුඩයක් මගින් ද ඒ පිළිබඳව සිය ප්‍රමාණය පුද කරන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසන්නේ නිල හමුවීමට දිනට ප්‍රථම තමන්ට මේ ආකාරයට රාජ්‍ය නායකයෙකු මුණගැසුනේ ප්‍රථම වතාවට බව ද සඳහන් කරයි.
එහිදී අදහස් දැක්වූ දකුණු කොරියානු ජනාධිපතිවරයා, අධිරාජ්‍යවාදයට යටත්ව සිටි ශ්‍රී ලංකාව සහ දකුණු කොරියාව රටවල් දෙකම පසුව යුද අත්දැකීම්වලට ද මුහුණදී අවසානයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ජයග‍්‍රහණය කළ රටවල් යයි පෙන්වා දුන් බව ද මාධ්‍ය නිවේදනය සඳහන් කරයි.
බොහෝ පොදු තත්ත්වයන් පවතින සිය දෙරට අතර ඉදිරියේදී සුවිශේෂී සබඳතා රැසක් නිර්මාණය වනු ඇති බවට ද එහිදී දකුණු කොරියානු ජනාධිපතිවරයා විශ්වාසය පළ කොට තිබේ.
ජොග්යේසා විහාරස්ථානයේ ප‍්‍රධානී පූජ්‍ය Seol Jeong හිමියන් එහිදී දෙරටේ නායකයන් වෙත සිය ආශිර්වාදය පළ කළේය.
1913 දී ජොග්යේසා විහාරස්ථානයේ සර්වඥ ධාතුන් තැන්පත් කරනු ලැබුවේ අනගාරික ධර්මපාලතුමා විසිනි.
ආචාර්ය සරත් අමුණුගම, තිලක් මාරපන, දයා ගමගේ, රංජිත් සියඹලාපිටිය, තලතා අතුකෝරළ සහ මලික් සමරවික‍්‍රම අමාත්‍යවරුන් ද ජනාධිපතිවරයා සමග මෙම සංචාරයට එක්ව සිටිති.