- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
*කොට්ටේ තරණය කිරීම*
ඉතා දුෂ්කර පළාතක පිහිටි කුඩා පාසැලකි. එහි ගුරු මණ්ඩලය දෙදෙනෙකුගෙන් සමන්විත විය. ඒ දෙදෙනාම අඹු සැමියන් වූහ. මුල් ගුරුවරයා වූයේ සැමියාය. හදිසියේම ගුරු බිරිද මිය යෑම නිසා මුල් ගුරු තුමා හුදකලා විය. තමාට පාසැලේ කටයුතු තනිව කරගෙන යාමට නොහැකි නිසා ගුරු පුරප්පාඩුව පුරවන ලෙස ඔහු දෙපාර්තමේන්තුවට බල කර සිටියේය. ඒ අනුව පාසැලට ගුරුවරියක් මාරු වී ආවාය. ඇය පැමිණියේ සවස් කාලයකය. ඇයට නවාතැන් සපයා දීමට මුල් ගුරු තුමා දැරූ සෑම උත්සාහයක්ම අසාර්ථක විය. ඇයට ආපසු යාමට ගමන් පහසුවද නැත. මුල් ගුරුතුමාගේ කාමරයද කුඩා එකකි. ගුරුවරිය ආපසු යැවීමටත් නොහැක. විකල්පයකුත් නැත. එකම විසදුම දෙදෙනාම එකම කාමරයේ නවාතැන් ගැනීමය. ගුරුවරියට කාමරය දී මුල් ගුරු තුමාට පාසැල තුළ හෝ නිදා ගැනීමට නොහැකි තරමටම ඩෙංගු මදුරු උවදුර උත්සන්න වී ඇත. එබැවින් දෙදෙනාම එකම කාමරයේ නිදා ගැනීම හැර වෙනත් විසදුමක් නොවීය. ඒ අනුව දෙදෙනාම සම්මුතියකට එළඹියහ. එනම්, චරිත කෙලෙසා ගැනීමකින් තොරව ශිෂ්ඨ සම්පන්නව, කාමේ සුමිච්ඡාචාරා සිල් පදය රැකගෙන ජීවත් වීම පළමු එකගත්වයයි.
පළමු දිනයේම රාත්රියේ නින්දට යාමට සූදානම් වී මුල් ගුරුවරයා තම යුගල ඇදේ (ඩබල් බෙඩ්) හරියට මැදින් දික් අතට කොට්ටයක් තැබුවේය. ඉන්පසු ගුරුවරිය ඇමතූ ඔහු “මේ කොට්ටේ තමයි මහා සාගරය. අපි දෙන්නා සාගරය දෙපැත්තේ රටවල් දෙකක ජීවත් වෙනවා කියා සිතා ගෙන මේ කොට්ටේ දෙපැත්තේ ඉදිමු“ යයි කිවුවේය. එදා සිට දෙදෙනාම ඒ සම්මුතිය අඛණ්ඩව පිළිපැද්දහ.
වසර අවසානයේ මේ ගුරු දෙපොලද සමග පාසැල් දරුවන් එක් දින විනෝද ගමණක් ගියහ. එම චාරිකාව අතරතුර දී ඔයකට බැස ජල ක්රීඩා තරමින් සිටියදී එක් වරම හමා ආ මාරුතයකින් ඔය ඉවුරේ තිබූ ඇදූම් විසිරී ගියේය. ගුරුවරියගේ ඇදුම ඉතා සැහැල්ලු එකක් වූයෙන් එය ඔයේ අනිත් ඉවුර තෙක් ගසා ගෙන ගොස් වැටී තිබුනි. ගුරුවරයා පීනාගෙන ගොස් එය රැගෙන ඒමට සූදානම් වන විට ගුරුවරිය මෙසේ කීවාය. “ඕයි හරියටම අවුරුද්දක් ගිහිල්ලත් අගල් දොලහක්වත් පළල නැති කොට්ටයක් තරණය කරන්න බැරි වුන තමුසේ මේ අඩි හැටක් විතර පළල ජල කදක් තරණය කරන්නේ කොහොමද. මගක් හරියෙ ගිහිල්ලා දියේ ගිලිලා මැරෙන්නෙ නැතුව, ගෙදරදී අර ලියන මේසේ පැත්තට හැරිලා බුදිය ගන්න විදියට ඔන්න ඔහෙ අහක බලාගෙන ඉන්නවා. මම ඔය තියෙන එකක් ඇදගෙන යන්නම්“ යයි කිවුවාය. ගුරුවරයා දරා ගැනීමට නොහැකි වූ තරම් අවඥාවකට ලක් විය.
මුළු ගමන පුරාම ලැජ්ජාවෙන් සිටි ගුරුවරයා තීරණයක් ගත්තේය. එදා රාත්රියේම ඔහු කොට්ටේ තරණය කළේය. එවිට, “මේ මොකද මේ“ කියා ගුරුවරිය ඇසුවාය. පිළිතුර වූයේ “මම අර ඔයාගේ ඇදුම ගේ්න්න ඔයේ එහා ඉවුරට පීනලා යන්න හදලා සවුත්තු වෙච්ච වෙලාවෙ ඉදලාම මහා සාගරය පීනන්න පටන් ගත්තා. එසේ පැය ගාණක්ම පීනලා පීනලා සාගරය තරණය කරලා තමයි මේ ඔයා ඉන්න රටේ වෙරළට ආවේ“
ගුරුවරියද තමන් වෙනුවෙන් මහා සාගරයක් තරණය කොට පැමිණි ධෛර්ය වන්තයා මහත් ආශාවකින් යුතුව පිළිගෙන රට මැදටම ලංකර ගත්තාය.
Nimal Chandrasiri Gh
- slstockVeteran
- Posts : 6216
Join date : 2014-06-12
Re: *කොට්ටේ තරණය කිරීම*
to appreciate the decency of the man for resisting temptation for a year !
Who got him into the temptation and the mess finally ?
Behind every messed up man, there is woman ! Hehe
( hey no one from the Woman lib should attack me. Said it as joke)
- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28