- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
විද්‍යාව මිස්ගේ පාඩම...
ගමේ ඉස්කෝලෙ පහේ පංතියෙ මිස් දවසක් හදිස්සියෙ නිවාඩුවක් අරං. ශිෂ්‍යත්ව විබාගෙත් ලඟ එනව. ළමයි නිකං කාලෙ කන එක වලක්කන්න විදුහල්පති තුමා කවුරුහරි ගුරුවරයෙක් පංතියට දාන්න කල්පනා කලා.
ලඟදි පත්වීම අරං ආපු විද්‍යා උපාධිධාරී ගුරු මෙනවියක් හිටිය කාල සටහනක් නොදීපු. විදුහල්පති තුමා මේ ලමයගෙන් ඉල්ලීමක් කලා අර පංතිය ටිකක් බලන්න කියල,
"පොඩි මිස්, අපට උදවුවක් වසයෙං අද පහේ පංතිය බලන්න. ශිෂ්‍යත්තෙට තව මාස දෙකයි නෙව. ඔය මොනවහරි ටිකක් කියල දෙන්න.."
ගුරු මෙනවිය ඉල්ලීම පිලිඅරං පහේ පංතිය වෙත ගියා. ළමයින් ඇයට ආචාර කරල පිලිගෙන සන්සුන් වුනා. ඒ නෝන විද්‍යා උපාධිධාරිනියක් උන නිසා ඇයට උගන්නන්න පුළුවන් වුනේ විද්‍යා පාඩම්. ඇය පාඩමේ මාතෘකාව කළුලෑල්ලේ ලිවුව.
"අස්ථි පංජරය"
"ලමයි මේක ගැන දන්නවද?"
"නෑ ඉස්කෝලෙ හාමිනේ..."
දරුවන් ඒ වචනය මින්පෙර අසා නැති බව ගුරුවරිය තේරුම් ගත්තා. ඒ නිසා ඒ වචනය මකාදාල "ඇටසැකිල්ල" කියල ලෑල්ලෙ ලිව්ව.
පොඩි කොල්ලො බකබක ගගා හිනා උනා. කෙලි පැටියො බිම බලාගත්ත.
"ආ... ඒපාරනං කාටත් තේරුනා නේද? දැං මේක තියන කට්ටිය අත් උස්සන්න බලන්න..."
කවුරුවත්ම අත ඉස්සුවේ නෑ.
"ඇයි මේ වචනෙ තේරුම දන්නෙත් නැද්ද?"
"දන්නව දන්නව... හොඳට දන්නව..."
"එහෙනං ඇයි මේක තියන අය අත උස්සන්නෙ නැත්තෙ ?"
"අපිට ඕක නෑ..."
කවුරුත් එක හඬින් කිවුවා.
"මොකක්? මේක කාටත් තියෙන එකක්. මේ වචනෙ තේරුම දන්නව නං මගෙන් ගුටි නොකා මේක තියන එවුන් අත උස්සපල්ල."
"නෑ නෑ අපටනං නෑ.."
ලමයි විලාප දීල කිව්ව. ගුරුතුමිය රවල බැලුවා එක අහිංසක කොල්ලෙක් විතරක් බිම බලාගෙන ලැජ්ජාවෙන් අත ඉස්සුව.
"ආ.. පුතාට තියෙනවද පුතේ..."
"ඔවු ඉස්කෝලෙ හාමිනේ.... "
කොල්ල අඬන්න වගේ. අනිත් කොල්ලො මේ පොඩි එකාට හූ කියන්න පටන්ගත්ත. ගුරුවරියට හරිම කේන්තියි.
"උඹල මොකද ඒ පොඩි එකාට හූ කියන්නෙ? ඌ විතරයි ඇත්ත කිව්වෙ. තොපිට ඒක තියේද ඇහුවම ඒක කියන්නත් බෑ. කියාපු එකාටත් හූ කියනව."
"ඉතිං අපට ඕක නෑනෙ. මූට තියෙනව කියල අපි දන්නෙත් නෑ"
පංතියේ ගෝසාව අැහිල විදුහල්පති තුමාත් ආවා.
"මොකද පොඩි මිස් මේ කලබලේ. පන්තිය කීකරු නැද්ද"
"නෑ සර් මම මේ ලමයින්ට යමක් උගන්නන්න හැදුවම උන්ට ඒකෙ අගයක් නෑ. මම අස්ථි පංජරය ගැන උගන්නන්න හැදුව, උන් ඒ වචනෙවත් දන්නෙ නෑ. ඒපාර මම "ඇටසැකිල්ල" කියල කළු ලෑල්ලෙ ලිවුව. මුං හිනා වුනා. මම කිව්ව මේක තියන අය අත උස්සන්න කියල. එකම එක කොළුවයි අත ඉස්සුවෙ. මුං ඌටත් හූ කියනව. අර, ඒ කොළුවත් දැං අඬනව..මට නං බෑ මුන්ට උගන්නන්න සර්.."
"ආ... ඒත් මම බැලුව මොනවද මේ උගන්නල තියෙන්නෙ කියල. මිස්ට ලියන්න ඕන උනේ "ඇටසැකිල්ල" උනාට, වචනෙ ලියනකොට මිස්ට පොඩි වැරදීමක් වෙලා තියෙනව. අර කළු ලෑල්ලෙ ලියපු වචනෙ මකල දාන්න.. එතකොට ප්‍රශ්නෙ ඉවර වෙයි..."
ගුරුවරිය තමන් කළුලෑල්ලේ ලියූ වචනය දෙස හැරී බැළුවා. වැඩේ වැරදී ඇති බව අැයට තේරුනේ එතකොටයි. වචනය ලියන විට ඇය අතින් අකුරු පැටලී මෙලෙස ලියවී තිබුනා
"ඇටකැසිල්ල"
"අපරාදෙ මං නිකං මාට්ටු උනා...." අර අහිංසක කොල්ලා කඳුළු පිහිමින් කිවුවා..
- sereneTop contributor
- Posts : 4850
Join date : 2014-02-26