- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
පාස්කු ප්‍රහාරයෙන් පසු වැඩිම සංචාරක පැමිණීම නොවැම්බරයේ දී
December, 4, 2019
2019 නොවැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 176,984 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම සංඛ්‍යාලේඛන අනාවරණය කර සිටී.
අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරයෙන් පසු දැඩි පසුබෑමකට මෙරට සංචාරක කර්මාන්තය පත්වූ අතර ඉන් පසු වැඩිම විදෙස් සංචාරකයින් ප්‍රමාණයක් පැමිණි මාසය ලෙසින් 2019 නොවැම්බර් මාසය වාර්තා වනු ඇත.
එසේම 2019 ඔක්තෝබර් මාසයේ දී මෙරටට පැමිණි සංචාරකයින් 117,743 ට වඩා 51,241 ක සංචාරකයින් ප්‍රමාණයක් නොවැම්බර් මාසයේ දී මෙරටට පැමිණ තිබේ. එය 49%ක වර්ධනයකි.
කෙසේ වෙතත් 2018 වසරේ නොවැම්බර් මාසයට වඩා මෙම වසරේ නොවැම්බර් මාසයේ දී පැමිණ තිබෙන සංචාරකයින් සංඛ්‍යාවෙහි 9.5%ක පහළ යාමක් වාර්තා වේ.
මේ අනුව 2019 වසරේ මුල් මාස 11 තුළ දී ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන මුළු විදෙස් සංචාරකයින් ගණන 1,672,039 කි. මෙය 2018 වසරේ මුල් මාස 11 තුළ පැමිණි 2,080,627 ක් වන සංචාරකයින් ප්‍රමාණයට වඩා 19.6% ක පහළ යාමක් ලෙසින් සටහන් වේ.