- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
තීන්ත කොන්ත්‍රාත්තුව
ඩොනල්ඩ් ට්‍රම්ප්ට දවසක් ධවල මන්දිරය තීන්ත ගහන්න අවශ්‍ය විය.
තීන්ත ගහන්න කොන්ත්‍රාත්තුව සදහා කොන්ත්‍රාත්කරුවන්ට ඇරයුම් කලා,
චීනා -
"ඩොලර් මිලියන 3 ක් වියදම් වෙනවා" යනුවෙන් එම කොන්ත්‍රාත් මුදල ඉල්ලා සිටියා.
ජපනා -
ඩොලර් මිලියන 7ක් වියදම් වෙන නිසා එම කොන්ත්‍රාත් මුදල ඉල්ලා සිටියා.
ලාංකිකයා -
"ඩොලර් මිලියන 10 ක් වියදම් වෙනවා" යනුවෙන් එම මුදල ලබා දෙන මෙන් ඉල්ලා සිටියා.
පසුව ට්‍රම්ප් චීනට කතා කර
"ඔයා කොහොමද ඩොලර් මිලියන 3 කට ඇස්තමේන්තු මුදල නිර්ණය කෙරුවේ? යනුවෙන් ඇහුවා. එයට ඔහු
ඩොලර් මිලියන 1 තීන්ත වියදම්
ඩොලර් මිලියන 1 සේවක වැටුප්
ඩොලර් මිලියන 1 මගේ ලාභය
පසුව ජපනට කතා කරලා
ඔයා කොහොමද ඩොලර් මිලියන 7 කට ඇස්තමේන්තු කලේ? යනුවෙන් ඇහුවා. එයට ජපනා
මිලියන 3 ක් තීන්ත වියදම්
මිලියන 2 ක් සේවක වැටුප්
මිලියන 2 ක් මගේ ලාභය කිව්වා.
ට්‍රම්ප් ලාංකිකයට කතා කරලා
ඔයා කොහොමද ඩොලර් මිලියන 10 ට ඇස්තමේන්තු කලේ? යනුවෙන් ඇහුවා. එයට ඔහු
මිලියන 4 ක් ඔයාට
මිලියන 3 ක් මට
අපි දෙන්නා එකතු වෙලා මිලියන 3 ක් චීනට දීලා ඒ වැඩේ කරන්න කියමු". යැයි කිව්වා. ට්‍රම්ප් සැනකින් විමතියට පත් වී වෙන කිසිදු වචනයක් නොකියා කොන්ත්‍රාත්තුව ලාංකාවට පිරිනැමුවා. 🤪
Sri lankan Politics
ට්‍රම්ප්ටත් කියා දෙයි අපේ වුන් දේශපාලන