- stocks hunterTop contributor
- Posts : 1280
Join date : 2014-03-16
Monday Markets -සබඳ!මේ අපේ කොටස් වෙළෙඳ පොළයි! මීළඟ ට කුමක් වේද?
අද දිනයේද රුපියල් බිලියන 1.6 ක මුළු පිරිවැටුෙමන් රුපියල් මිලියන 318.2 ක පිරිවැටුමට ඉහළම දායකත්වය නේෂන්ස් ට්‍රස්ට් බැංකුව ලබා දුන්නේ එහි කොටස් මිලියන 2.5 ක් කොටසක් රුපියල් 95 බැගින් හුවමාරු වෙමිණි.පසුගිය සිකුරාදා මෙහි සිදු වු ගනු-දෙනු ප්‍රියානි රත්න ගෝපාල්ගේ එන්ටර්ප්‍රයිස් සිලෝන් කැපිටල් කොටස් තැරුවිකාර සමාගම හරහා සිදු වු අතර එහිදි අප කලින් වාර්තා කල පරිදි Prem Watsa නායකත්වය දෙන පාර්ශ්වය සමග ජනශක්ති රක්ෂණ සමාගම එදින ප්‍රමුඛ මිලදි ගැනුම් සිදු කළ බව නිල නොවන වාර්තා කියයි.
Prem Watsa නායකත්වය දෙන පාර්ශ්වය මේ වන විටත් HWIC Asia Fund හරහා සියයට 9.47 ක හිමිකමක් මෙහි දරා ඇති පසුබිමක එදින මෙම නේෂන්ස් ට්‍රස්ට් කොටස් මිලදි ගැනිම ඔහුට අදාල පාර්ශ්ව විසින් සිදු කළේ නම් ඒ පිළිබඳව කොටස් වෙළෙඳ පොල නිවේදනයක් සිදු කළ යුතුව පවති. Prem Watsa ස්වකිය ෆේයා ෆැක්ස් හෝල්ඩිංග්ස් කොටස් වෙළෙඳ පොළ ගනු-දෙනු පසුගිය කාලයේ සිදු කළේ IIFL කොටස් තැරුවිකාර සමාගම හරහාය.
වැලිබල් පවර් එරත්න හා පීපල්ස් ලීසිං මේ වන විට ආයෝජකයින්ගේ දැඩ් කතා බහකට ලක්වන සමාගම් වි ඇත්තේ ඉදිරියේදි ඒවායේ හිමිකමේ යම් පෙරළි සිදු වේ යැයි යන අපේක්ෂා හා කට කතා නිසාය.
පසුගියදා වැලිබල් පවර් එරත්න හි කාර්තුමය ගිණුම් වාර්තා පදනම් කර මෙහි අගය රුපියල් 11 දක්වා වටිනා බවට බාර්ටිලිට් කොටස් තැරුවිකාර සමාගම සිදු කළ පර්යේෂණ වාර්තාවද පදනම් කර පසුගිය කාලයේ මෙහි විශාල උනන්දුවක් ආයෝජක විෂයෙහි ඇති වි තිබිණි.
පීපල්ස් ලීසිං හි රූසි කැප්ටන්,අජිත් දේවසුරේන්ද්‍ර,ඉෂාර නානයක්කාර,ඉන්ද්‍රා සිල්වා වැනි බලගතු ආයෝජකයින් පසුගියදා රුපියල් 22 ක මට්ටමකදි මෙහි කොටස් මිලදි ගත්තේ ඉදිරියේ යම් පෙරළියක් අපේක්ෂාවෙන් බව මොවුනගේ චර්යා විශ්ලේෂණය කරන තැරුවිකාර අංශ කියයි.
ජෝන් කීල්ස් හා එහි කොටස් බලපත්‍රද අද සක්‍රිය විය.