- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
ජනපතිවරණ ප්‍රතිඵල ගැන කොමසාරිස්ගෙන් හදිසි තීන්දුවක්
මෙතෙක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සතුව තිබූ ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීමේ බලය මෙවර ජනාධිපතිවරණයේදී වහාම ක්‍රියාත්මක වන පරිදි මැතිවරණ කොමසාරිස්වරයා පවරාගෙන ඇත. වසර ගණනාවක් තිස්සේ ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීමේ නිල බලය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට පැවරී තිබුණද එම දෙපාර්තමේන්තුවේ දේශපාලන මධ්‍යස්ථභාවය සම්බන්ධයෙන් දිගින් දිගටම ලැබුණු පැමිණිලි සැලකිල්ලට ගෙන මැතිවරණ කොමසාරිස්වරයා එම තීරණය ගෙන තිබේ.
මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා එම තීරණය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇත.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මඟින් පවත්වාගෙන යන රජයේ නිල වෙබ් අඩවියේ ආණ්ඩුවට පක්‍ෂග්‍රාහී පුවත් පළ කිරීම හා එම දෙපාර්තමේන්තුවේ ඇතැම් පත්වීම් දේශපාලන පත්වීම් බවට විද්වත් සංවිධාන හා වෘත්තීයවේදීහු දිගින් දිගටම චෝදනා එල්ල කළහ.
එම වෙබ් අඩවියේ ජනාධිපති අපේක්‍ෂක මහින්ද රාජපක්‍ෂ මහතාගේ රැස්වීම් වාර්තා ඇතුළු ප්‍රවෘත්ති පළ කිරීම මත එම වෙබ් අඩවියේ ප්‍රධානී නරේන්ද්‍රනාත් චන්ද්‍රසිරි මහතා එම තනතුරෙන් ඉවත් කරන ලෙස මැතිවරණ කොමසාරිස්වරයා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට මීට පෙර ලිඛිතව දැනුම් දී තිබිණි.
http://www.mawbima.lk/31-75592-news-detail.html
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම