- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
බැංකු පොලිය බස්සවන්න මුදල් මණ්ඩලය කල් යල් බලා අවුරුදු තැග්ගක් දුන්නේ ඇයි?සියල්ල මෙන්න
Wednesday, 15 April 2015 21:44
(www.randora.lk-15/04/15)- මහ බැංකු මුදල් මණ්ඩලය විසින් පසුගිය මාස 03 ක කාලයක් තිස්සේ කරන ලද ඉතා සියුම් සලකා බැලිම් වලින් පසුව වෙළෙඳ පොල ණය ප්රසාරන අවශ්‍යතා සලකා මෙම අප්‍රේල් මාසය සදහා වන ස්වකිය ප්‍රතිපත්තිමය පොලි අනුපාත ලිහිල් කිරිමට පසුගිය 11 දා සෙනසුරාදා රැස් වු ත්‍රිපුද්ගල මුදල් මණ්ඩල කමිටුව තීරණය කළ බව මහ බැංකු ප්‍රකාශකයෙකු පැවසිය.
මේ අනුව ,මහ බැංකු අධිපති ධුරයේ වැඩ බලන මහ බැංකු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති පී.සමරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වු මෙම මුදල් මණ්ඩල රැස්විම සදහා මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග සහ මනෝහාරි රාමනාදන් යන මහත්ම මහත්මින් සහභාගි වි ඇත.(මුදල් පණතේ බලතල අනුව මහ බැංකු අධිපති ධුරයේ පුරප්පාඩු ඇතිවන අවස්ථාවන්හිදි මහ බැංකුවේ සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපතිට මහ බැංකු අධිපති වෙනුවෙන් මුදල් මණ්ඩලයේ මුලසුන දැරිය හැක.නව රජයක් බලයට පත් විම නිසා ස්වකිය කැමැත්ත පරිදි නිල් උමගිලිය හා නිමල් වෙල්ගම යන මහත්වරු ඉල්ලා අස්විමෙන් ඇති වු මුදල් මණ්ඩල පුරප්පාඩු තවම පුරවා නැත.)
මෙවර මුදල් මණ්ඩල තීරණ ඇතුළත් නිල නිවේදනය අද උදැසන නිකුත් වු අතර එය නව අවුරුද්දේ නව ආරකින් සියළු කරුණු එකි නෙකට වෙන්ව පුළුල් වශයෙන් විස්තර කරමින් සකස් කර තිබිමද විශේෂත්වයකි.
අද ගත් මේ ප්‍රතිපත්තිමය පොලි තිරණය ක්ෂණිකව ගත් එකක් නොවේ.අපි මාස කිහිපයක් තිස්සේ මෙම අඩු කිරිම සිදු කරන්න කල් යල් බලමිනුයි සිටියේ යැයි මහ බැංකු මෙම ප්‍රකාශකයා කීය.
මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) හා නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පිළිවෙළින් 6.00%සහ 7.50%දක්වා පදනම් අංක 50 කින් පහළ දැම්මට අද සිට තිරණය කළ බව මහ බැංකුව කියයි.
මෙම තීරණය ගැනිමට පහත කරුණු බලපා ඇත.
01.ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන කොළඹ පාරිභෝගිකයන්ගේ මිල දර්ශකයේ (කො.පා.මි.ද.) (2006/07=100) විචලනය මඟින් මනිනු ලබන උද්ධමනය ලක්ෂ්යමය පදනම මත 2015පෙබරවාරි මස පැවති සියයට 0.6හි සිට 2015 මාර්තු මාසයේ දී සියයට 0.1දක්වා පහළ වැට්ම.
වාර්ෂික සාමාන්‍ය උද්ධමනය ද 2015මස වාර්තා කළ සියයට 2.9හි සිට 2015මාර්තු මාසයේ දී සියයට 2.5දක්වා පහළ වැටී ඇත.
කො.පා.මි.දර්ශනය 2015පෙබරවාරි මාසයේ සිට මාර්තු මාසය දක්වා සියයට 0.4කින් පහළ වැටිණි. මාසය තුළ ආහාර මිල ගණන් පහළ යෑම සඳහා ප්‍රධාන වශයෙන් හේතු විය. බොහෝ එළවළු වර්ග, සහල්, තිරිඟු පිටි, සමහර කරවල වර්ග සහ බේකරි නිෂ්පාදනවල මිල ගණන් 2015පෙබරවාරි මස පැවති මිල ගණන් සමඟ සැසඳීමේ දී පහළ වැටිණි. කෙසේ වුව ද, මස්, සමහර නැවුම් මත්ස්‍ය වර්ග, පලතුරු, පොල් සහ පිළියෙල කළ ආහාර වර්ගවල මිල ගණන් මේ මාසය තුළ ඉහළ ගියේය.
2014පෙබරවාරි මස පැවති අතුරු අයවැයට අනුව සිදු කළ එල්.පී. ගෑස් මිල සහ බස් ගාස්තු පහළ දැමීමේ සංශෝධනවල පූර්ණ බලපෑම හේතුවෙන් ආහාර නොවන කාණ්ඩයේ නිවාස, ජලය, විදුලිය, ගෑස් හා අනෙකුත් ඉන්ධන සහ ප්‍රවාහන යන උප කාණ්ඩවල මිල ගණන් පහළ ගියේය. කෙසේ වුද, රෙදිපිළි හා පාවහන්, ගෘහ භාණ්ඩ, ගෘහ උපකරණ හා දෛනික ගෘහ නඩත්තු, සෞඛ්‍ය, විනෝදාත්මක හා සංස්කෘතික සහ විවිධ භාණ්ඩ හා සේවා යන උපකාණ්ඩවල මිල ගණන් හි ඉහළ යෑමක් වාර්තා විය. අධ්‍යාපන සහ සන්නිවේදන උප කාණ්ඩවල සාමාන්‍ය මිල ගණන් මෙම මාසය තුළ නොවෙනස්ව පැවතිණි.
ආර්ථිකයෙහි යටිදැරි උද්ධමනය පිළිබිඹු කරන මූලිකන උද්ධමනය ලක්ෂ්යමය පදනම මත 2015පෙබරවාරි මස පැවති සියයට 0.8හි සිට 2015මාර්තු මාසයේ දී සියයට 1.4දක්වා ඉහළ ගියේය. වාර්ෂික සාමාන්‍ය මූලික උද්ධමනය 2015පෙබරවාරි මස පැවති සියයට 3.2හි සිට 2015මාර්තු මාසයේ දී සියයට 3.0දක්වා පහළ වැටී ඇත.(මාර්තු මහ බැංකු උද්ධමන නිවේදනය)
02.මහ බැංකු දත්ත වලට අනුව පෙබරවාරි මාසයේදී පුද්ගලික අංශය වාණිජ බැංකු වලින් ලබාගත් ණය ප්‍රමාණය රුපියල් බිලියන 24.5 කින් හෙවත් සියයට 12.6 කින් පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව වර්ධනය වී ඇත. මෙම පුද්ගලික අංශයේ ණය ප්රසාරණයට ප්රතිචාරිව මෙම කාලය තුල පුළුල් මුදල් සැපයුමද සියයට 12.3 කින් ප්‍රසාරණය වි ඇත.
03. මාර්තු අග වු ඩොලර් බිලියන 6.8 ක විදේශ සංච්ත ප්‍රමානය ඩොලර් බිලියන 7 දක්වා මේ වන විට ඉහළ නැගි තත්ත්වය.මෙම තත්ත්වය ඉදිරියටත් ධනාත්මකව වර්ධනය වනු ඇතැයි මහ බැංකුව විශ්වාශය පළ කරනු ලබන අතර ඒ සදහා ඉන්දියාව සමඟ ඇති කළ currency swap ගිවිසුම මෙන්ම ඛනිජ තෙල් අනයන වියදම් අඩුවිමද බලපාන ලද බවද සදහන්ය.
04. පවතින අඩු උද්ධමන අනුපාත වලට සාපේක්ෂව බැංකු පොලි අනුපාත තවමත් ඉහළ අගයක ඇති බව පවසන මහ බැංකුව විශේෂයෙන් ආයෝජන හා සංවර්ධන අංශ වලට අවශ්‍ය අඩු පිරිවැය ණය අවශ්‍යතා වෙනුවෙන් තවදුරටත් බැංකු ණය පොලි පිරිවැය අඩු කරන නිර්නායකයින් අවශ්‍ය බැවින් එයට දිරි ගන්වනු පිණිස මෙම ප්‍රතිපත්ති තිරණය ගත් බවත් කියයි.
http://www.cbsl.gov.lk/pics_n_docs/latest_news/press_20150415e.pdf
- ණයවල පොලිය ගැන චීනයෙන් අපේ මුදල් අමාත්‍යංශයට උත්තරයක්
- දෙසැම්බර් -මහ බැංකු පොලිය නිහඩයි!පුද්ගලික අංශයේ ණය වර්ධනය 5.1% ට නගී
- දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර කොටස වසා දැමේ! අවහිර වී ඇති මාර්ග සියල්ල මෙන්න
- කැබිනට් මණ්ඩල සංශෝධනය සිදු වෙයි - නව ඇමති මණ්ඩලය මෙන්න
- මුදල් ප්‍රතිපත්තියට පෙර මහ බැංකු අධිපති කොටස් වෙළෙඳපොළට