- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
20 සම්මත කරන තුරු පාර්ලිමේන්තුව විසුරුවීම නවතී - පක්ෂ නායක හමුවේදී ජනපති කියයි
මැතිවරණ ක්‍රමය සංශෝධනය කරන විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කරගන්නා තුරු පාර්ලිමේන්තුව විසුරුවා නොහැරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (19) පෙරවරුවේ පැවති පක්ෂ නායක හමුවේදී පොරොන්දු වී තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම 19 වැනි සංශෝධනයට සහාය ලබාදෙන බවත් ඊට පක්ෂව ඡන්දය භාවිතා කරනු ලබන බවත් මෙහිදී විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසා තිබේ. එහෙත් මීට පෙර තම කණ්ඩායමේ ස්ථාවරය වූයේ මැතිවරණ ක්‍රමයත් මේ සමගම සංශෝධනය විය යුතු බවය. නමුත් ඊට අදාළ සංශෝධන හදිසියේ ගෙන ඒම ප්‍රායෝගික නොවන නිසා ඉදිරි කාලය ඇතුළත අදාළ සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් එහෙත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සිදුනොකරන ලෙසත් විපක්ෂ නායකවරයා මෙහිදී ජනාධිපති වරයාගෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ. ඊට ප්‍රතිචාර දැක්වූ ජනාධිපතිවරයා පවසා ඇත්තේ තමන් එසේ නොකිරීමට කටයුතු කරන බවයි. ඒ අනුව 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය පිළිබඳ විවාදය ලබන 21 සහ 22 යන දිනවල පාර්ලිමේන්තුවේදී පැවැත්වීමටද පක්ෂ නායකයින් එකඟවී තිබේ.
ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් අර්ථ නිරූපණයට අනුව එම විවාදය අදාළ දින දෙක තුළ පැවැත්වෙන අතර 22 වැනිදා ඊට අදාළ ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.
මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා, දිනේෂ් ගුණවර්ධන, ඩිව් ගුණසේකර, වාසුදේව නානායක්කාර, තිස්ස විතාරණ, ආර්. සම්බන්ධන්, විජිත හේරත් සහ පියසිරි විජේනායක යන මහත්වරුන්ද එක්ව සිටියහ.
රුචිර දිලාන් මධුශංක
http://www.rivira.lk/onlinenews/article/86668-20
- ශිරාණි ඉවත් කළ හැටි වැරදී බව අගමැති කියයි - පාර්ලිමේන්තුව උණුසුම් - විනාඩි 20ට කල්දමයි
- රවිට නඩු, රනිල්ට තරවටු, සියලු පාඩු අයකර ගැනීමට පියවර- ජනපති කියයි..
- ලංකාවේ සම්මත රවුම් ප්ලග් එක හතරැස් වෙයි
- ප්රාග්ධනය වෙනුවෙන් බද්දක් පැනවීමට අප තීරණය කළා. එම බද්ද මේ වසරේ දී සම්මත කර ගන්නවා.
- චුදිතයෙකුට උසස්වීමක් දිය නොහැකි රටේ චුදිතයන්ට පාර්ලිමේන්තුවට නාමයෝජනා දෙන අපේ පක්ෂ