- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
එ.ජා.ප. ආණ්ඩුවකදී EPF සහ ETF අරමුදල් වලට මොකද වෙන්නෙ?
biz_man Top News July 24th, 2015
රාජ්‍ය ව්‍යාපාර විශාල ලෙස පාඩු ලැබීමට පිළියමක් ලෙස රජයේ සියළු ව්‍යාපාර ආයතන සීමා සහිත රාජ්‍ය ව්‍යාපාර හිමිකම් සමාගමක් යටතට පත්කරන බව එක්සත් ජාතික පක්ෂය විසින් නිකුත් කර තිබෙන “පංචවිධ ක්‍රියාවලිය“ නම් ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කර ඇත.
මෙම සංස්ථාවේ භාරකරුවන් ලෙස සුදුසුකම් ලත් පුද්ගලයින් පමණක් දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධානවල පොදු එකඟතාවයෙන් පත්කිරීම සඳහා නීති සම්පාදනය කරන බව සඳහන්ය.
සීමාසහිත සමාගම් පාලනය කරන ආකාරයටම මෙම ආයතන පාලනය කිරීමට නීති සකස් කිරීමට මෙයින් යෝජනා කර තිබේ.
මේ අතර, මෙහි සඳහන් කර තිබෙන්නේ EPF සහ ETF අරමුදල් කළමනාකරණය කිරීම සඳහා මහජන වස්තු භාරයක් පිහිටුවන බවයි. EPF සහ ETF අරමුදල් වලින් කොටස් වෙළඳ පොළෙහි සහ දේශීය විදේශීය සුරැකුම් පත්වල කර ඇති ආයෝජන නිසි ලෙස කළමනාකරණය කිරීමට මෙම භාරය කටයුතු කරන බව සඳහන්ය.
මෙම භාරය නීතිගත කරනු ලබන අතර එයට භාරකරුවන් ව්‍යවස්ථාදායක මණ්ඩලය විසින් පත්කරන බව සඳහන් කර ඇත.
සීමාසහිත රාජ්‍ය ව්‍යාපාර හිමිකම් සමාගම සහ මහජන වස්තු භාරය යන ආයතන ද්විත්වයම පාර්ලිමේන්තුව විසින් අධීක්ෂණය කරන බව වැඩිදුරටත් සඳහන් වේ.