- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
Calamander Group සභාපති Roman Scott ගේ මේ "තේ" අවවාදයට සවන් දෙන්න
Written by Randora LK Editorial Board Published in Lead Story Monday, 07 September 2015 11:12
ශ්‍රී ලංකාවේ තේ අපනයනකරුවන් යුරෝපාකරයේ , ඇමෙරිකා එක්සත් ජනපදයේ හා අසල් වැසි ආසියාකරයේ වෙළෙඳ පොල වෙත වැඩ් ප්‍රමුඛතාවයක් දි අපනයන්ට දිරි ගැන්විය යුතු බව තේ ආර්ථීකය පිළිබඳව ආරාධිත දෙසුමක් සිදු කරමින් කැලමැන්ඩර් (Calamander Group Founder and Chairman Roman Scott) සමුහයේ සභාපති රොමන් ස්කොට් කියා සිටියේය.
පසුගිය සිකුරාදා තේ අපනයනකරුවන්ගේ වාර්ෂික මහ සභා රැස්විම අමතමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ මෙරට දැනට ප්‍රමුඛතාවය ලබා දි ඇති රුසියානු හා ඉරානය ප්‍රමුඛ කර ගත් මැද පෙරදිග වෙළෙඳ පොල දැන් අභාවයට යන වෙළෙඳ පොලක් බවයි.
ලිබරල් ආර්ථීක චින්තකයෙකු ලෙස අද මෙතනට ආවේ තේ ආර්ථීකය ගැන කතා කරන්නයි.ඒ අනුව 2020 වන විට ඔබලාගේ රුපියල් බිලියන 05 ක තේ අපනයන ඉලක්කයන් සපුරා ගැනිමට අදාල සැලසුම් කෙසේ සකස් කළ යුතුද?යන්න පිළිබඳව මගේ මතය ඉදිරිපත් කරන්න මම සුදානම්.
ඔබලා ඉන්නේ වැරදි වෙළෙඳ පොලක.මේ රුසියානු ඉරාන වෙළෙඳ පොලවල් ඔවුනගේ වෙළෙඳ පොල විවෘත කර නැහැ.දේශිය අගය එකතු කල නිෂ්පාදනයන්ට තැනක් දෙන්නේ නැහැ.මේ නිසා ලොව ප්‍රමුඛ විවෘත වෙළෙඳ පොලවල් ඇති වෙළෙඳ පොලක් වෙත ඔබලා විතැන් විය යුතුයි.අවශ්‍ය කරන අගය එකතු කිරිම් සිදු කළ යුතුයි.සුපිරි වෙලෙඳ සැල් ජාලයන් නවෝත් පාදනයන්ගෙන් සවි බල ගැන්විය යුතුයි.
දැන් බලන්න ජාත්‍යන්තරයේ අවධානය දිනා ගත් ඔබලාගේ ඩෙල්මා තේ දිහා.ඔවුන් හොද සන්නමක් ජාත්‍යන්තරයේ ගොඩ නගා තිබෙනවා.ඒ අය ආදර්ශයට ගන්න පුළුවන්.නමුත් දැන් ඇත්තේ දේශිය සන්නම් ගොඩ නගන වතාවරණයක් නොවේ.සිදු විය යුත්තේ ජාත්‍යන්තර සන්නම් වලට දේශීය තේ අපනයන කිරිමයි.
නව වෙළෙඳ පොල සංකල්ප නවෝත්පාදනයන් බිහි කිරිමයි.
http://www.randora.lk/index.php/lead-article/item/4068-calamander-group