- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
අපේ මනස
විඩාව දැනෙන්නේ ඇයි ? එයට කුමක් කළ හැකිද ?
විස්මිත වූ වැදගත් කරුණක් ඇත එනම් හුදෙක් මානසික කාර්ය නිසා ඔබට විඩාව ඇති විය නොහැකිය එහෙත් එය ව්හිළුවක් නේදැයි බැලු බැල්මට පෙනෙනු විය හැකිය. එහෙත් වැඩ කිරීමේ හැකියාව ක්ෂය වන මට්ටම පැමිණෙන තුරු මිනිස් මොළයට කොතෙක් වේලා ක්‍රියාකාරී විය හැකිදැයි සොයා බැලීම සදහා විද්‍යඥයෝ මිට වසර කීපයකට පෙර පර්යේෂණ රැසක්ම කළහ. ( 'වැඩ කිරීමේ හැකියාව ක්ෂය වීම' යනු විඩාව පිළිබඳ මේ විද්‍යාඥයන්ගෙ විස්මයට හේතු වුයේ, මොළය ක්‍රියාකාරීව පවත්නා විට, ඒ හරහා ගමන් කරන රුධිරය කිසිවිටක කිසිම විඩාවක ලකුණු නොපෙන්විමය. වැඩ කරමින් සිටින දෛනික කම්කරුවකුගේ නහරයකින් ඔබ රුධිරය රැගෙන පරික්ෂා කළහොත් 'විඩාව නිසා ඇති වූ විස' ඔබට නිසැකවම දැක ගත හැකිය. එහෙත් ඔබ නිතරම ක්‍රියාකාරී ඇල්බර්ට් අයින්ස්ටයින් තුමාගේ මොළයෙන් දවස අවසානයෙහි දී ලේ බිදක් ගෙන පරික්ෂා කළහොත් එහි විඩාව පිළිබද විෂ කිසිවක් සොයා ගත නොහැකිවනු ඇත. අපගේ මොළය සම්බන්ධයෙන් සලකන විට පැය අටක් හෝ දොළහක් ගත වී වුවද, ආරම්භයේදී මෙන් විශේෂ ආයාසයකින් තොරව ඉතා සුමට ලෙස එයට ක්‍රියාකාරී විය හැකිය. මොළය යනු අතිශයින්ම විඩා රහිතය එසේ නම් ඔබ වෙහසට පත්වන්නේ කවර නම් හේතුවක් නිසාද? මනෝ චිකිත්සකයින් පවසන පරිදි අපගේ විඩාවෙන් වැඩි කොටස උද්ගතවන්නේ මානසික සහ ආවේගික ආකල්ප ඇසුරෙනි. එංගලන්තයේ ඉතා සම්භාවනීය මානසික චිකිත්සකයකු වූ ජේ .ඒ .හැඩ්ෆීල්ඩ් මහතා "බලයේ මනෝ විද්‍යාව "නමැති කෘතියෙහි මෙසේ පවසයි. " අප පිඩාවට පත් කරන විඩාවෙන් ඉතා වැඩි කොටස උපදින්නේ මනසෙහිය. ඇත්ත වශයෙන්ම අධික වෙහෙස කායිකව උද්ගතවන අවස්ථා විරලය"
ඇමරිකාවේ සම්භාවනීය මනෝ චිකිත්සකයකු වූ අචාර්ය ඒ .ඒ .බ්‍රිල් මහතා එයටත් වඩා ඈතට යයි. ඔහු පවසන පරිදි යහපත් සෞඛෟයක් ඇති කායික කම්කරුවකු ගේ විඩාවේ සීයට සීයක්ම හුදෙක් මානසික සාධක නිසා ඇතිවන්නේය. අප ආවේගික සාධක යැයි පවසන්නේ ඒවාටය. කය නොවෙහෙසා ( නැතහොත් පුටුවේ හිදගෙන ) වැඩ කරන කෙනෙකුගේ විඩාවට බලපාන ආවේගික සාධක මොනවාද ? සතුටද? පිළිකුලද ? නැත, කිසිසේත් නැත. එකාකාරබව, නොරිස්සුම, අගයනු නොලබතැයි යන හැඟිම නිෂ්ඵලය යන හැඟිම ඉක්මන, නොඉවැසිල්ල සහ කනස්සල්ල යන මේවා පුටුවේ හිඳගෙන වැඩකරන සේවකයන් තුළ විඩාව ඇති කරන ආවේගික සාධක වේ. එයින් ඔවුන් තුළ උණ ප්‍රතිශ්‍යව වැනි රෝග වලට නැඹුරුවක් ඇති වෙයි. ඔවුන්ගේ නිෂ්පාදනය ඇද වැටෙයි. එවැන්නකු නිවසට යැවෙන්නේ ස්නායු පිඩාවක් සහිත හිස රුදාවකින් යුතුවය. ඔව් ඇත්තෙන්ම අපට වෙහෙස දැනෙන්නේ අපගේ ආවේග ශරීරයෙහි ස්නායුමය ආතතීන් ඇති කරන බැවිනි.
උපුටා ගැනීම සන්තාපයට තිත. ජිවිතයට සෙත! DALE CARNEGIE. අනුවර්තනය ලීලානන්ද ගමාච්චි.
- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
Re: අපේ මනස
මෙම සංකල්පය ග්‍රහණය කර ගැනීමට අපහසු විය හැක. ධනය රැස් කර බැංකුවේ දමා ගැනිමට අපි කවුරුත් කැමතිය. එයට මුදලේ ප්‍රමාණය රුපියල් දහයද, රුපියල් දාහද කියා ප්‍රශ්නයක් නැත. වැදගත් වන්නේ කොතරම් මුදල් ප්‍රමාණයක් ඔබ තැන්පත් කරන්නේද යන්නයි.......මම මුදල් ගොඩක් ඇති පොහොසත් කෙනෙක් වෙනවා කියා ඔබ නිතර සිතන්නේ නම් ඔබට අවශ්‍යය පරිදි කැමති ජීවිතයක් ගත කිරීමට ඇති තරම් මුදල් ඔබට ලැබෙනු ඇත. ධනවත් වන්න අද සිට සිතන්න මොළයට කළ නොහැකි දෙයක් නැහැ.
ධනවත් වීම යන මාතෘකාවට එකතු විය යුතු දෙයකි මුදල්....... ධනය පිළිබඳ වැඩි අර්ථයක් කිව්වොත් මුදල් ඉපැයීම, අවශ්‍යයතාවයට වියදම් කිරීම, තැම්පත් කිරීම මේ සියළු දේ ඔබගේ මනස විසින් පාලනය කරයි. ඔබ ධනවත් වීමට අති උසස් මනසක් ඇති කර ගත් පසු ඔබට වැඩි වැඩියෙන් මුදල් ආකර්ශනය කර ගැනීමට හැකි වනු ඇත.
මම ඔබට දෙයක් කියන්නම්........ මුදල් වලට බලයක් ඇත. මට මුදල් නෑ කියා කවදාවත් පසු තැවෙන්න එපා, පොහොසත් අය දෙස බලා තමා ලග ඇති ආත්ම ශක්තිය නැති කරගන්න එපා නිතර හිතන්න ඇයි එයාට පොහොසත් වෙන්න පුළුවන්නම් මට බැරි කියලා. මුදල් වලට කවදාවත් බියක් ඇති කර ගන්න එපා. එසේ වූවොත් ඔබගේ ශක්තිය, ධෛර්ය අඩු වේවි. මුදල් ලබා ගැනීමට ඔබට මාර්ග ලැබුනත් ඒවා නැති වෙලා යාවි. මතක තබා ගන්න මුදලේ ඇති බලය යහපත් දෙයට මිස අයහපත් දෙයට ප්‍රයෝජනයට ගන්න එපා
ඔබගේ ජීවිතයට ධනය අවශ්‍යය නම්, නිතර ධනාත්මක සිතුවිලි තුල ජිවත් වන්න......... ඔබගේ පර්ස් එක කවදාවත්ම හිස් කරන්න එපා පර්ස් එකේ කොතැනක හෝ යම් මුදලක් තියා ගන්න ඔබ මුදල් වලට ආස තරමටම, ආදරය කරන තරමටම ඔබත් නොදැනුවත්වම මුදල් ඔබට ලැබෙයි. ඉන් අදහස් වන්නේ ඔබ පුංචි තැනකින් යම් දෙයක් පටන් ගන්න හිතන්න ඔබට සිල්ලර බඩු කඩයක් දාන්න ඕන නමුත් ඔබට කඩ කාමරයක් නැහැ ඔබට පුළුවන් ඉඩ තියෙන විදිහට ඔබේම නිවසේ කොටසක පටන් ගන්න ඒ ලැබෙන අදායම ටික ටික වැඩිකරගෙන දියුණු කරගන්න. අපේ රටේ පොහොසත් කෙනෙක් ගත්තොත් ඒ කෙනාගේ පටන් ගැන්ම හරිම පොඩියි......
මට හරියනවා, හැමදෙයක්ම, හැම වැඩක්ම සාර්ථකව කරගන්න පුළුවන් වෙනවා, මම දියුණු වෙන් දියුණුවටම පත් වෙනවා කියන අධිස්ථානයෙන් සිටිය යුතුය.
පුංචිම පුංචි සන්දියේ මා ලග ලස්සන කැටයක් තිබුණා එකට හැමදාම කියක් හරි දාන්න මම අමතක කලේ නැහැ මේ කැටේ ටික ටික පිරිලා කටගාවටම ආව ඒකේ එකතු වුණු මුදල් ඔක්කොම මගේ අතේ පිරිලා තියෙනවා දැකලා මම මොනතරම් සතුටු වුනාද ඒ මතකය අදටත් මගේ මනසේ සටහන් වෙලා තියෙනවා. එදා තමයි මම මුලින්ම මුදල් වල ඇති වටිනාකම ඉගෙන ගත්තේ.
ඔබත් පොහොසතෙක් වීමට ප්‍රථම මුදලේ ඇති වටිනාකම සහ තමාගේ අතට ලැබෙන මුදල කොහොමද පරිහරණය කල යුත්තේ කියා හොදින් වටහා ගෙන ජීවිතය දිනන්න..........ඔබට සුබ පැතුම් !
sugath fernando.
- mymoney
- Posts : 544
Join date : 2014-08-06