- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
බලු ලව් එක හන්දා කොල්ලෙක්ට වුණු දෙයක්
මගේ යාළුවෙක් හිටියා. උෟ පදිංචි වෙලා හිටියේ බෙන්තර ගඟෙන් එහා ගාල්ල පැත්තේ. උෟ ඇවිල්ලා අපේ භාෂාවෙන් කියනවා නම් අමුම අමු රස්තියාදුකාරයෙක්. ගමේ හිටිය චාටර්ම සෙට් එකට වැටිලා තැන තැන රස්තියාදු ගහ ගහ තමයි හිටියෙ. හැබැයි මූ කාන්තා පාර්ශ්වයත් එක්ක සම්බන්ධතා පැවැත්වුවේ ඉතාම පරෙස්සමෙන්. මේ කොල්ලා ආදරේ කළේ එක් කෙල්ලෙකුට විතරයි. ඒ කෙල්ලත් මූට පණ ඇරලා ලව් කළා. ඒක උන් දෙන්නගෙම කුලුඳුල් සැලමුතු ප්‍රේමය.
හැබැයි අපේ එකාට ගමේ තිබුණෙ එච්චර හොඳ නමක් නම් නෙවෙයි. මොකද උෟ ආශ්‍රය කරපු සෙට් එක එච්චර හොඳ නැති නිසා. ඒ වුණාට මූ එහෙම නරක එකෙකුත් නෙවෙයි. උෟ රා කට්ටක් ගැහුවට බෝක්කුවක් උඩට වෙලා කයියක් ගගහ හිටියට නරක වැඩ කරපු එකෙක් නෙවෙයි.
මූගේ කෙල්ල මූව මේ වැඩෙන් බේරගන්න සෑහෙන්න ට්‍රයි කළා. මූ අන්තිමේදී කෙල්ලට ඇත්තම කිව්වා.
"මට ගෙදරට වෙලා කරන්න දෙයක් නෑ"
ඒ පාර කෙල්ල මාර යෝජනාවක් කළා.
"අපේ පුංචිලාගේ ගෙදර ජර්මන්
ෂෙපර්ඩ් බැල්ලියක් පැටව් දාලා ඉන්නවා. මම ඔයාට ඒ පැටියෙක් ගෙනත් දෙන්නම්" කියලා. අපේ එකත් ඉතිං මේකට කැමැති වුණා.
දවස් දෙක තුනක් යද්දී කෙල්ල බලු පැටියෙක් ගෙනාවා. හැබැයි ඇත්තටම උෟ බැල්ලියක්. ඒත් ඉතිං ජර්මන්
ෂෙපර්ඩ්නෙ. දැන් ඉතිං අපේ එකාට රස්තියාදු ගහන්න වෙලාවක් නෑ. බැල්ලිගෙ වැඩ. උෟව නාවනවා, කිරි පොවනවා, බත් කවනවා, බෙහෙත් ගේන්න යනවා. සෙල්ලම් කරනවා. දාහක් වැඩ. ඉතිං කාලය වේගයෙන් ගෙවිලා ගියා.
දවසක් අපේ කොල්ලගේ ගෙදරට එහායින් තියෙන අල්ලපු ගෙදර හොරු කැඩුවා. ලක්ෂ ගාණක සල්ලි රත්තරං බඩු අරගෙන ගිහින් තිබුණා. පස්සේ පොලිසියෙන් මේ ගැන හොයන්න පොලිස් බල්ලෙකුත් අරගෙන ආවා හොරු ගියේ කොහෙටද කියලා ඉව කරන්න. බල්ලා දුවගෙන ආවේ අපේ යාළුවගේ ගෙදරට. මූගෙ කැරැට්ටුවත් එච්චර හොඳ නෑනේ. ඒ හින්දා පොලිසියෙන් මූව කුදලගෙන ගියා.
පස්සේ පොලිසියෙදී මූට අම්බානකට නෙළුවා. ඒත් මූ කිසි දෙයක් කිව්වේ නෑ. කිව්වේ නැත්තේ කියන්න කිසි දෙයක් දන්නෙ නැති නිසා. කෙහොම හරි අන්තිමේදී මූට මාස දෙකක් රිමාන්ඩ් එකේ ඉන්න වුණා.
ගමේ මේ ආරංචිය දරුණු විදියට පැතිරුණා. හොරෙකුට තමන්ගේ දුව දෙන්න කෙල්ලගේ මවුපියෝ කැමැති වුණේ නෑ. කෙල්ලව බලෙන්ම අෑත පළාතක කෙනෙකුට බන්දලා දුන්නා.
අපේ බුවා ගමට එනකොට වෙන්න තියෙන ඒවා ඔක්කොම වෙලා ඉවරයි. මූගේ ගෙදර ගිනි තියලා. අම්මයි තාත්තයි අෑත පළාතක නෑදෑයකුගේ ගෙදර තමයි හිටියෙ.
ගමේ උන් කැමැති වුණේ නෑ අතටම අහුවුණු හොරෙක්ව ගමේ තියාගන්න. කවුරුවත් ගනන් ගත්තේ නෑ. ඒ ඔක්කොටම වැඩිය උගේ සැලමුතු ප්‍රේමයත් දැන් වෙන එකෙක් අරගෙන ගිහිල්ලා.
මූට හැම දෙයක්ම එපා වුණා. මූ ගමෙන් ගිහිල්ලා සේල්ස් රෙප් වැඩකට සෙට් වුණා. කොහොම හරි මූ ඒකෙ මාකටින් මැනේජර් දක්වා උසස් වුණා. අද වෙද්දී මේ කොල්ලා ලංකාවම දන්න ඉහළම ව්‍යාපාරයක අයිතිකාරයෙක්. ලක්ෂපතියෙක් නෙවෙයි කෝටිපතියෙක්.
"ඉතිං මචං අර හොරකමට මොකද වුණේ" මම උෟගෙන් ඇහුවා. අපේ එකා ඇප පිට එළියට ඇවිල්ලා මාස 3කට විතර පස්සේ ගමේ කඩයක් කඩන්න ඇවිල්ලා සෙට් එකක් ඇල්ලුවා. උන් කරපුවා ඔක්කොම වැමෑරුවා. අපේ එකා අහුවුණු හොරකම කරලා තිබුණෙත් උන් සෙට් එක. හැබැයි පරිප්පු කෑවෙ අහිංසකයෙක්.
එහෙනම් ඇයි පොලිස් බල්ලා මුගෙ ගෙදරට ගියේ?
ඒක තමයි නියම ස්ටෝරි එක. ඒ කාලේ බලු සීසන් එක. ඉව කරන්න ගෙනත් තිබ්බෙත් ජර්මන් ෂෙපර්ඩ් බල්ලෙක්. උෟට ඉතිං අල්ලපු ගෙදර හිටපු බැල්ලිගෙ ඉව වැටුණා. මූ ඉතිං දුවල ගියේ බැල්ලිව බලන්න. ඒත් ඉතින් ඒකෙන් පරිප්පුව කෑවෙ අපේ කොල්ලා.
හැබැයි අපේ එකා ඒ බල්ලට හා බැල්ලිට පින් සිද්ධ වෙන්න අද රටේ ඉහළම තැනක වැජඹෙනවා. ඒත් උෟ තවම කසාද බැඳලා නෑ හේතුව කවුරුත් දන්නේ නෑ.
රුවන් තුෂාර උස්අරමගේ
http://www.mawbima.lk/82-105951-news-detail.html