- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
2016 දී ලෝක ධනවතුන්ගේ ධනය අඩු වෙලා
ෆෝබ්ස් සගරාව සඳහන් කරන පරිදි මෙම සියලු බිලියනපතියන්ගේ ධනය ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 6.48 ක් ලෙසින් වාර්තා වන අතර පසුගිය වසරට සාපේක්ෂව මෙය ඩොලර් බිලියන 570 කින් අඩු වී තිබෙන බව එහි වැඩිදුරටත් සඳහන් වේ. ගෝලීය කොටස් වෙළෙඳපොළ උච්ඡාවචනයන්, ලෝක තෙල් මිල පහළ වැටීම ආදී කරුණු හේතුකොට ගෙන මොවුනගේ ධනය මෙලෙස පහත වැටී ඇති බව ෆෝබ්ස් වැඩිදුරටත් සඳහන් කර සිටී.
මෙරවත් ලෝකයේ ධනවත්ම පුද්ගලයා ලෙසින් මයික්‍රොසොෆ්ට් නිර්මාතෘ බිල් ගේට්ස් නම් කර ඇති අතර ඔහු සතු ධනයෙහි වටිනාකම ඩොලර් බිලියන 75 ක් ලෙසින් සටහන් වේ. මෙහි දෙවන ස්ථානය ඇමන්සියෝ ඔටෙගා ($67 B) වෙත හා තෙවන ස්ථානය වොරන් බෆේ ($60.8 B) වෙත හිමිව තිබේ.
සෙසු ස්ථාන පිළිවෙලින් කාලෝස් ස්ලිම් හෙලූ ($50 B), ජෙෆ් බෙසොස් ($45.2 B), මාක් සකර්බර්ග් ($44.6 B), ලැරි එලිසන් ($43.6 B), මයිකල් බ්ලූම්බර්ග් ($40 B), චාල්ස් කොච් ($39.6 B) හා ඩේවිඩ් කොච් ($39.6 B) වෙත හිමිව තිබේ.
http://biz.adaderana.lk/2016