- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
ආදායමෙන් සියයට 95ක් ණය ගෙවනව නම් ඒ රට බංකොලොත්
( ෂමිල පෙරේරා ) 2016-06-25 10:47:38
වර්තමානයේදී මෙරට සාමාන්‍ය ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයෙන් 76% ක් වන අතර, මෙරට ආදායමෙන් 95% ක් ණය ගෙවීමට යොදාගන්නා බවත්, එසේ ආදායමෙන් 95% ණය ගෙවනවා නම් ඒ රට බංකොලොත් බවත් වයඹ විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර අධ්‍යයන හා මූල්‍ය කළමණාකරන පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා මහතා පවසා සිටියේය.
පාඨලී චම්පික රණවක මහතා විසින් රචිත "ප්‍රවේශමෙන්! මූල්‍ය අගාධයක් ඉදිරියෙනි" කෘතිය දොරට වැඩීමේ උත්සවය පසුගියදා අමතමින් හෙතෙම මෙසේ පවසා සිටියේය. එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ මෙත්සිල පෙරේරා මහතා,
“දැන් වෙනකොට අපේ සාමාන්‍ය ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයෙන් 76% ක්. අපි අපේ ආදායමෙන් 95% ක් ණය ගෙවන්න යොදවනව. මේ 95% ක් ණය ගෙවන්නෙ පොලිය නැතුව. ආදායමෙන් 95% ණය ගෙවනව නම් ඒ රට බංකොලොත්. ඒ නිසා අද අපි ග්‍රීසියටවත් අයර්ලන්තයටවත් ආර්ජන්ටිනාවටවත් අපි ඇඟිල්ල දික් කරන් ඕන නෑ, අපිට ඇඟිල්ල දික්විය යුතුයි දැන්.
අපි ඒ තරම් ආර්ථික අතින් කඩා වැටිල තියෙන වෙලාවක තමයි මේ රජය බලයට පත්වෙන්නෙ. මේ රජය බලයට පත්වෙනකොට යුද්ධ කාලේ ගත්ත ණය සහ 2007 ඉඳන් මෑත කාලයේ අවුරුදු 07 ක් තුළ මහින්ද රාපක්ෂ මහත්තය විතරක් ගත්ත ණය ගත්තොත් ඩොලර් මිලියන 7500 කට වැඩි ප්‍රමාණයක් අපිට ගෙවන්න තියෙනව ඉතිරි අවුරුදු කිහිපය තුළ.
මේ විදියට ණය කන්දරාවක් ඉතුරු කරල තමයි මහින්ද රාජපක්ෂ මහත්මය තමන්ගේ බලය නැතිකර ගන්නේ. ළඟදි එතුමා කිවුව, මේ රජය අතිවිශාල ණය ප්‍රමාණයක් අරන් තියෙනව. අපි නම් ණය අරගෙන පාරවල් හැදුව. මෙතුමන්ල මොනවද කරේ කියල. අළුත් ආණ්ඩුව ගත්ත ණය ප්‍රමාණය අරගෙන බැලුවම ඒ ගත්ත ණය වලින් 68.9% ක් වෙන් කරල තියෙන්නෙ මහින්ද මහත්තය ගත්ත ණය ගෙවන්න. ඒ නිසා මේ ආණ්ඩුව ණය අරන් තියෙන්නෙ පරණ ණය ගෙවන්න. මෙන්න මේක තමයි මේ අය තේරුම් ගන්නේ නැති කාරණය. මේ පරිසරය තුළ රජයක් පවත්වාගෙන යන්න නම් අනිවාර්යෙන් රජය තමන්ගේ ආදායම වැඩිකර ගත යුතුයි. වියදම් කළමණාකරණය කරගත යුතුයි. ව්‍යාපාරිකයන්ට හිතකර පරිසරයක් නිර්මාණය කරගත යුතුයි. දැන් මේව කරන්නෙ කොහොමද? මෙව කරන්න මේ ආණ්ඩුවට හැකියාවක් තියෙයිද? මේකයි අපිට තියෙන ගැටළුව.” යැයි පවසා සිටියේය.
- See more at: http://www.ada.lk/article/168071/
- UkboyTop contributor
- Posts : 360
Join date : 2014-02-28
Re: ආදායමෙන් සියයට 95ක් ණය ගෙවනව නම් ඒ රට බංකොලොත්
One of the stupidest decisions they took so far.
- HAL9000Top contributor
- Posts : 1402
Join date : 2014-08-11
Location : Colombo
Re: ආදායමෙන් සියයට 95ක් ණය ගෙවනව නම් ඒ රට බංකොලොත්
Absolutely correct. We have a over bloated public sector with dismal value addition to economy except few sectors like Education and Health. Public sector was massively abused to give jobs and to show off low unemployment numbers for mere political gians. Now it's high time to introduce at least VRS schemes and trim the wastage . However I do not think current people are courageous to do this. In 2002 they did it and lost elections, now unfortunately no one will correct these meanace in fear of loosing popularityUkboy wrote:This guy forgot to mention current government had increased the wages of government sector employees.
One of the stupidest decisions they took so far.
- yellow knifeTop contributor
- Posts : 6980
Join date : 2014-03-27
Re: ආදායමෙන් සියයට 95ක් ණය ගෙවනව නම් ඒ රට බංකොලොත්
බෙල්ලත් කපල මුට්ටියත් බින්දේ
http://www.tradingeconomics.com/sri-lanka/government-debt-to-gdp