- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
මැයි අපනයන ආදායම 12% කින් පහළට
තේ, රබර් නිෂ්පාදිත, රෙදිපිළි හා ඇඟලුම් අපනයනවල මන්දගාමී ක්‍රියාකාරීත්වය සමස්ත අපනයන ආදායමේ අඩු වීමට ප්‍රධාන ලෙස දායක විය. තේ අපනයනවල සාමාන්‍ය මිල සහ අපනයන පරිමාව යන දෙකෙහිම අඩු වීමක් පිළිබිමු කරමින් 2016 මැයි මාසයේ දී තේ අපනයන ආදායම සැලකිය යුතු ලෙස පහත වැටුණි.
තේ සඳහා මැදපෙරදිග රටවලින් සහ රුසියාවෙන් පැවති අඩු ඉල්ලුම හේතුවෙන් තේ අපනයනවල සාමාන්‍ය මිල එක්සත් ජනපද ඩොලර් 4.24 ක් දක්වා 5.3% කින් අඩු වූ අතර, අපනයන පරිමාව ද කිලෝග්‍රෑම් 21.26 දක්වා 23% කින් අඩුවිය.
විශේෂයෙන්ම රබර් ටයර්, ශල්‍ය හා අනෙකුත් අත්වැසුම් ඇතුළු සියලු උප කාණ්ඩයන්ගේ අපනයනවල අඩුවීම් පෙන්නුම් කරමින් රබර් නිෂ්පාදිත අපනයන ආදායම මෙම මාසයේ දී අඩුවිය.
සාම්ප්‍රදායික හා සාම්ප්‍රදායික නොවන වෙළෙඳපොළ යන දෙකටම සිදුකළ ඇඟළුම් අපනයනයේ අඩුවීමක් පිළිබිඹු කරමින්, පසුගිය මාස කිහිපයේ දී යහපත් ක්‍රියාකාරීත්වයක් පෙන්නුම් කළ ශ්‍රී ලංකාවේ ප්‍රධානතම අපනයන නිෂ්පාදිතය වන රෙදිපිළි හා ඇගලුම් අපනයන ආදායම 2016 මැයි මාසයේ දී අඩුවිය.
කෙසේ වුවද 2015 මැයි මාසය සමඟ සැසඳීමේ දී මැණික්, දියමන්ති හා ස්වර්ණාභරණ, ප්ලාස්ටික් හා ඒ සම්බන්ධ භාණ්ඩ, පුවාහන උපකරණ, රජර් සහ සකස් නොකළ දුම්කොළ ආදියෙහි අපනයන ආදායම 2016 මැයි මාසයේ දී යම් වර්ධනයක් පෙන්වීය.
2016 වසරේ පළමු මාස පහ තුළ දී සම්ච්ඡිත අපනයන ආදායම පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලර් මිලියන 4,211 ක් දක්වා 6% කින් අඩුවූ අතර ප්‍රවාහන උපකරණ, ඛනිජ තෙල් නිෂ්පාදිත, තේ සහ කුළුබඩු අපනයන ආදායම් අඩුවීම මේ සඳහා විශාල වශයෙන් හේතු විය.
2016 වසරේ පළමු මාස පහ තුළ දී ශ්‍රී ලංකාවේ භාණ්ඩ අපනයනය සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉන්දියාව, ජර්මනිය සහ ඉතාලිය ප්‍රධාන වෙළෙඳපොළවල් වූ අතර ඒ සඳහා සිදුකළ අපනයන මුළු අපනයනවලින් 54% ක් පමණ විය.
http://biz.adaderana.lk/
- ඇඟලුම් අපනයන ආදායම – ඇමරිකාවෙන් පහළට යුරෝපයෙන් ඉහළට
- අර්ථසාධකේ ආයෝජන ආදායම 15% කින් වැඩිවෙද්දී ලාභාංශ ආදායම 30% කින් අඩුවෙලා
- GSP+ ලැබීමෙන් පසු ඇඟලුම් අපනයන ආදායම ඉහළ ගියේ මෙහෙමයි
- කොළඹ කොටස් අදත් 100 කින් පල්ලම් බසී. 2016 සති දෙකට 6.5% කින් පහළට
- 2020 පෙබරවාරි මාසයේ දී සංචාරකයින්ගේ පැමිණීම 17.7%කින් පහළට. චීනුන් 92%කින් අඩුවෙලා