- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
ඉන්දියාවේ ප්‍රභූ වාහනවල රතුඑළි තහනම්
BBC Sandeshaya 2017 අප්‍රේල්
ආලෝකය මුදා හරිනු ලබන රතු එලි දල්වමින් සිය වාහනවලට වෙනත් රථවාහන අතරින් රිංගා යාම සඳහා ඉන්දියාවේ දේශපාලකයන්ට සහ ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට දැනට ඇති අයිතිය මෙම මැයි මාසයේ පටන් අහිමි කෙරෙනු ඇත.
නව වැඩ පිළිවෙල අනුව එළඹෙන මැයි මාසයේ පටන් ගිලන් රථ ,ගිනි නිවන හමුදාවේ වාහන සහ පොලිස් රථ වාහන වැනි හදිසි උවමනා සහිත වාහන වලට ද නිල් පැහැති ආලෝක දහරා නිකුත් කෙරෙන විදුලි උපාංග හඳුන්වා දෙනු ඇත.
මැයි පළමුවෙනි දා පටන් රථ වාහනවලට රතු එලි නිකුත් කිරීමට අවසරයක් නැතැයි ඉන්දියාවේ මුදල් ඇමති අරුන් ජෙයිට්ලි පවසයි.
'රතුඑළි නිකුත් කිරීම අතින් ඉදිරි කාලයේ දී රථ වාහනවලට කිසිදු අවස්ථා ලාභයක් ලැබෙන්නේ නැහැ' මුදල් ඇමතිවරයා කියා සිටියි.
ප්‍රභූවරයන් ඔවුන්ගේ වාහනවල රතු විදුලි දහරා නිකුත් කිරීම සිදු කරන්නේ ඔවුන්ගේ සමාජ තත්වය ප්‍රදර්ශනය කිරීම සඳහා යයි පවසන විවේචකයෝ එය වෙනත් රථවාහන මහමඟ සිරවීමට හේතු වෙන බව පෙන්වා දෙති.
'ප්‍රභූ සංස්කෘතික මිථ්‍යාව'
සිය සමාජ තත්වය පිළිබඳව දැඩි උනන්දුවක් දක්වන ඉන්දියානු දේශපාලනඥයන් සහ ආණ්ඩුවේ නිලධාරීන් මාර්ගයේ වාහන තදබදයක් ඇති වේලාවන්හි ඒ අතරින් රිංගා යාමට සහ තමන් සතු වැදගත්කම ප්‍රදර්ශනය කිරීමට ඔවුන්ගේ වාහනවල රතු එලි භාවිතා කරන බව පැවසෙයි.
ඒ සඳහා නීතියෙන් දැනට ලැබී ඇති අවසරය ඉවත් කිරීමට පියවර ගන්නා බව මුදල් ඇමතිවරයා සඳහන් කරයි.
සාමාන්‍ය ජනයා අභිබවා වරප්‍රසාදලාභී දේශපාලකයන් සහ නිලධාරීන් විසින් භුක්ති විඳිනු ලබන ඉන්දියාවේ 'ප්‍රභූ සංස්කෘතික මිථ්‍යාවට' නව ක්‍රියාමාර්ගය මගින් යෝධ ප්‍රහාරයක් එල්ල කෙරෙන බව වාර්තාකරුවෝ පවසති.
ප්‍රභූ රතුඑලි වරප්‍රසාදය නව ඉන්දියාවේ ජීවයට නොගැලපෙන බව 'ට්විටර්' පණිවුඩයක් මගින් කියා සිටින අගමැති නරේන්ද්‍ර මෝඩි, එය මෙයින් බොහෝ කලකට පෙර අවසන් කල යුතුව තිබුණ දෙයක් වූ බවත් පෙන්වා දෙයි.