- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
ගංවතුර සහ නායයාම්: නරඹන්නන් 18ක් මරුට
BBC Sandeshaya 2017 මැයි 29
Image copyright Getty Images
ගංවතුරෙන් සහ නායයාම්වලින් ආපදාවට ලක්වූ පෙදෙස් නැරඹීමට පැමිණි දහඅට දෙනෙකු මරණයට පත්වී ඇති බව ශ්‍රී ලංකා පොලිසිය පවසයි.
අවදානම් කලාප තුළ සංචාරය නොකරන ලෙස පොලිසිය දිගින් දිගටම උපදෙස් දී තිබුණු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මාධ්‍ය හමුවකදී පැවසීය.
"අවාසනාවකට එවැනි තත්වයන් හේතුවෙන් මේ වනවිට පුද්ගලයන් 18දෙනෙකුගේ ජීවිත අහිමිවී තිබෙනවා, මෙම ප්‍රදේශවලට අනවශ්‍ය ආකාරයට ගිහිල්ලා ජලගැල්මට හසුවීම නිසා. ඒ නිසා අපි නැවත වතාවක් මහජනතාවට ඉතා උවමනාවෙන් කරුණාවෙන් දැනුම් දෙනවා නරඹන්නන් හැටියට මෙම ප්‍රදේශවලට යාමෙන් වළකින ලෙස." යනුවෙන් ඔහු ප්‍රකාශ කළේය.
ආපදාවට ලක්වී ඇති කිසිදු ස්ථානයකින් මේ දක්වා භාණ්ඩ සොරකම් කිරීමක් හෝ මංකොල්ල කෑමක් පිළිබඳව වාර්තාවී නොමැති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සතුටින් දැනුම් දුන්ණේය.
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම