- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
උතුරු කොරියාව ගැන "ඉවසීම අවසානයි" -ට්‍රම්ප්
BBC Sandeshaya පැය 2 කට පෙර
Image copyright Getty Images
Image caption "ඉවසීම අවසානයි" -ට්‍රම්ප්
උතුරු කොරියාව පිළිබඳව වසර ගණනාවක් තිස්සේ පැවති උපායෝචිත ඉවසීම අසාර්ථක වී ඇති බවත් එම ඉවසීම මේවනවිට අවසන් වී ඇති බවත් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
ඔහු මේ බව කියා සිටියේ ධවල මන්දිරයේ දී පැවති මාධ්‍ය හමුවකදී ය. මෙම මාධ්‍ය හමුවට දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන් ද සහභාගී විය.
ජනාධිපති ට්‍රම්ප් තවදුරටත් කියා සිටියේ උතුරු කොරියාවෙන් එල්ලවන තර්ජනය හමුවේ අධිෂ්ඨානශීලී ප්‍රතිචාරයක් දැක්විය යුතු බවය.
නමුත් ඊට අදාළ ආරක්ෂක වියදම් සාධාරණව බෙදී යාම එක්සත් ජනපදයට වැදගත් වන බව ඔහු අවධාරණය කර සිටියේය.
මෙහිදී දකුණු කොරියානු ජනාධිපතිවරයා කියා සිටියේ ජනාධිපති ට්‍රම්ප් සමඟ එක්වී උතුරු කොරියාවේ න්‍යෂ්ටික තර්ජනය පරාජය කිරීම සඳහා ඉහළම ප්‍රමුඛත්වය ලබා දෙන බවය.
ඒ සඳහා තම රටේ ආරක්ෂක කටයුතු ප්‍රතිසංස්කරණයකට ලක් කෙරෙන බවත් රටේ ආරක්ෂක අංශවල ධාරිතාව තවදුරටත් වර්ධනය කෙරෙනු ඇති බවත් උතුරු කොරියානු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
Image copyright EPA
Image caption සියලුම මිසයිල සාර්ථක නොවූ නමුත් සියලු අත්හදා බැලීම් එක්සත් ජාතීන්ගේ කොන්දේසි කඩකර ඇත
මෙම වසර ඇතුළත උතුරු කොරියාව මිසයිල කිහිපයක්ම අත්හදා බැලූ අතර ඒ සියලුම මිසයිල සාර්ථක නොවූ නමුත් සියලු අත්හදා බැලීම් එක්සත් ජාතීන්ගේ කොන්දේසි කඩකර ඇත.
එම ක්‍රියාකාරකම් හේතුවෙන් එක්සත් ජනපදය සමඟ ගැටුම්කාරී තත්වයක් නිර්මාණය විය.
උතුරු කොරියාව දිගින් දිගටම සිදුකරන මිසයිල අත්හදා බැලීම්වලට ප්‍රතිචාර වශයෙන් ඇමරිකාව කොරියානු අර්ධද්වීපය වෙත ප්‍රහාරක නෞකා යැවූ අතර දකුණු කොරියාව තුළ සිය මිසයිල ආරක්ෂණ පද්ධතිය ස්ථාපනය කිරීමට ද කටයුතු කළේය.
කොරියානු අර්ධද්වීපය වෙතට නාවික ප්‍රහාරක බලඇණියක් යෙදවීමට ඇමෙරිකානු හමුදාව පියවර ගැනීමත් සමග එම කලාපය තුළ උණුසුම් තත්වයක් මතුවෙමින් පවතී.
Image copyright Reuters
Image caption උතුරු කොරියාවේ නායක කිම් ජොන්ග් අන් සිය හමුදා ප්‍රධානීන් සමඟ
උතුරු කොරියානු අර්බුදය සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට තමන් කැමති බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මීට පෙර කියා සිටි නමුත් දෙරට අතර ගැටුමක් ඇති විය හැකි බවත් සඳහන් කළේය.
උතුරු කොරියාව සම්බන්ධ ගැටලුව විසඳීමට චීනය සහය නොදෙන්නේ නම් ඇමෙරිකාව තනිවම එය විසඳන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මීට පෙර පවසා තිබුණි.
කෙසේ නමුත් සිය මිසයිල අත්හදා බැලීම් තවදුරටත් සිදු කරන බව උතුරු කොරියාව දිගින් දිගටම කියා සිටී.
- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
Re: උතුරු කොරියාව ගැන "ඉවසීම අවසානයි" -ට්‍රම්ප්
ඇමෙරිකාව ආර්තික බලවතෙකු වූයේ තම භෑමියෙන් බැහැර පැවති ලෝක යුද්ධ සමයේ අවි විකිණීමෙනි. ටුම්ප් ගේ වෑයම නම් දකුණු කොරියාවට ද යුද්ධයේ බර පටවමින් අවි වෙළදාමක් කර ගැනීමට ය. දකුණු කොරියාව එයට එකගත්වය පල කරන බව පෙනේ.
ඔවුන් මේ අර අදින්නේ නැවත එලෙසම තම අාර්ථිකය ගොඩ දා ගන්නා අතරම ලෝක නායකත්වය තහවුරැ කර ගැනීමටය.
මේ අවස්ථාවේ දීපහත දැක්වෙන කරැණු ගැන අපගේ අවධානය යොමු කිරීම සුදුසු ය.
මේ තත්ත්වය යටතේ ඇතිවියහැකි ලෝක අාර්තික අවස්ථාවන් අප රටට බලපාන්නේ කෙසේ ද?- තෙල් මිල? රබර් මිල? තේ මිල? වරාය හා සේවා සැපයුම් භාවිතය?
ඒවා අපගේ වාසියට භාවිතා කරන්නේ කෙසේ ද? පූර්ව සූදානමක් තිබේ ද?
කුමන කොටස් වල මිල ඉහල/පහල යා හැකි ද?
සමස්ථ කොටස් වෙළද පොල ට ඇති විය හැකි බලපෑම කුමක් ද?
- spw19721Active Member
- Posts : 683
Join date : 2015-08-22