- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
ජූනි මාසයේ දී රුපියල වැඩියෙන් බාල්දු වෙලා
විනිමය අනුපාතික හැසිරීම් අනුව ශ්‍රී ලංකා රුපියල 2016 වසර අවසානයේ සිට 2017 ජූලි 06 වැනි දින දක්වා කාලපරිච්ඡේදය තුළ දී සියයට 2.6 ක මධ්‍යස්ථ අවප්‍රමාණය වීමක් වාර්තා කර තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව කියා සිටී.
කෙසේ වෙතත් මීට පෙර ශ්‍රී ලංකා මහ බැංකුව කියා සිටියේ 2017 ජූනි මස 05 වැනි දින දක්වා කාලය තුළ දී රුපියල සියයට 1.8 කින් අවප්‍රමාණය වී ඇති බවයි. මේ අනුව රුපියලේ පිරිහීම 2017 ජූනි මාසය තුළ දී තවදුරටත් වේගවත් වී තිබේ.
මේ අතර 2017 ජූලි 06 වැනි දක්වා, කාලපරිච්ඡේදය තුළ දී යූරෝවලට සාපේක්ෂව සියයට 9.4 කින් ද, ස්ටර්ලින් පවුමට සාපෙක්ෂව සියයට 7.4 කින් ද, ජපන් යෙන්වලට සාපේක්ෂව සියයට 5.4 කින් ද, කැනේඩියානු ඩොලරයට සාපේක්ෂව සියයට 6.2 කින් ද, ඕස්ට්‍රේලියානු ඩොලරයට සාපේක්ෂව සියයට 7.1 කින් ද සහ ඉන්දියානු රුපියලට සාපේක්ෂව සියයට 7.0 කින් ද අවප්‍රමාණය වී තිබේ.