- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
පළාත් පාලන ඡන්දයේ ඇස්තමේන්තු ගත වියදම බිලියන 3 ඉක්මවයි
ඉදිරි පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් බිලියන 3.5ක පමණ මුදලක් වැයවනු ඇති බව මැතිවරණ කොමිසම පවසයි.
විශේෂයන්ම නව මැතිවරණ ක්‍රමය ගැන ජනතාව, අපේක්ෂකයන් හා මැතිවරණයට සම්බන්ධවන නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන්ද පැවැත්වීමට සිදුව ඇති නිසා මෙවර මැතිවරණයේ වියදම් ඉහළ යන බව නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් එම්. මොහමඩ් බීබීසි සිංහල සේවයට පැවසීය.
ඔහු සඳහන් කළ පරිදි, ශ්‍රී ලංකාවේ සියලු ම ප්‍රාදේශීය සභා හා නගර සභා වෙනුවෙන් එකවර මැතිවරණය පැවැත්වෙන පළමුවෙනි අවස්ථාවද මෙයවේ.
පළාත් පාලන ආයතන 93ක නාමයෝජනා කැඳවීමේ නියෝගය මේවනවිට නිකුත් කර තිබේ. ඉතිරි පළාත් පාලන ආයතන 248 සඳහා නාමයෝජනා කැඳවීමට කිසිදු නිතිමය බාධාවක් දැන් නොමැති බව අද (දෙසැ. 04) කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පැවසීය.
ඒ අනුව සියළු පළාත් පාලන ආයතනවල මැතිවරණය පෙබරවාරි මස 17 වෙනි දින හෝ ඊට පෙර පැවැත්විය හැකි බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සදහන් කළේය.
නව මැතිවරණ ක්‍රමය අනුව මෙතෙක් පළාත් පාලන ආයතන නියෝජනය කළ සභිකයන් සංඛ්‍යාව 4486 සිට 8356 දක්වා ඉහළ යන අතර එය පළාත් පාලන මන්ත්‍රීවරු 3870කගේ වැඩිවීමකි.
මෙතෙක් පැවති පළාත් පාලන ආයතන සංඛ්‍යාව ද 335 සිට 341 දක්වා වැඩි වී තිබේ. ඊට හේතුව පොලොන්නරුව මහ නගර සභාව මෙන්ම, මිල්ලනිය, නෝර්වුඩ්, ආගරපතන, කොටගල හා මස්කෙළිය යන ප්‍රාදේශීය සභා අලුතින් එකතුවීමය.
හඳුන්වාදී තිබෙන නව මිශ්‍ර මැතිවරණ ක්‍රමයට අනුව කොට්ඨාස බදව 60%කුත්, සමානුපාතික ක්‍රමයට 40%කුත් ලෙස මන්ත්‍රීවරුන් පත්වේ. ඊට අමතරව කාන්තා නියෝජනය තහවුරු කිරීම සඳහා කොට්ඨාස මට්ටමින් තරග කරන මුළු සභික සංඛ්‍යාවෙන් 10% ක් කාන්තාවන් විය යුතු බව මෙවර නීති ගත කර තිබේ. ඊට අමතරව සමානුපාතික නියෝජනයෙන් ඇතුළත් කළ යුතු අපේක්ෂිකාවන් සංඛ්‍යාව අදාළ නාම යෝජනා පත්‍රයේ සඳහන් අපේක්ෂකයින්ගෙන් 50% ක් බවටද දක්වා තිබේ. මේ සියල්ල පිළිබදව තරග කරන දේශපාලන පක්ෂ හා ස්වාධින කණ්ඩායම් නිසි ලෙස දැනුවත් කිරීමට මැතිවරණ කොමිසමට සිදුවී තිබේ.
නාමයෝජනා ඉදිර්පත්කිරිමේදී සාමාන්‍ය ක්‍රමය අනුව එක් නාමයෝජනා පත්‍රිකාවක් වෙනුවට, මෙවර නාම යෝජනා පත්‍රිකා දෙකක් ඉදිරිපත් කිරීමට සිදුවේ.
1.පළමු නාම යෝජනා පත්‍රය - පළාත් පාලන බල ප්‍රදේශය සඳහා කොට්ඨාස වෙනුවෙන් තෝරා ගැනීමට නියමිත සභික සංඛ්‍යාවට සමාන අපේක්ෂකයින් සංඛ්‍යාවකගේ නම් මෙම නාම යෝජනා පත්‍රයට ඇතුළත් කළ යුතුය. (බහු කොට්ඨාසයක් වෙනුවෙන් අවස්ථාවෝචිත පරිදි දෙදෙනෙකු හෝ තිදෙනෙකු නම් කළ යුතුය)
2.අතිරේක නාම යෝජනා පත්‍රය - කොට්ඨාස යටතේ තෝරාපත් කරගත යුතු සභික සංඛ්‍යාව 60% ක් ලෙස සලකා , ඉතිරි 40% වූ සභික සංඛ්‍යාවට 3ක් එකතු කිරීමෙන් ලබාගන්නා සංඛ්‍යාවට සමාන අපේක්ෂක නම් සංඛ්‍යාවක් මෙම නාම යෝජනා පත්‍රයට ඇතුළත් කළ යුතුය. සමානුපාතික නියෝජනයෙන් තේරී පත්වන මන්ත්‍රී සංඛ්‍යාව සඳහා මෙම ලයිස්තුවේ අපේක්ෂකයන් නම් කරනු ලැබේ.
මේ සියල්ල පිලිබදව දේශපාලන පක්ෂ, ස්වාධින කණ්ඩායම් හා අපේක්ෂකයන් දැනුවත් කිරීම සඳහා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව මැතිවරණ කොමිසම පැවසීය.
අවසන් වරට කොට්ඨාස ක්‍රමයට අනුව මැතිවරණයක් පැවැත්වුයේ 1977 වසරේදීය. ඒ අනුව, ඡන්ද දායකයන්ගෙන් සැලකිය යුතු පිරිසකට, කොට්ඨාස ක්‍රමය අනුව තම ප්‍රදේශයට පමණක් සීමාවූ අපේක්ෂකයෙකුට ජන්දය දීම අලුත් අත්දැකීමක් වනු ඇත. මැතිවරණ නිරීක්ෂණ සංවිධානද මෙම නව ක්‍රමය ගැන ජනතාව දැනුවත්කිරීමේ වැඩසටහන් වලට එක්වන බව 'කැෆේ' මැතිවරණ නිරීක්ෂණ සංවිධානයේ රජිත් කිර්ති තෙන්නකෝන් බීබීසි සිංහල සේවයට පැවසීය.
මෙවර මැතිවරණය සඳහා ජන්දදායකයන් 15,760,867 දෙනෙක් සුදුසුකම් ලබා ඇති අතර එය පසුගිය මහමැතිවරණය සමග සැසඳීමේදී ජන්ද එක් ලක්ෂ පනස්දහසක පමණ වැඩිවීමකි. වැඩිම ජන්දදයකය්න් පිරිසක් සිටින දිස්ත්‍රික්ක අතරින් ඉහලින්ම ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයවේ. එහි ජන්දදායකයින් සංඛ්‍යාව ලක්ෂ 17කි. ඉන් පසු ස්ථානයේ රැඳෙන්නේ ලක්ෂ 16ක ජන්දදායකයින් පිරිසකගෙන් සමන්විත කොළඹ දිස්ත්‍රික්කයවේ.
- guruji
- Posts : 602
Join date : 2015-04-27