- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
ජාත්‍යන්තර මූල්‍ය නගරයේ කටයුතු ඇමරිකාවට පවරයි
මෙම කටයුතු සඳහා අවශ්‍ය අභ්‍යන්තර යටිතල පහසුකම් ඉදි කිරීමේ සැලසුම් සකස් කරනු ලැබ ඇති අතර, එහි පාරිසරික බලපෑම් ඇගයීම මේ වන විට මහජන අදහස් සඳහා විවෘත කරනු ලැබ තිබේ.
යෝජිත ගොඩනැඟිලි සංකීර්ණය සඳහා වන නිර්මාණ සැලසුම තෝරාගැනීම සඳහා ජාත්‍යන්තර තරගයක් පවත්වනු ලැබ ඇති අතර, ඒ අනුව තෝරා ගන්නා ලද ඇමරිකා එක්සත් ජනපදයේ Skid more Owings & Merrill (SOM) ආයතනයට එම කටයුතු පවරනු ලැබ තිබේ.
යෝජිත ඉදි කිරීම සඳහා වන ආයෝජනය ඇමරිකානු ඩොලර් බිලියන 1ක් පමණ වන අතර, ඍජු විදේශ ආයෝජනයක් වශයෙන් මෙම මුදල ලබාගැනීමට හැකිවන පරිදි, China Harbour Engineering Corporation, මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය සහ සීමාසහිත CHEC කොළඹ වරාය නගර පෞද්ගලික සමාගම අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
- spw19721Active Member
- Posts : 683
Join date : 2015-08-22