- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
ගෝඨාභය නඩු: උපරිමාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙක් ඉවත්වෙති
Image caption ගෝඨාභය රාජපක්ෂ
පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් ක්‍රියාත්මක කරනු ලබන විමර්ශන කිහිපයකට අදාළව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් තහනම් නියෝගයක් පනවා තිබෙන නඩුවෙන් මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු හතර දෙනෙකු ඉවත් ව තිබේ.
2015 වසරේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනුකළ අතර විනිසුරුවරුන් නඩුවෙන් ඉවත්වීම නිසා එය මෙතෙක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කෙරී නැත.
කෙසේ නමුත් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කළ අවස්ථාවේදී ඊවා වනසුන්දර සහ සරත් ද ආබෘ යන විනිසුරුවරුන් විසින් චෝදනා කිහිපයකට අදාළව හිටපු ආරක්ෂක ලේකම්වරයා අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත නිකුත් කර තිබු තහනම් නියෝගය තවමත් ක්‍රියාත්මකය.
මිග් යානා ගනුදෙනුව, ඇවන්ගාඩ් සිද්ධිය සහ ඇපලෝ රෝහලේ කොටස් මිලදී ගැනීමේ දී සිදුව ඇතැයි කියන අක්‍රමිකතාවලට එරෙහිව ක්‍රියාත්මකවන පරීක්ෂණ වලට අදාළව මෙම නියෝගය නිකුත් කර තිබේ. 2015 වසරේ මැයි මස අදාළ පෙත්සම විභාග කිරීමට අවසර දුන් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නඩුව විභාග කර අවසන් තීන්දුවක් ලබාදෙන තෙක් හිටපු ආරක්ෂක ලේකම් අත් අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගයක් ද නිකුත් කළේය.
මෙම නඩුව විභාග කිරීමේ කටයුතු වලින් ඊවා වනසුන්දර, ප්‍රියන්ත ජයවර්ධන සහ බුවනෙක අළුවිහාරේ යන විනිසුරුවරුන් දැනටමත් ඉවත්ව සිටින්නේ පෞද්ගලික හේතු දක්වමිනි. මේ අතර අද දින (ජුනි 01) මුර්දු ප්‍රනාන්දු විනිසුරුවරිය ද නඩුවෙන් ඉවත් වෙන බව දැනුම් දුන්නාය.
ඒ අනුව හිටපු ආරක්ෂක ලේකම්වරයා විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගය අද නොවැම්බර් මස 27 වැනිදා දක්වා කල් තැබුණි.
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකර ඇති මුලික අයිතිවාසිකම් පෙත්සමෙන් සඳහන් කරන්නේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අග්‍රාමාත්‍ය කාර්යාලය යටතේ ස්ථාපනය කර ඇති දූෂණ විරෝධී ලේකම් කාර්යාලයෙන් පාලනය වන ආයතනයක් බවය.
ඉකුත් රජයේ ප්‍රබල ක්‍රියාකාරිකයින්ගෙන් පලිගැනීමේ චේතනාවෙන් මෙම පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ස්ථාපනය කර තිබෙන බව සඳහන් කරන හිටපු ආරක්ෂක ලේකම්වරයා එහි ස්වාධීනත්වය පිළිබඳ බරපතළ සැක මතුවී තිබෙන බව කියා සිටී.
පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පරීක්ෂණ පවත්වන ආකාරය ද ඉතා පක්ෂග්‍රාහී බවත් එම නිසා එම ආයතනය මඟින් සිදුකරන පරීක්ෂණවලට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ගෝඨාභය රාජපක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කළ පෙත්සමින් ඉල්ලා තිබේ.
ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශයට පත් කළ අතුරු නියෝගය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව අගමැති රනිල් වික්‍රමසිංහ එම නියෝගය දුන් අවස්ථාවේදී කියා සිටියේය.
මේ අතර ඉකුත් රජය සමයේ ගාලු වරායේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අනුමැතිය දීම තුළින් රජයට රුපියල් බිලියන 11.4 ක පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කොට අල්ලස් කොමිසම විසින් තමා ඇතුළු විත්තිකරුවන් අට දෙනකුට ගොනු කරනු ලැබ ඇති නඩුවෙන් තමා ඇතුළු විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරන්නැයි ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ගොනු කර ඇති පෙත්සම සලකා බලන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලේ එක් විනිසුරුවරයෙකු ද අද (ජුනි 01) ඉවත් විය.
අදාළ පෙත්සම කුමුදුනී වික්‍රමසිංහ සහ ජනක් ද සිල්වා යන විනිසුරු මඩුල්ල හමුවේ අද කැඳවනු ලැබු අතර එහිදී විනිසුරු ජනක් ද සිල්වා සඳහන් කළේ තමා පුද්ගලික හේතූන් මත මෙම නඩු විභාගයෙන් ඉවත්වන බවය. ඒ අනුව අදාළ පෙත්සම සලකා බැලීම ද කල් දැමීමට සිදුවිය.
ඩී.ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රජයේ මුදල් අවභාවිත කිරීමට අදාළව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පවත්වන පරීක්ෂණයෙන් ද ගෝඨාභය රාජපක්ෂ
අවසන් වරට පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ද ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් රජයේ ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්නගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කළ අතර ඔහු පැවසුවේ ''ගෝඨාභය රාජපක්ෂව අත්අඩංගුවට ගන්න බැහැ ලංකාවේදී'' යනුවෙනි.
"ඒක තමයි නීතිය, මමත් දන්නේ නැහැ එහෙම වෙන්නේ ඇයි කියලා" අධිකරණ නියෝග ගැන අදහස් දක්වමින් රාජිත සේනාරත්න අමාත්‍යවරයා කියා සිටියේය.
- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
Re: ගෝඨාභය නඩු: උපරිමාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙක් ඉවත්වෙති
- sashimaalTop contributor
- Posts : 5785
Join date : 2014-02-28
Re: ගෝඨාභය නඩු: උපරිමාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙක් ඉවත්වෙති
Ethical Trader wrote:???
- RanaTop contributor
- Posts : 1786
Join date : 2015-12-16
Re: ගෝඨාභය නඩු: උපරිමාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙක් ඉවත්වෙති
මෝරා මේ වගේද
- sashimaalTop contributor
- Posts : 5785
Join date : 2014-02-28
Re: ගෝඨාභය නඩු: උපරිමාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙක් ඉවත්වෙති
Rana wrote:
මෝරා මේ වගේද
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම
Re: ගෝඨාභය නඩු: උපරිමාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙක් ඉවත්වෙති
- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
Re: ගෝඨාභය නඩු: උපරිමාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙක් ඉවත්වෙති
sashimaal wrote:Have you tried Shark-fin soup?Ethical Trader wrote:???
- sashimaalTop contributor
- Posts : 5785
Join date : 2014-02-28
Re: ගෝඨාභය නඩු: උපරිමාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙක් ඉවත්වෙති
Ethical Trader wrote:Now I feel very bad about being a Sri Lankan. If 'personal reasons' interfere day-today judicial work of almost all the judges of this case, where is justice? Bar association is also tacitly keep quite. Nagananda is correct.sashimaal wrote:Have you tried Shark-fin soup?Ethical Trader wrote:???
- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
Re: ගෝඨාභය නඩු: උපරිමාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙක් ඉවත්වෙති
sashimaal wrote:Anyway our legal system is an utter mess. Correct me if i'm wrong...what i heard from a Lawyer was that in Sri Lanka, a rape case would take about 15 years from incident to judgementEthical Trader wrote:Now I feel very bad about being a Sri Lankan. If 'personal reasons' interfere day-today judicial work of almost all the judges of this case, where is justice? Bar association is also tacitly keep quite. Nagananda is correct.sashimaal wrote:Have you tried Shark-fin soup?Ethical Trader wrote:???
- sashimaalTop contributor
- Posts : 5785
Join date : 2014-02-28
Re: ගෝඨාභය නඩු: උපරිමාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙක් ඉවත්වෙති
- malanp
- Posts : 518
Join date : 2014-03-04
Re: ගෝඨාභය නඩු: උපරිමාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙක් ඉවත්වෙති
it will serve lawyers and nobody else..
- sashimaalTop contributor
- Posts : 5785
Join date : 2014-02-28
Re: ගෝඨාභය නඩු: උපරිමාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙක් ඉවත්වෙති
Colombo High Court sentenced a Police SI & security assistant to 20 years & 6 months in jail for abducting & raping two females in 2003
(15 years for the verdict as mentioned earlier...)