- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
පොළී මුදලාලිලාට බලපත්‍ර ක්‍රමයක් හඳුන්වා දෙන්න තීරණයක්
ශ්‍රී ලංකා මහ බැංකුව, මුදල් අමාත්‍යාංශය සමග මුදල් ණයට දෙන්නන් වෙත බලපත්‍ර ලබාදීම, ඒවා නියාමනය හා අධීක්ෂණය කිරීම සහ ගනුදෙනුකරුවන් ආරක්ෂා කිරීම සඳහා නව නීතියක් සම්පාදනය කිරීමට ක්‍රියාමාර්ග ගෙන ඇති බව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. මෙහිදී වැඩිදුරටත් මහ බැංකුව පවසන්නේ මෙකී නීතිය මේ වන විට කෙටුම්පත් කෙරෙමින් පවතින අතර නුදුරු අනාගතයේ දී එය බලාත්මක කිරීමට අපේක්ෂා කරනු ලබන බවයි.
මුදල් ණයට දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කරන ලද සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.
http://biz.adaderana.lk/%e0%b6%b4%e0%b7%9c%e0%b7%85%e0%b7%93-%e0%b6%b8%e0%b7%94%e0%b6%af%e0%b6%bd%e0%b7%8f%e0%b6%bd%e0%b7%92%e0%b6%bd%e0%b7%8f%e0%b6%a7-%e0%b6%b6%e0%b6%bd%e0%b6%b4%e0%b6%ad%e0%b7%8a%e2%80%8d%e0%b6%bb/
- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
Re: පොළී මුදලාලිලාට බලපත්‍ර ක්‍රමයක් හඳුන්වා දෙන්න තීරණයක්
විවිධ ආයතන විසින් නොයෙකුත් ක්‍රමවේදයන් යටතේ මහජනයාගෙන් මුදල් තැන්පතු භාරගැනීමේ කාර්යයෙහි යෙදෙන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අවධානයට යොමු වී ඇත. මෙවැනි සමහර ක්‍රමවේදයන් ලෙස පොරොන්දු නෝට්ටු, වාණිජ පත්‍ර සහ ණයකර නිකුත් කිරීම මගින් මුදල් එක්රැස් කිරීම සඳහන් කළ හැක. මෙවැනි මූල්‍ය උපකරණ වඩාත් ආකර්ශනීය වීම සඳහා ඉහළ ප්‍රතිලාභ පිරිනැමීම ද දැකිය හැකි ලක්ෂණයකි. තම ව්‍යාපාරික කටයුතු සඳහා අවශ්‍ය අරමුදල් සම්පාදනය කර ගැනීම සඳහා මෙවැනි මාර්ග වලින් මුදල් එක්රැස් කිරීම සිදු වුවද එම මූල්‍ය උපකරණ කෙතරම් දුරට තම ආයෝජන සඳහා යෝග්‍ය වන්නේ ද යන්න කෙරෙහි ද අවධානය යොමු කළ යුතුව ඇත.
එහෙත් සමහර ආයතන විසින් මහජනයා වෙත ප්‍රමාණවත් සහ නිවැරදි තොරතුරු හෙළි කිරීමකින් තොරව මෙබඳු උපකරණ මගින් මහජනයාගෙන් මුදල් තැන්පතු භාරගන්නා බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිරීක්ෂණය කරනු ලැබ ඇත. මෙවැනි තත්ත්වයක් තුළ මුදල් ආයෝජනය කිරීමේ දී තමන් ආයෝජනය කරනු ලබන මූල්‍ය උපකරණයේ සැබෑ ස්වාභාවය, එවැනි උපකරණ නිකුත් කිරීමේ ක්‍රමවේදය අනුගමනය කර ඇත්ද? එකී මූල්‍ය උපකරණ වල නීතිමය තත්ත්වය කුමක්ද? සහ එවැනි ආයෝජන වල ඇති අවදානම් තත්ත්වය කුමක්ද යනාදී කරුණු පිළිබඳව ඉතා සැලකිල්ලෙන් කරුණු සලකා බැලිය යුතු බව ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කර සිටියි.
තවද පොරොන්දු නෝට්ටු, වාණිජ පත්‍ර සහ ණයකර නිකුත් කිරීම මගින් මුදල් එක්රැස් කිරීමේදී අනුගමනය කරනු ලබන ක්‍රමවේදය, එම ආයෝජනයන්ට අදාල නියමයන් හා කොන්දේසි, ආයෝජනය කරන ලද මුදල් ආපසු ගැනීමට අදාල ක්‍රියාපටිපාටිය ආදිය බැංකුවක හෝ මුදල් සමාගමක මුදල් තැන්පත් කිරීමට සහ එම මුදල් ආපසු ලබා ගැනීමට අදාල ක්‍රමවේදයට වඩා වෙනස් වන බව ද ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මහජනතාව වෙත දන්වා සිටී. බැංකුවල සහ මුදල් සමාගම් වල කරනු ලබන තැන්පතු ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ හා ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමය යටතේ ආවරණය කෙරේ. එහෙත් පොරොන්දු නෝට්ටු, වාණිජ පත්‍ර සහ ණයකර යටතේ කරනු ලබන ආයෝජන ඉහත තැන්පතු රක්ෂණ ක්‍රමය යටතේ සුදුසුකම් ලබන තැන්පතු ලෙස නොසැලකෙන බැවින් එකී ආයෝජන ආපසු ගෙවීම සම්බන්ධව ඇතිවන ගැටළු වලදී ආයෝජකයන්ට තැන්පතු රක්ෂණ හිමිකමක් ලබා ගත නොහැක.
තවද, දැනට පවතින තැන්පතු රක්ෂණ ක්‍රමය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියාමනය කරනු ලබන බැංකු වල හෝ මුදල් සමාගම් වල කරනු ලබන තැන්පතු සඳහා එක් තැන්පත්කරුවෙකුට රුපියල් ලක්ෂ හයක (රු.600,000.00) උපරිමයක් දක්වා රක්ෂණ මුදල් ලබා ගත හැක.
ඉහත සඳහන් කරුණු අනුව, ඉහත කී මූල්‍ය උපකරණ යටතේ විවිධ ආයතන වල ආයෝජනය කිරීමේ දී ඉතා සැලකිලිමත්ව කටයුතු කිරීමෙන් වෙහෙස මහන්සියෙන් උපයා ගන්නා ලද මුදල් ආරක්ෂාකර ගත හැකිවනු ඇත.
කෙසේ වෙතත්, එකී මූල්‍ය උපකරණ වල ආයෝජනය කිරීමට උනන්දුවක් දක්වන අය එම ආයෝජනයන්ට අදාල ලියකියවිලි සහ එම ලේඛන වල අඩංගු කොන්දේසි හා නියමයන් ප්‍රතිලාභ ප්‍රමාණයන් මෙන්ම කල්පිරීමේ දී හෝ ඊට පෙර මුදල් ලබා ගැනීමට ඇති හැකියාව ආදී තොරතුරු පිළිබඳ ඉතා පරීක්ෂාකාරීව, විමසා බැලීමෙන් පසුව තම ආයෝජන සිදු කල යුතු බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් දන්වා සිටියි.
- BackstageTop contributor
- Posts : 3803
Join date : 2014-02-24