- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
කොළඹ කොටස් වෙළඳපොළ ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙල ඇරඹෙයි
June, 19, 2020
කොළඹ කොටස් වෙළෙඳපොළෙහි මූලික ක්‍රියාකාරකම් ඩිජිටල්කරණ ක්‍රමවේදයකට පරිවර්තනය කිරිමේ පරිසරයක් තුල එහි මුලික ක්‍රියාපටිපාටියන් හා යාන්ත්‍රණ ක්‍රමවේදය සාර්ථකව හඳුනා ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (SEC) සහ කොළඹ කොටස් හුවමාරුව (CSE) අතර ඒකාබද්ධ කමිටුවක් පිහිටුවන ලදී.
මෙම වැඩසටහනේ පළමු අදියර ලෙස මුද්‍රිත ගිණුම් ප්‍රකාශ විද්‍යුත් ක්‍රමවේදයට පරිවර්තනය කිරීමටත්, කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත සමාගම් ලාභාංශ ගෙවිම් සෘජුවම කොටස් හිමියන්ගේ බැංකු ගිණුම් වෙත විද්‍යුත් තැන්පතු හරහා සිදුකිරීමට තීරණය කොට ඇත.
දැනට පවත්නා රීති යටතේ කොටස් තැරැව්කාර සමාගම් සහ මධ්‍යම තැන්පතු ක්‍රමය විසින් මුද්‍රිත ප්‍රකාශ ක්‍රමවේදය භාවිතා කරන නමුත් ගිණුම් හිමියන් සහ තැරැව්කාර සමාගම්වල සේවාදායකයින් විසින් ගිණුම් ප්‍රකාශන විද්‍යුත් ක්‍රමවේදයක් හරහා ලබන්නට සලස්වන ලෙස විශේෂ ඉල්ලීම් සිදු කර ඇති අවස්ථාවක පමණක් විද්‍යුත් තැපෑලෙන් ගිණුම් ප්‍රකාශ ලබන්නට සලස්වයි.
එලෙසම දැනටමත් පවතින ලැයිස්තුගත රීති යටතේ සංයුක්ත තැටි (CD) ආකාරයෙන් වාර්ෂික වාර්තා නිකුත් කරන අතර බොහෝ සමාගම් වාර්ෂික වාර්තා නිකුත් කිරීම සදහා මෙම ක්‍රමය අනුගමනය කරයි.
ඒ අනුව ඊට අදාළ සංශෝධිත කොටස් තැරැව්කාර රීති යටතේ කොටස් තැරැව්කාර සමාගම් විසින් තම සේවාදායක ගිණුම් හිමියන් වෙත යවනු ලබන ගැනුම් සටහන, විකුණූම් සටහන, ගිණුම් ප්‍රකාශය විද්‍යුත් තැපෑල හරහා පමණක් නිකුත් කිරීමට තීරණය කොට ඇත.
එලෙසම මධ්‍යම තැන්පතු ක්‍රමයෙහි සංශෝධන රීති යටතේ මධ්‍යම තැන්පතු ක්‍රමය මගින් නිකුත් කරුනු ලබන මධ්‍යම තැන්පතු ක්‍රම ගිණුම් ප්‍රකාශ කොටස් තැරැව්කාර සමාගම් විසින් එවා ඇති ගිණුම් හිමියන්ගේ විද්‍යුත් තැපෑල හරහා නිකුත් කරනු ලැබේ.
ලැයිස්තුගත කිරීමේ රීති සංශෝධනය කර ඇත්තේද ලැයිස්තුගත සමාගම්වලට තම බැංකු ගිණුම් පිළිබඳ නිවැරදි තොරතුරු සපයා ඇති කොටස් හිමියන්ගේ ලාභාංශ මුදල් සෘජුවම අදාළ බැංකු ගිණුම්වලට බැර කිරීමට පහසුකම් සැලසීම සඳහා ය.
ලැයිස්තුගත සමාගම්වලට වාර්ෂික වාර්තා මුද්‍රිත ස්වරූපයෙන් හැර වෙනත් ආකාරයකින් නිකුත් කිරීමට පහසුකම් සැලසීම සඳහා ලැයිස්තුගත රීති තවදුරටත් සංශෝධනය කර ඇත.
මෙම විද්‍යුත් පහසුකම් සැපයීමට අත්‍යවශ්‍ය වන පහත සඳහන් තොරතුරු 2020 සැප්තැම්බර් 10 වන දිනයට පෙර මධ්‍යම තැන්පතු ක්‍රමයෙහි සියලු ගිණුම් හිමියන් විසින් තම කොටස් තැරැව්කාර සමාගම් වෙත ඉදිරිපත් කිරීම කල යුතු වේ.
විද්‍යුත් තැපෑල ලිපිනය (E mail)
ජංගම දුරකථනය
බැංකු ගිණුම් අංකය, බැංකුව සහ ශාඛාව
ඉහත සදහන් තොරතුරු සම්පුර්ණ කරන ලද CDS 28 - විද්‍යුත් සේවා අයදුම් පත්‍රයක් (CDS 28 - e -Service form) තැරැව්කාර සමාගම/ සහභාගිවන්නා හරහා මධ්‍යම තැන්පතු ක්‍රමය වෙත ඉදිරිපත් කල යුතුය. www.cse.lk සහ www.cds.lk වෙබ් අඩවි හරහා මෙම අයදුම් පත්‍රය ලබාගත හැකි අතර නැතහොත් කොටස් තැරැව්කාර සමාගම/සහභාගිවන්නා හරහාද ලබා ගත හැක.
- HUNTERTop contributor
- Posts : 1935
Join date : 2014-07-14
Re: කොළඹ කොටස් වෙළඳපොළ ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙල ඇරඹෙයි
What they need to digitize is, the rights issue process.
- කොටස් වෙළෙඳපොළ ගනුදෙනු හෙට යළි ඇරඹෙයි
- අමානා තකාෆුල් ලයිෆ් කොටස් ගනුදෙනු 18 දා ඇරඹෙයි
- ඉරානයට කළ ප්‍රහාරයෙන් පසු යුරෝපයේ කොටස් වෙළඳපොළ රැසක් පහළ වැටෙයි
- කොටස් වෙළෙඳපොළ පරීක්ෂණ කඩිනමින් අවසන් කළ යුතුයි – කොළඹ කොටස් තැරැව්කරුවන්ගේ සංගමයේ සභාපති කියයි
- කොටස් ගනුදෙනු බද්ද 2016 අප්‍රේල් 15 වන දින සිට යළි ක්‍රියාවට නංවන බව කොළඹ කොටස් වෙළෙඳපොළ නිවේදනය කර තිබේ.