බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ක්‍රිස් නෝනිස් 'ඉල්ලා අස්වෙයි' - බීබීසී
- poor boyActive Member
- Posts : 766
Join date : 2014-10-09
Re: බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ක්‍රිස් නෝනිස් 'ඉල්ලා අස්වෙයි' - බීබීසී
- chinwiTop contributor
- Posts : 999
Join date : 2014-02-23
Re: බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ක්‍රිස් නෝනිස් 'ඉල්ලා අස්වෙයි' - බීබීසී
the likes of .... etc types have some pride because they are well educated. ...
Well educated but low personality .
If you use dirty words in front of the gathering against a woman what kind of education is that ?
Ego is the problem. These kinds of people think all others are uneducated , low level , incapable people so that everybody should respect and obey the educated masters at every place.
The man with all sort of big qualifications failed to tackle his 8gr opponent.
- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
Re: බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ක්‍රිස් නෝනිස් 'ඉල්ලා අස්වෙයි' - බීබීසී
- poor boyActive Member
- Posts : 766
Join date : 2014-10-09
Re: බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ක්‍රිස් නෝනිස් 'ඉල්ලා අස්වෙයි' - බීබීසී
even educated public believe tying a public servant to a tree or slapping and hammering a diplomat is the correct way to tackle the public servants who do wrong things. they do not believe in official disciplinary procedures to punish wrong doing public officials.
hammer them until ego is squeezed out.
i pray for my country..
- sashimaalTop contributor
- Posts : 5785
Join date : 2014-02-28
ක්‍රිස් නෝනිස්: 'ලංකාවට ආවොත් පහර දෙනවා කිවුවා'
කෙදිනක හෝ යළිත් වරක් ශ්‍රී ලංකාවට පා තැබුවහොත් පහර දෙන බවට සජින් ද වාස් මන්ත්‍රීවරයා තර්ජනය කිරීම හේතුවෙන් බ්‍රිතාන්‍යයේ හිටපු ශ්‍රී ලංකා මහ කොමසාරිස් වෛද්‍ය ක්‍රිස් නෝනිස් ශ්‍රී ලංකාවට පා තැබීමට බියෙන් පසුවන බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් බීබීසී සංදේශයට වාර්තා වේ.
පසුගිය සැප්තැම්බර් 23 වැනි දින රාත්‍රියේ (24 වැනි දින උදෑසන) ශ්‍රී ලංකා ගුවන් සේවයේ නිවුයෝක් නුවර නියෝජිත ඩිලාන් ආරියවංශගේ නිවසේ පැවති රාත්‍රී භෝජන සංග්‍රහයකදී වාස් ගුණවර්ධන මන්ත්‍රීවරයා තමන්ට පහර දුන් බව වෛද්‍ය නෝනිස් මීට ඉහත දී බීබීසී සංදේශයට පැවසීය.
එහෙත් එම සාදයේදී තමන් දෙදෙනා අතර බහින් බස් වීමක් ඇති වූවා විනා කිසිදු පහරදීමක් සිදු නොවූ බව සජින් ද වාස් ගුණවර්ධන මන්ත්‍රීවරයා නිවුස්ෆස්ට් නාලිකාවට පවසා තිබුණි.
කෙසේ නමුත් "මම වීදි සටන්කාරයෙක්. තමුසේ නිකම්ම නිකම් මහ කොමසාරිස් කෙනෙක්," ("I'm a street fighter. You are a mere High Commissioner") යනුවෙන් ගුණවර්ධන මන්ත්‍රීවරයා කිහිප වතාවක්ම වෛද්‍ය නෝනිස් ට පහරදෙමින් තර්ජනය කළ බව එම සාදයට සහභාගි වූ පිරිස් සංදේශයට කියා සිටියහ.
යළිත් කිසි දිනෙක ශ්‍රී ලංකාවට පා තැබීමේ බලාපොරොත්තු අත්හැර ගන්නා ලෙසත්, එසේ පැමිණියහොත් ඔහුට "අනුකම්පා විරහිතව" පහර දීමට ක්‍රියා කරන බවටත් ("Don't you ever dare to set foot on Sri Lanka. I'll get you mercilessly assaulted. I'll get you mercilessly thrashed" යනුවෙන්) මන්ත්‍රීවරයා දිගින් දිගටම තර්ජනය කළ බවත් ඔවුහු සඳහන් කළහ.
ප්‍රතිචාරයක් නෑ
මේ චෝදනාව පිළිබඳව සජින් ද වාස් ගුණවර්ධන මන්ත්‍රීවරයාගේ ප්‍රතිචාරය දැනගැනීම පිණිස කිහිප වතාවක්ම ඔහු ඇමතීමට සංදේශය දැරූ උත්සාහය සාර්ථක නොවීය. ඔහුගේ ප්‍රතිචාරය පතමින් යවන ලද ට්විටර් පණිවුඩ කිහිපයකටද මෙතෙක් පිළිතුරු ලැබී නැත.
සජින් වාස් මන්ත්‍රීවරයා වෛද්‍ය නෝනිස්ට පහර පිට පහර එල්ල කරද්දී තානාපති ප්‍රසාද් කාරියවසම් සහ වොෂින්ටන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ රාජ්‍යතාන්ත්‍රික නිලධාරියකු වහා මැදිහත් වී මන්ත්‍රීවරයා ඉවත් කළ බවත් සංදේශය මීට ඉහත දී අනාවරණය කළේය.
සිදුවීම පිළිබඳව සැප්තැම්බර් 24 වැනි දින දෙවතාවක්ම ජනාධිපති මහින්ද රාජපක්ෂ හමු වී පැමිණිලි කළ හිටපු මහ කොමසාරිස්වරයා සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී යළි ලන්ඩනය බලා පැමිණියේය.
පදවියෙන් ඉල්ලා අස් නොවී ඉවසීමෙන් කටයුතු කරන මෙන් ජනාධිපතිවරයා ඒ අවස්ථාවේ වෛද්‍ය ක්‍රිස් නෝනිස් ගෙන් ඉල්ලීමක් කොට තිබේ.
එහෙත් ඉන් දින දහයකට පසුව (ඔක්තෝබර් 04 වැනි දින) ඔහුගේ ඉල්ලා අස්වීම භාරගත් බව ආණ්ඩුව දැනුම් දී තිබේ.
වෛද්‍ය නෝනිස් ට පහර දුන් බවට එල්ල වන චෝදනාව සහ විදේශ අමාත්‍යංශයේ ලේකම් ක්ෂෙනුකා සෙනවිරත්න විසින් වෛද්‍ය නෝනිස්ට එරෙහිව ඉදිරිපත් කොට තිබෙන පැමිණිල්ලක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන මෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ නියෝග කළ බව එදිනම රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.
එම පරීක්ෂණය පැවැත්වෙන අතරවාරයේ විදේශ අමාත්‍යංශයේ ලේකම්වරිය සහ සජින් ද වාස් මන්ත්‍රීවරයාගේත් වැඩ තහනම් කළ යුතුව තිබුණු බව රජීව විජේසිංහ මන්ත්‍රීවරයා සංදේශයට කියා සිටියේය.
එම පරීක්ෂණවල ප්‍රගතිය කවරේ දැයි විමසීම පිණිස නියෝජ්‍ය විදේශ අමාත්‍ය නියෝමාල් පෙරේරා ඇමතීමට දින ගණනාවක් මුළුල්ලේ සංදේශය දැරූ උත්සාහය සාර්ථක නොවීය.
http://www.bbc.co.uk/sinhala/sri_lanka/2014/10/141026_nonis_sajin_threats