- stocks hunterTop contributor
- Posts : 1280
Join date : 2014-03-16
Thursday Markets- EPF පීපල්ස් ලීසිං හි ලාභ නෙලයි !කැප්ටන් ලාත් සක්‍රියයි !කොටස් වැඩ් කළ සෙරෙන්ඩ්බ් රුපියල් 21 කින් නගී
දිනයේ පිරිවැටුම රුපියල් බිලියන 2.2 ඉක්මවා ගිය අතරේ ජෝන් කීල්ස් පිරිවැටුමට ඉහළම දායකත්වය ලබා දුන්නේ රුපියල් මිලියන 492.5 කිනි.දිනය අවසන ජෝන් කීල්ස් කොටසක මිල රුපියල් 255 දක්වා ඉහළ ගොස් තිබිණි.
මෙහිදි මහ පරිමාණ ආයෝජක හා ආයතනගත ආයෝජක ක්‍රියාකාරිත්ව මැද පීපල්ස් ලීසිං රුපියල් මිලියන 445.9 ක දෙවන ඉහළම දායකත්වය ලබා දිණි.කොටසක් පසුගිය සති 52 උපරිම මිල වු රුපියල් 21.50 බැගින් කොටස් මිලියන 17.5 ක් ගිවිසගත් ගනු-දෙනු 04ක් මගින් හුවමාරු වෙමින් දිනයේ පිරිවැටුමට රුපියල් මිලියන 376.2 ක් දායක කල ගනු-දෙනුවද මෙයට අයත්ය.මෙහිදි සේවක අර්ථසාධක අරමුදල හා සණස සංවර්ධන බැංකුව අද ප්‍රමුඛව විකුණුම් සිදු කළ බවත් ප්‍රකට ආයෝජක කැප්ටන් පවුලේ සාමාජිකයෙකු හා අජිත් දේවසුරේන්ද්‍ර පාර්ශ්වය මෙම මිළදි ගැනිම් අතර සිටින බවද තැරුවිකාර වාර්තා කියයි.
ජනශක්ති සමාගම රුපියල් බිලියනයක් වටිනා ණයකර නිකුතුවකට යන බව කොළඹ කොටස් වෙළෙඳ පොළ නිවේදනය කරයි.මෙම නිකුතුව නොවැම්බර් 12 දා විවෘත කිරිමට නියමිතය.
මේ අතරේ මර්කන්ටයිල් ඉන්වෙස්ටිමන්ටිස් මුදල් සමාගමේ ණය කර නිකුතුව රුපියල් මිලියන 200 කට අධික ඉල්ලුමක් ලැබි ඇති හෙයින් අද අවසන් කළ බව සමාගම කියයි.
ASIRI CENTRAL HOSPITALS PLC(ASHA.N0000) හි කොටස් වෙළෙඳ පොල ගනු-දෙනු අදින් අවසන් වන බව නිවේදනය කරයි.මෙහි ප්‍රධාන කොටස් කරු විසින් සියළු කොටස් අත්පත් කර ගෙන ඇති බැවින් මෙසේ ස්වකිය ලයිස්තුගත කිරිම ඉවත් කරවා ගැනිමට සමාගම කටයුතු කර ඇත.
Serendib Engineering Group PLC (IDL.N0000) අද නිවේදනය කළේ 1: 5 අනුපාතයට කොටස් උප බේදිමකට (sub-division of shares) ලක් කරන බවත් ඒ අනුව දැනට ඇති මෙහි ලයිස්තුගතව ඇති ඇති කොටස් මිලියන 6.4 ප්‍රමානය එහි ප්‍රකාශීත මුළු ප්‍රාග්ධනයට (stated capital )බලපැමක් නොවන පරිදි මිලියන 32.3 දක්වා ඉහළ නැංවිමට තිරණය කර ඇති බවයි.මෙම නිවේදනයෙන් පසු මෙහි කොටසක මිල රුපියල් 104.80 දක්වා සියයට 25 කින් ඉහළ ගියේය .ද්‍රවශිල නොවන මෙහි කොටස් තැරැවිකාර ග්‍රහනයට නතු විම මෙම මිල පෙරළියට හේතු වි ඇත.
ඩයලොග් කොටසක් රුපියල් 12.50 බැගින් කොටස් මිලියන 11.5 ක් හුවමාරු වෙමින් රුපියල් මිලියන 144.8 ක් ගිවිසගත් ගනු-දෙනුවක් මගින් පිරිවැටුමට දායකත්වය ලබා දිනි.
ඕවර්සීස් රියැලිටි හිද කොටස් මිලියන 02 ක් කොටසක් රුපියල් 25.70 බැගින් අද ගිවිසගත් ගනු-දෙනුවක් මගින් හුවමාරු විය.
විවිධ කතා බහ සහ කාර්තුමය හොද ඉපයුම් මැද වැලිබල් පවර් එරත්න හිද කොටස් මිලියන 8.7 ක් අද හුවමාරු වුයේ කොටසක් රුපියල් 7.20-- 7.80 අතරේ පසුගිය සති 52 ක කාලයේ උපරිම මිලකටය.
ඇක්ම් ACME හි මිලියන 26 ක් පමණ වන හිමිකම් කොටස් වලින් මිලියන 23 ක් පමණ මේ වන විට විදේශිකයින් විකුණා ඇත.ලාංකීකයින්ට අයිති MAK Holdings මෙහි ප්‍රමුඛ විදේශ හිමිකාර පාර්ශ්වයක් විය.
- sereneTop contributor
- Posts : 4850
Join date : 2014-02-26
Re: Thursday Markets- EPF පීපල්ස් ලීසිං හි ලාභ නෙලයි !කැප්ටන් ලාත් සක්‍රියයි !කොටස් වැඩ් කළ සෙරෙන්ඩ්බ් රුපියල් 21 කින් නගී
- Randora HOT-Peoples Leasing කොටස් මිලියන 21 ක් රුපියල් 24-25 අතර මිලකට විදේශයට/ඩයලොග් ලාත් සක්‍රියයි
- Wednesday Markets -පීපල්ස් ලීසිං ප්‍රමුඛව අද ආයෝජකයෝ බැට දෙති
- Thursday Markets-කොළඹ කොටස් පිම්මේ උඩ යයි.ඒත් විදේශ විකුණුම් වැඩ්යි
- කොළඹ කොටස් අදත් 100 කින් පල්ලම් බසී. 2016 සති දෙකට 6.5% කින් පහළට
- කොළඹ කොටස් 32 කින් බසිද්දී ජෝන් කීල්ස් Warrant 64% කින් බසී