Treasury bill auction held on 03 December 2014
http://www.cbsl.gov.lk/pics_n_docs/latest_news/press_20141203e.pdf
- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
Re: Treasury bill auction held on 03 December 2014
තවදුරටත් අඩු පොළි රේජිමයකට “කබිරාල් -පී.බී” එකඟ බව අද භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය කියයි
(www.randora.lk-03/12/2014)- අද පැවති මේ සතියේ භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේදි වසරේ කල් පිරෙන බිලි පොළි ඵලදා අනුපාත පසුගිය සතියේ වු සියයට 6 සිට 5.99 දක්වා මේ සතියේ අඩුව තිබිණි.
මේ වන විට රටේ පවත්නා අවම උද්ධමන ප්‍රවනතා හමුවේ පොළි අනුපාතද පහළ අගයක පවතින අතර මේ අනුව තවදුරටත් අඩු පොළි ප්‍රවනතාවයක් රටේ පවත්වා ගෙන යාමට ඇති අවශ්‍යතාවය මෙමගින් පෙන්නන බව විශ්ලේෂක වාර්තා කියයි.
මෙම අඩු පොලි ප්‍රවනතා නිසා රටේ රාජ්‍ය ණය බර අඩු වෙන්නේ ඒ සදහා ගෙවිය යුතු පොලි ප්‍රතිශත අඩු බැවිණි.ප්‍රාග්ධනයේ ප්‍රතිලාභය වන පොලි මෙලෙස අඩු මට්ටමක පැවතිම නිසා සමාගම් වල පිරිවැය අවම වන අතරේ සාපේක්ෂව අඩු පොලි ප්‍රතිශත වලට ණය ලබා ගැනිමේ අවකාශයද උදා වේ.
විශ්ලේෂකයින් පවසන්නේ තවදුරටත් මහ බැංකුවට ස්වකිය ප්‍රතිපත්තිමය පොලි අනුපාත අවම කිරිමට ඉඩ අවකාශ මේ වන විට රටේ ඇති ව ඇති බවයි.