- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
කොටස් වෙළඳපොලේ වර්ධනයක්
Thursday, 16 April 2015 - 9:12
කොළඹ කොටස් වෙළඳපොලේ මිල දර්ශක ඊයේ දිනයේ වර්ධනයක් පෙන්නුම් කළා. සමස්ත දර්ශකය ඒකක 80 කින් එනම්, සියයට 1 ක වැඩි ප්‍රමාණයකින් ඉහළ ගිය අතර දිනය අවසනදී සටහන් වූයේ 6981 ක් ලෙසයි. කොළඹ කොටස් වෙළඳපොලේ මිල දර්ශකවල සති 3 කින් එනම් පසුගිය මාර්තු 24 වැනිදායින් පසු වාර්තාවූ ඉහළම අගය එයයි. ආර්ථික වර්ධනය ඉලක්ක කරගනිමින් මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතික පහත හෙළීම මෙම තත්ත්වයට එක් හේතුවක් ලෙස සැළකෙනවා.
ඊයේ දිනයේ කොටස් වෙළඳපොලේ විදේශ ආයෝජකයන්ගේ ගැනුම් රුපියල් මිලියන 114 ක් ලෙස සටහන් වූ අතර, මේ වසරේ මේ වනවිට කොටස් වෙළඳපොලට මුළු විදේශීය ආයෝජන ගලනය රුපියල් බිලියන 3.7යි දෙකක්. කොටස් වෙළඳපොලේ ඊයේ දිනයේ මුළු පිරිවැටුම රුපියල් මිලියන 980 ක් ලෙස සටහන් වුණා. කෙසේ නමුත් එය පසුගිය වසරේ දෛනික සාමාන්‍ය වූ රුපියල් බිලියන 1.1ට වඩා පහළ අගයක්.
http://www.hirunews.lk/sinhala/business/107614
- sereneTop contributor
- Posts : 4850
Join date : 2014-02-26
Re: කොටස් වෙළඳපොලේ වර්ධනයක්
Nice start with newvyear enthusiasm and vigour.
- කලකට පසු කොටස් වෙළෙඳපොළේ කැපී පෙනෙන වර්ධනයක්. 2018 නොවැම්බර් මාසයෙන් පසු සියලු කොටස් මිල දර්ශකයේ ඉහළම ප්‍රතිශතාත්මක වර්ධනය අද
- කොටස් වෙළඳපොලේ සමාගම් ලැයිස්තුගත කිරීමේ ගාස්තු ඉහළට
- ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළට
- 2015 මූල්‍ය වසරේ කොමර්ෂල් බැංකුවට ශක්තිමත් ලාභ වර්ධනයක්
- කොටස් වෙළෙඳපොළ අඛණ්ඩව 5 වන දිනයටත් ඉහළට. සියලු කොටස් ඒකක 94 කින් නගී