- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
දශකයක් පසුපසට ගිය නේපාලයට වූ ආර්ථික විනාශයේ තරම මෙන්න!
වසරකදී නේපාලයේ ආර්ථික ක්‍රියාකාරකම්වල වටිනාකම ඩොලර් බිලියන 20 ක් පමණ වන අතර මෙය ලෝකයේ කුඩාම ආර්ථිකයන් සහිත රට වලින් එකක් ලෙස සැලකේ.
දුප්පත්කම ඉහවහා ගොස් තිබෙන නේපාලයට සිදුවූ මෙම විපත ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නා වැනි ඛේදනීය සිදුවීමකි.
නේපාලයේ ප්‍රධාන ආදායම් මාර්ගයක් ලෙස සංචාරක කර්මාන්තය සැලකිය හැකි අතර මෙම අංශයේ සේවයේ නියුතු ප්‍රමාණය ආසන්න වශයෙන් 1,38,000 ක් පමණ වේ.
එරටට වැඩිම සංචාරකයින් ප්‍රමාණයක් ඉන්දියාවෙන් සහ චීනයෙන් පැමිණෙන අතර 2013 වසරේදී නේපාලයට පැමිණි සංචාරකයින් ප්‍රමාණය 800,000 කට ආසන්නය.
නේපාලයේ වැඩිම සංචාරක ආකර්ශනය දිනාගත් ස්ථාන ලෙස සැලකෙන්නේ පන්සල්ය.
එවරස්ට් කන්ද තරණය කිරීම සඳහා විදේශිකයෙකු නේපාල සංචාරක සමාගමකට සාමාන්‍යයෙන් ඩොලර් 100,000 ක පමණ ගාස්තුවක් ගෙවිය යුතුබව සඳහන්ය.
මෙම භූමි කම්පාව නිසා එවරස්ට් කඳු තරණය කළ බොහෝ පිරිසක් මියගොස් තිබෙන අතර තවත් පිරිසක් අතුරුදන්ව ඇත. මෙවැනි තත්ත්වයක් තුළ එරට සංචාරක කර්මාන්තය බොහෝ කලකට යළිත් අවදි නොවනු ඇතැයි සිතිය හැකිය.
නේපාලයේ සියයට 70 ක පමණ පිරිසක් ජීවිකාව ගැට ගසාගන්නේ කෘෂි කර්මාන්තයෙන් වන අතර රට තුළ තිබෙන ජල සම්පත ආර්ථික වශයෙන් ඉහළ සම්පතක් බව ආර්ථික විද්‍යාඥයින් සඳහන් කර තිබේ.
මේ නිසා, නේපාලයට අනාගතයේදී ජල විදුලිය ඉන්දියාවට සහ චීනයට අපනයනය කළ හැකියැයි ඔවුන් සඳහන් කර ඇත.
http://www.adaderana.lk/biz/
- sereneTop contributor
- Posts : 4850
Join date : 2014-02-26
Re: දශකයක් පසුපසට ගිය නේපාලයට වූ ආර්ථික විනාශයේ තරම මෙන්න!
Real calamity.
Hope so called developed contries extend necessary support to bring up the Nepal it it, s feet again.
Could happen to any country with a blink of an eye.
Really feel for the hopes dreamz of infllicted community.
- AjithR
- Posts : 283
Join date : 2014-09-15
Re: දශකයක් පසුපසට ගිය නේපාලයට වූ ආර්ථික විනාශයේ තරම මෙන්න!
- SBerni
- Posts : 34
Join date : 2014-08-11
Re: දශකයක් පසුපසට ගිය නේපාලයට වූ ආර්ථික විනාශයේ තරම මෙන්න!
AjithR wrote:ඉදිරියේදී මෙවැනි භූමිකම්පාවක් ඇති වන බව අනාවැකි පලකර තිබුනේ වසර ගණනාවකට පෙර සිටයි. 2009 වසරේ සිට 2012 දක්වා එරට වාසය කල මා, ඒ පිළිබද ජාත්‍යන්තර පාසල් වල මෙන්ම ජාතන්තර ආයතනවල පෙරහුරු පවා පැවැත්වුන බව පුද්ගලිකවම දන්නවා. එරට දේශපාලකයින් රටට ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට නොදි තර්ක විතර්ක කරමින් කාලය ගත කරා මිස ළග එන උවදුර ගැන කිසිම පෙර සුදානමක් කිරීමට කිසිම වගකිවයුත්තකුට උවමනාවක් තිබුනේ නෑ. එසේ පියවරක් ගත්තා නම්, වෙනත් රටවල් වලින් ආධාර ලබාගෙන කත්මන්ඩු නගරය තුල තිබු නුසුදුසු ගොඩනැගිලි ඉවත් කර සුදුසු පරිදි නගරවාසීන් නැවත පදිංචි කිරීමට කටයුතු කලානම් මේ තරම් ජිවිත හානියක් නොවීමට ඉඩ තිබූණ බව මගේ හැගීමයි.
They had no Gotabhaya in Nepal !