The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting
Search
Display results as :
Advanced Search
Latest topics
CCS.N0000 ( Ceylon Cold Stores)Wed Mar 20, 2024 11:31 amHawk Eye
When Will It Be Safe To Invest In The Stock Market Again?Wed Apr 19, 2023 6:41 amකිත්සිරි ද සිල්වා
Dividend AnnouncementsWed Apr 12, 2023 5:41 pmකිත්සිරි ද සිල්වා
MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීමThu Apr 06, 2023 3:18 pmකිත්සිරි ද සිල්වා
SEYB.N0000 (Seylan Bank PLC)Thu Mar 30, 2023 9:25 amyellow knife
The Korean Way !Wed Mar 29, 2023 7:09 amකිත්සිරි ද සිල්වා
In the Meantime Within Our Shores! Mon Mar 27, 2023 5:51 pmකිත්සිරි ද සිල්වා
What is Known as Dementia?Fri Mar 24, 2023 10:09 amකිත්සිරි ද සිල්වා
SRI LANKA TELECOM PLC (SLTL.N0000)Mon Mar 20, 2023 5:18 pmකිත්සිරි ද සිල්වා
THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)Mon Mar 20, 2023 5:10 pmකිත්සිරි ද සිල්වා
Equinox ( වසන්ත විෂුවය ) !Mon Mar 20, 2023 4:28 pmකිත්සිරි ද සිල්වා
COMB.N0000 (Commercial Bank of Ceylon PLC)Sun Mar 19, 2023 4:11 pmකිත්සිරි ද සිල්වා
REXP.N0000 (Richard Pieris Exports PLC)Sun Mar 19, 2023 4:02 pmකිත්සිරි ද සිල්වා
RICH.N0000 (Richard Pieris and Company PLC)Sun Mar 19, 2023 3:53 pmකිත්සිරි ද සිල්වා
Do You Have Computer Vision Syndrome?Sat Mar 18, 2023 7:36 amකිත්සිරි ද සිල්වා
LAXAPANA BATTERIES PLC (LITE.N0000)Thu Mar 16, 2023 11:23 amකිත්සිරි ද සිල්වා
What a Bank Run ?Wed Mar 15, 2023 5:33 pmකිත්සිරි ද සිල්වා
104 Technical trading experiments by HUNTERWed Mar 15, 2023 4:27 pmkatesmith1304
GLAS.N0000 (Piramal Glass Ceylon PLC)Wed Mar 15, 2023 7:45 amකිත්සිරි ද සිල්වා
Cboe Volatility Index Tue Mar 14, 2023 5:32 pmකිත්සිරි ද සිල්වා
AHPL.N0000Sun Mar 12, 2023 4:46 pmකිත්සිරි ද සිල්වා
TJL.N0000 (Tee Jey Lanka PLC.)Sun Mar 12, 2023 4:43 pmකිත්සිරි ද සිල්වා
CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)Sun Mar 12, 2023 4:41 pmකිත්සිරි ද සිල්වා
COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))Fri Mar 10, 2023 4:43 pmyellow knife
Bitcoin and Cryptocurrency Fri Mar 10, 2023 1:47 pmකිත්සිරි ද සිල්වා
CSD.N0000 (Seylan Developments PLC)Fri Mar 10, 2023 10:38 amyellow knife
PLC.N0000 (People's Leasing and Finance PLC) Thu Mar 09, 2023 8:02 amකිත්සිරි ද සිල්වා
Bakery Products ?Wed Mar 08, 2023 5:30 pmකිත්සිරි ද සිල්වා
NTB.N0000 (Nations Trust Bank PLC)Sun Mar 05, 2023 7:24 amකිත්සිරි ද සිල්වා
Going South Sat Mar 04, 2023 10:47 amකිත්සිරි ද සිල්වා
When Seagulls Follow the TrawlerThu Mar 02, 2023 10:22 amකිත්සිරි ද සිල්වා
Re-activatingSat Feb 25, 2023 5:12 pmකිත්සිරි ද සිල්වා
SAMP.N0000 (Sampath Bank PLC)Wed Nov 30, 2022 8:24 amකිත්සිරි ද සිල්වා
APLA.N0000 (ACL Plastics PLC)Fri Nov 18, 2022 7:49 amකිත්සිරි ද සිල්වා
AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.Wed Nov 16, 2022 9:28 pmකිත්සිරි ද සිල්වා
Banks, Finance & Insurance Sector ChartTue Nov 15, 2022 5:26 pmකිත්සිරි ද සිල්වා
VPEL.N0000 (Vallibel Power Erathna PLC)Sun Nov 13, 2022 12:15 pmකිත්සිරි ද සිල්වා
DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.Mon Nov 07, 2022 6:36 pmකිත්සිරි ද සිල්වා
WATA - WatawalaSat Nov 05, 2022 8:44 amකිත්සිරි ද සිල්වා
KFP.N0000(Keels Food Products PLC)Sat Nov 05, 2022 8:42 amකිත්සිරි ද සිල්වා
Capital Trust Broker in difficulty?Fri Oct 21, 2022 5:25 pmකිත්සිරි ද සිල්වා
IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?Thu Oct 20, 2022 10:13 amකිත්සිරි ද සිල්වා
What Industry Would You Choose to Focus?Tue Oct 11, 2022 6:39 pmකිත්සිරි ද සිල්වා
Should I Stick Around, or Should I Follow Others' Lead?Tue Oct 11, 2022 9:07 amකිත්සිරි ද සිල්වා
DV-2024 Program: Online RegistrationThu Oct 06, 2022 11:26 amකිත්සිරි ද සිල්වා
Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

Go down
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor
Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම

ජනාධිපති මෛත්රීa ඝාතන කුමන්ත්රsණය Empty ජනාධිපති මෛත්රීa ඝාතන කුමන්ත්රsණය

Sun May 03, 2015 8:30 pm
Message reputation : 100% (2 votes)
(ලංකා ඊ නිව්ස් - 2015.මැයි.03, පෙ.ව.11.40- දෙවන සංස්කරණය-ප.ව.4.00) ජනාධිපති මෛත්රී්පාල සිරිසේන මහතා ඝාතනය කිරීමට අඟුනකොළ පැලැස්සේදී ක්රිැයාත්මක කළ රාජපක්ෂලාගේ අසාර්ථක කුමන්ත්ර-ණයට සම්බන්ධ වූ කෝප්රනල් සේනක කුමාර නමැති යුද හමුදාවේ 4 වන රෙජිමේන්තුවේ කමාන්ඩෝ භටයා ලබන 12 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස අඟුනකොළපැලැස්ස මහේස්ත්රාහත් නියෝග කළේය.
අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද පරීක්ෂණ මත අත් අඩංගුවට ගත් මෙම සෙබලා ඊයේ(02) රාත්රීප අඟුණකොළ පැලැස්ස මහේස්ත්රාකත් වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මහේස්ත්රාබත් වරයා ඉහත නියෝගය දුන්නේය.
පසුගිය 25 දා ජනාධිපති වරයා සහභාගී වූ අඟුණකොල පැලැස්ස ශ්රීකලනිප නියෝජිත සමුළුවට නාමල් රාජපක්ෂගේ ආරක්ෂකයෙක් යැයි කියාගත් ගිනි අවියක් රැගත් පුද්ගලයෙක් පැමිණ ජනාධිපතිවරයා අසලට කිට්ටු කළ බව පළමුවෙන්ම වාර්තා කළ ලංකා ඊ නිව්ස් දෙවන වරට ඒ සම්බන්ධයෙන් විශේෂඥ වාර්තාවක් 29 ගෙන එමින් මේ කුමන්ත්රමණයට රාජපක්ෂලාගේ සම්බන්ධයක් තිබෙන බව තහවුරු කෙළේ ඊට දින 3 කට පෙර පරාජිත මහින්ද රාජපක්ෂ විසින් ප්රංටශ පුවත් සේවයට දුන් ප්රබකාශයක් උපුටා දක්වමිනි. ඒ වන විටද ඝාතන කුමන්ත්රෂණයට යොදා ගත් සෙබලා හෝ ගිනි අවිය අත් අඩංගුවට ගෙන තිබුනේ නැත.
ලංකා ඊ නිව්ස් අභ්ය න්තර තොරතුරු සේවයට වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.
එදින නාමල් රාජපක්ෂ මෙකී සේනක කුමාර නමැති කොමාන්ඩෝ කෝප්රනල් වරයා සහ රියැදුරා සමග පැමිණ එහි දෙවන ආරක්ෂක වළල්ලේ සිටි ජනාධිපති ආරක්ෂක අංශයේ ඒඑස්පී මලවලගේ නමැති නිලධාරියාගෙන් ‘මං කොහෙන්ද ඇතුලට යන්නේ?‘ යයි විමසා ඇත. ‘සර් වීඅයිපී එකෙන් යවන්නම්‘ යයි මලවිගේ පිළිතුරු දුන් විට ‘නෑ මං සාමාන්යු මිනිසුන් යන එකෙන් යන්නම්‘ යයි නාමල් පවසා කොමාන්ඩෝ කෝප්රසල් සමග සාමාන්යග මිනිසුන් පරීක්ෂා කරන ස්ථානය කරා ගමන් කර තිබේ.
එවිට යලි ඒඑස්පී මලවලගේ නාමල්ගේ ආරක්ෂක කෝප්රතල්ගෙන් විමසා ඇත්තේ ‘වෙපන්ස් තිබෙනවාද.?‘ කියා ය. “නෑ මං ඒක කබියේ දාලා ආවා. වතුර බෝතලේකුයි ටිෂූයි තියෙනවා“ යි කෝප්රනල් සේනක කුමාර දැන දැනම බොරු කියා ඇත. එහිදී ඒඑස්පී මලවලගේ කෝප්රතල්ගේ කතාවෙන් සැනසී සිටියා මිස කිසිසේත්ම ඒ වන විටත් ඔහුගේ ඇඳුමින් ඉස්සී පෙණුනු පිස්තෝලය පරීක්ෂා කෙළේ නැති අතර දෙදෙනා ඊට පෙරත් හොඳින් හඳුනන බවක් පෙන්නුම් කර තිබේ.
ඉන් පසුව සාමාන්යණ මිනිසුන් ඇතුළු වන ස්ථානයෙන් නාමල් සහ කොමාන්ඩෝ කෝප්රාල් ඇතුළු වී ඇති අතර එහි පරීක්ෂාව බාරව සිටි සාජන්ට් නිශ්ශංක නමැත්තා මේ දෙදෙනාවම කිසිදු පරීක්ෂාවකට ලක් කර නැත. දෙදෙනාම දෙවන ආරක්ෂ කපොල්ල පැන ඇතුලට ගොස් ඇත.
මේ සිදුවීම ගැන පරීක්ෂාවෙන් සිටි ඇතුලත ජනාධිපතිවරයාට සමීපතම ආරක්ෂක වළල්ලේ සිටි එස්ටීඑෆ් සෙබලෙකු දැක ඇත්තේ නාමල් සමග එන ආරක්ෂකයා ගේ ඉනේ ගිනි අවියක් වැනි යමක් ඉස්සී ඇඳුමින් එළියට පැන තිබෙන බවයි. ඒ අනුව කොමාන්ඩෝ සෙබලා පරීක්ෂා කරද්දී ඔහු නාමල් රාජපක්ෂගේ ආරක්ෂකයෙක් යැයි පවසා ඇති අතර ඔහු අත තිබූ චෙකොස්ලෝවැකියාවේ සාදන ලද  9 මිමී ස්වයංක්රීගය ගිනි අවිය හසුවී තිබේ. පිස්තෝලය ඒ වන විට සම්පූර්ණයෙන්ම උණ්ඩ පුරවා තිබී ඇත. එස්ටීඑෆ් සෙබලුන් විසින් අත් අඩංගුවට ගත් කෝප්රවල්ව ජනාධිපති ආරක්ෂක අංශයේ පෙර කී සාජන්ට් නිශ්ශංකට බාර දී තිබේ.
ඉන්පසු සාජන්ට් නිශ්ශංක තම දුරකථනයෙන් කිසිවෙකුට කතා කරනු දක්නට ලැබී ඇති අතර පසුව සොයා බැලීමේදී දැන ගන්නට තිබුනේ ඔහු කතා කර ඇත්තේ ජනාධිපති ආරක්ෂාව බාර ජ්යෙනෂ්ඨ නියෝජ්යු පොලිස්පති එස්.එම්. වික්රනමසිංහට බවයි. ඉන්පසුව එස්ටීඑෆ් භටයන් විසින් ‘කෝ අපි බාර දුන් කෙනා‘ යැයි පීඑස්ඩීයෙන් විමසූ විට දැන ගන්නට ලැබෙන්නේ ඔහු නිදහස් කර යැවූ බවයි.
නාමල් රාජපක්ෂ මන්ත්රීදවරයාගේ ආරක්ෂාවට කිසිදු කොමාන්ඩෝ සෙබල‍ෙක් අනුයුක්ත කර නැත. මොහු මහින්ද රාජපක්ෂගේ ආරක්ෂක කණ්ඩායමේ භටයෙකි. මහින්ද රාජපක්ෂ එදින අඟුණකොල පැලැස්ස උත්සවයට සහභාගී වූයේද නැත.
මේ සිදුවීම පැහැදිලිවම ජනාධිපතිවරයාගේ ආරක්ෂාව බරපතල ලෙස බිඳ වැටීමකි. ඊට දින දෙකකට පසු ජනාධිපතිවරයා 19 වන සංශෝධනය ගෙන ඒමට සූදානම් සිටියේය. ඊට පෙර ඔහු ඝාතනය කර යලි රජ වීමට රාජපක්ෂලා කළ මේ කුමන්ත්රවණයට උඩ ගෙඩි දුන් ජ්යෙි.නියෝජ්යඔ පොලිස්පති එස්.එම්. වික්රවමසිංහ කෙරෙහි පොලිස්පතිවරයා දක්වන විශේෂත්වය නිසා ඔහුගෙන් අද දක්වා ප්රයශ්ණ කර නැත. අඩුම ගණනේ වගකීම් පැහැර හැරීම සම්බන්ධයෙන් දෙපාර්තමේන්තු විනය පරීක්ෂණයක් හෝ කැඳවා නැත.
නියමිත පරිදි නම් ජ්යො.නියෝජ්ය  පොලිස්පති එස්.එම්. වික්රීමසිංහ වගකීම් පැහැර හැරිය තම තනතුරින් ඉල්ලා අස්විය යුතුය. ඒ වෙනුවට ඔහු මාධ්යන ආයතන ප්ර ධානීන් අල්ලා ගනිමින් තමන්ට එරෙහිව මේ සම්බන්ධයෙන් ප්රමවෘත්ති නොලියන ලෙස ඇවිටිලි කරමින් සිටී.
තමන්ට එරෙහිව ප්රලවෘත්ති පල නොකරන ලෙස ලංකා ඊ නිව්ස් හිතවතුන් ලවා එහි කතුවරයාටද බලපෑම් කළ එස්.එම්. වික්රලමසිංහගෙන් ලංකා ඊ නිව්ස් හිතවෙතෙක් අපූරු ප්රමශ්නයක් අසා තිබේ. ජනාධිපති මෛත්රීව පසුගියදා හෙම්බිරිස්සාව අධික වී ප්රවතිකාර ගැනීමට වෛද්යහවරයා හමුවීමටත් පෙර එය මැදමූලන මහින්ද රාජපක්ෂ දැනගත්තේ කෙසේද ? එම මැදමූලනට කිව්වේ තමන් නොවේද ? කියා ය. එස්.එම් වික්ර මසිංහ නිරුත්තර විය.
ජනතාවට වටින්නේ ජනාධිපති මෛත්රීටපාල සිරිසේන මහතා ගේ ජීවිතය මිස කුප්පිදු ඩබල්ගේම් කාර සීනියර් ඩීඅයිජී පෙන්දෙක්ගේ තනතුර නොවන බව යලි යලිත් අවධාරණය කළ යුතුය.

http://www.lankaenews.com/news/1824/si
nihal123
nihal123
Top contributor
Top contributor
Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga

ජනාධිපති මෛත්රීa ඝාතන කුමන්ත්රsණය Empty Re: ජනාධිපති මෛත්රීa ඝාතන කුමන්ත්රsණය

Sun May 03, 2015 9:07 pm
Message reputation : 100% (1 vote)
Thanks Kith +
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor
Posts : 5568
Join date : 2014-02-28

ජනාධිපති මෛත්රීa ඝාතන කුමන්ත්රsණය Empty Re: ජනාධිපති මෛත්රීa ඝාතන කුමන්ත්රsණය

Mon May 04, 2015 11:59 am
Message reputation : 100% (2 votes)
ෂ්තූතියි කිත්. මෙහි බරපතල ආරක්ෂක හිදැසක් ඇති බව පැහැදිලිය. සෝමවඃශ අමරසිංහගේ උපවාසය පොලිස්පතිගේ ඇස් අරවනු ඇතැයි විශ්වාස කරමි.
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor
Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම

ජනාධිපති මෛත්රීa ඝාතන කුමන්ත්රsණය Empty Re: ජනාධිපති මෛත්රීa ඝාතන කුමන්ත්රsණය

Mon May 04, 2015 12:05 pm
Message reputation : 100% (1 vote)
People in inner circle get the smell before you and I get it.
I heard that before SWRD was assassinated, there was a cartoon in one of the papers, WD was lounging in a lounge chair at the Temple Trees.
Yes, it is time to look at the old apparatus and do the necessary changes immediately.


Ethical Trader wrote:ෂ්තූතියි කිත්. මෙහි බරපතල ආරක්ෂක හිදැසක් ඇති බව පැහැදිලිය. සෝමවඃශ අමරසිංහගේ උපවාසය පොලිස්පතිගේ ඇස් අරවනු ඇතැයි විශ්වාස කරමි.


Last edited by කිත්සිරි ද සිල්වා on Mon May 04, 2015 1:56 pm; edited 1 time in total
chutiputha
chutiputha
Top contributor
Top contributor
Posts : 1948
Join date : 2014-11-09
Age : 37
Location : SL

ජනාධිපති මෛත්රීa ඝාතන කුමන්ත්රsණය Empty Re: ජනාධිපති මෛත්රීa ඝාතන කුමන්ත්රsණය

Mon May 04, 2015 1:30 pm
රාජ්‍ය ආරක්ෂාව සහා ප්‍රභූ ආරක්ෂාව සම්බන්දව හා ඒ හා බැඳුනු හිදැස් ගැන අදහස් දැක්වීමට මම නොසිතමි,නමුත්  ලංකා ඉතිහාසයේ ජනාධිපති හෝ අගමැති හෝ පක්ෂ , විපක්ෂ නායකයෙක් හෝ කොටි සංවිධානයෙන් හැර වෙනත් දේශපාලන හස්තයකින් මරාදමන ලද අවස්ථා තිබේද? එමනිසා අනවශ්‍ය ලෙස උකහා දැක්වීම ගැන මා එකග නොවෙමි..ඊයේ රාත්‍රියේ ජනාධිපති තුමා නවලෝක ගංගාරාම ආවේ මිනිසුන් අතරින්...බොහොම නිස්කලංක විදියට,එතුමාට මිනිස්සු ආදරෙයි,කුමන්ත්‍රණයක් කියන්නේ මොකද්ද කියන ඒක හරි හැටි නොදන්නා අය ඒක ඒක අදහස් ඒක ඒක විදියට නොක්යෙකුත් මාධ්‍ය වල ප්‍රකාශ කරාවි,එත් නැති ප්‍රශ්නයක් බොරුවට හුවදක්වල කුමන්ත්‍රණ කරන්නේ ඒ හුවදක්වන අයම නොවේද?????
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor
Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම

ජනාධිපති මෛත්රීa ඝාතන කුමන්ත්රsණය Empty Re: ජනාධිපති මෛත්රීa ඝාතන කුමන්ත්රsණය

Mon May 04, 2015 1:55 pm
Message reputation : 100% (1 vote)
Something worth reading.

http://en.wikipedia.org/wiki/Yitzhak_Rabin_assassination_conspiracy_theories
sashimaal
sashimaal
Top contributor
Top contributor
Posts : 5785
Join date : 2014-02-28

ජනාධිපති මෛත්රීa ඝාතන කුමන්ත්රsණය Empty Re: ජනාධිපති මෛත්රීa ඝාතන කුමන්ත්රsණය

Mon May 04, 2015 2:34 pm
Message reputation : 100% (1 vote)
I agree with ET and Kithsiri .

Security issue needs to taken far more seriously.
sashimaal
sashimaal
Top contributor
Top contributor
Posts : 5785
Join date : 2014-02-28

ජනාධිපති මෛත්රීa ඝාතන කුමන්ත්රsණය Empty Re: ජනාධිපති මෛත්රීa ඝාතන කුමන්ත්රsණය

Mon May 04, 2015 2:37 pm
Message reputation : 100% (1 vote)
Just ONE BAD DAY ....ONE WRONG PERSON... That's all that is needed...


chutiputha wrote:..ඊයේ රාත්‍රියේ ජනාධිපති තුමා නවලෝක ගංගාරාම ආවේ මිනිසුන් අතරින්...බොහොම නිස්කලංක විදියට,එතුමාට මිනිස්සු ආදරෙයි....
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor
Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම

ජනාධිපති මෛත්රීa ඝාතන කුමන්ත්රsණය Empty Re: ජනාධිපති මෛත්රීa ඝාතන කුමන්ත්රsණය

Mon May 04, 2015 6:39 pm
Yes.

sashimaal wrote:Just ONE BAD DAY ....ONE WRONG PERSON... That's all that is needed...
chutiputha wrote:..ඊයේ රාත්‍රියේ ජනාධිපති තුමා නවලෝක ගංගාරාම ආවේ මිනිසුන් අතරින්...බොහොම නිස්කලංක විදියට,එතුමාට මිනිස්සු ආදරෙයි....
kass
kass
Top contributor
Top contributor
Posts : 470
Join date : 2014-02-27

ජනාධිපති මෛත්රීa ඝාතන කුමන්ත්රsණය Empty Re: ජනාධිපති මෛත්රීa ඝාතන කුමන්ත්රsණය

Mon May 04, 2015 10:08 pm
Message reputation : 100% (1 vote)
What the hell security was doing if there was a suspicious person close to MY3, why there is a long delay to arrest him??. who will get the ultimate benefit if MY3 is assassinated??? Is it MR or RW???
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor
Posts : 5568
Join date : 2014-02-28

ජනාධිපති මෛත්රීa ඝාතන කුමන්ත්රsණය Empty Re: ජනාධිපති මෛත්රීa ඝාතන කුමන්ත්රsණය

Tue May 05, 2015 12:16 pm
Message reputation : 100% (1 vote)
මන්ත්‍රී නාමල්ට 'හමුදා සෙබලෙක් යොදාගන්න බෑ'
4 මැයි 2015 - BBC Sandeshaya

"හමුදා කෝප්‍රල්වරයෙක් එලෙස පෞද්ගලික රාජකාරියට යොදාගන්න බෑ හමුදාවෙන් ඔහුව මුදවා හැරියේ නැත්නම්"

හමුදාවේ කෝප්‍රල්වරයකු පෞද්ගලික ආරක්ෂකයකු ලෙසින් සේවයේ යොදවා ගැනීමට නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට බලයක් නැති බව පොලිසිය පවසයි.

පොලිස් ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර ඒ බව කියා සිටියේ, පසුගිය සතියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහභාගි වූ රැස්වීමකට යුද හමුදා කමාන්ඩෝ බලකායේ කෝප්‍රල්වරයකු ගිනි අවියක් රැගෙන පැමිණීම පිළිබඳව අදහස් දක්වමින්.

"හමුදා කෝප්‍රල්වරයෙක් එලෙස පෞද්ගලික රාජකාරියට යොදාගන්න බෑ හමුදාවෙන් ඔහුව මුදවා හැරියේ නැත්නම්," ඔහු පැවසීය.

අඟුණකොලපැලැස්සේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දිස්ත්‍රික් රැස්වීමට එම කෝප්‍රල්වරයා පැමිණ තිබෙන්නේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ ආරක්ෂක නිලධාරියකු ලෙසින් බව සනාථ වී ඇතැයි බීබීසී සංදේශයට කියා සිටි පොලිස් ප්‍රකාශකවරයා, හමුදා සේවයේ යෙදී සිටින සෙබළකු පෞද්ගලික ආරක්ෂකයකු ලෙස යොදා ගැනීමට කිසිවකුටත් බලයක් නැති බව පැවසීය.

ඔහු අත ගිනි අවියක් තිබූ බව ප්‍රතික්ෂේප කරන නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා දිවයින පුවත්පතට පවසා තිබුනේ, සිය ආරක්ෂක නිලධාරියා අත තිබුණේ වතුර බෝතලයක් බවයි.

එහෙත් ඔහු අත පිස්තෝලයක් තිබූ බව සනාථ කළ සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර, අදාළ කෝප්‍රල්වරයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ ආරක්ෂක කටයුතු වෙනුවෙන් අනුයුක්ත කරන ලද ආරක්ෂක නිලධාරියෙක් බව අනාවරණය වී ඇතැයි වැඩිදුරටත් සඳහන් කළේය.

පසුගිය සෙනසුරාදා අත්අඩංගුවට ගන්නා ලද එම කෝප්‍රල්වරයා දැනට රිමාන්ඩ් බන්ධනාගාරගත කොට තිබේ.
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor
Posts : 5568
Join date : 2014-02-28

ජනාධිපති මෛත්රීa ඝාතන කුමන්ත්රsණය Empty Re: ජනාධිපති මෛත්රීa ඝාතන කුමන්ත්රsණය

Tue May 05, 2015 12:49 pm
මම කළේ 'ලෙමන් පෆ්'උපවාසයක් නෙවෙයි
Mawbima

"තවමත් නිදැල්ලේ හැසිරෙන රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණකරුවන්ගේ අරමුණු ඉටු වුවහොත් ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව මේ රටේ බලයට එන්නේ රනිල් වික්‍රමසිංහ මහතායි. ඊට ඉඩ දෙන්න බහුතර ජනතාව සූදානම් නැහැ. ඔහුත් ඔහුගේ මාමා ජයවර්ධනත් 1977-1994 වකවානුවේ සිදුවූ අපරාධවලට වගකිවයුතුයි" යැයි ජ.වි.පෙ. හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා කියා සිටියේය.
inShare
Mawbima, 2015-05-05 02:00:00
Read 99 Times

"තවමත් නිදැල්ලේ හැසිරෙන රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණකරුවන්ගේ අරමුණු ඉටු වුවහොත් ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව මේ රටේ බලයට එන්නේ රනිල් වික්‍රමසිංහ මහතායි. ඊට ඉඩ දෙන්න බහුතර ජනතාව සූදානම් නැහැ. ඔහුත් ඔහුගේ මාමා ජයවර්ධනත් 1977-1994 වකවානුවේ සිදුවූ අපරාධවලට වගකිවයුතුයි" යැයි ජ.වි.පෙ. හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා කියා සිටියේය.

ඒ මහතා මේ බව කියා සිටියේ පසුගිය මැයි පළමුවැනිදා නිදහස් චතුරස්‍රයේදී කළ උපවාසය අතරතුරදීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජ.වි.පෙ. හිටපු නායකයා මෙසේද කියා සිටියේය.
"මා කළේ "ලෙමන් පෆ්" උපවාසයක් නොවේ. මැයි පළමුවැනිදා මා කළ බලපෑම ආණ්ඩුව නිවැරැදිව වටහාගෙන තියෙනවා. ඇඹිලිපිටියේ කුමන්ත්‍රණය ගැන පරීක්ෂණ ආරම්භ කිරීම ගැන සතුටු වෙනවා.


මා ජනාධිපතිට කඩේ ගියේ නැහැ. කිසිවකුට කඩේ යන්නෙත් නැහැ. රටත් ජනතාවත් ආරක්ෂා වෙන්නේ මේ මොහොතේ ජනතාව පත් කළ ජනාධිපතිවරයා රැකුණොත් පමණයි. ජනපති ආරක්ෂාව තර කරගත යුතුයි කියා පාරට බහින්නත් ජනතාවට අයිතියක් තියෙනවා.
එක් දින උපවාසයක් පැවැත්වීමෙන් රටත් ජනතාවත් විශේෂයෙන් වර්තමාන ආණ්ඩුවත් හමුවේ මා තැබූ පණිවිඩය රජය හරියාකාරව වටහාගෙන තිබෙන බව පෙනෙන්න තිබෙනවා. මගේ ව්‍යායාමය නිවැරැදිව සන්නිවේදනය කළ මාධ්‍ය ආයතනවලට මගේ ගෞරවය පළ කරනවා.
නීතිය ක්‍රියාත්මක කළ යුත්තේ ජනාධිපතිතුමායි. අපට නීතිය අතට ගන්න බැහැ. මට තනි පුද්ගලයකු හැටියට අනුගමනය කරන්න පුළුවන් බලපෑමක් වෙන සටන් ක්‍රමය තමයි මම අනුගමනය කළේ. මාරාන්තික උපවාසයක් නොවේ පැය කිහිපයක සංකේත උපවාසයක් කළේ.


මම උපවාසය කළ පැය කීපය වතුරවත් ගත්තේ නැහැ. මාධ්‍ය සහ තවත් බොහෝ අය හවස 6.00 දක්වාම මා අසල නිදහස් චතුරස්‍රයේ බලා සිටියා. මම දන්නේ නැහැ මොකකට බලන් සිටියද කියා. නමුත් ඔවුන් සිටීම ගැන මා සතුටු වෙනවා. මොකද අපේ රටේ ලෙමන් පෆ් උපවාස කියන ජාතියකුත් තියෙනවානෙ. දැන් සාක්කි තියනවා මගේ උපවාසය කොහොමද වුණේ කියලා.
දැන් රට පුරා කතාවක් යනවා සෝමවංශ අමරසිංහ, මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා වෙනුවෙන් කඩේ යනවා කියලා. මම පැහැදිලිව කියනවා මගේ ජීවිත කාලය තුළ කාටවත් කඩේ ගිහින් නැහැ. ඒ වගේම ඉදිරියට කඩේ යන්නෙත් නැහැ.
මම උපවාසය කළේ අපේ රටේ ජනාධිපතිට බල කරන්න ඔහුගේත් ජනතාවගේත් ආරක්ෂාව තහවුරු කරන්න කියලා. මෛත්‍රි හැර වෙන ජනාධිපතිවරයෙක් මේ රටට නැහැ. රටේ ආරක්ෂාව ගැන පියවර ගත යුත්තේ එතුමා. ඒ නිසයි ප්‍රශ්නය ඔහුටම ඉලක්ක කළේ.


ඔය කඩේ යන කතාව කියන උදවියගෙන් මම ප්‍රශ්න කරනවා ජනාධිපතිවරයාට හානි කරන අරමුණින් මේ මොහොත දක්වාම නිදැල්ලේ හැසිරෙන බලවේගවල වුවමනාව බැරි වෙලාවත් ඉටු වුණොත් මොකක්ද රටේ තත්ත්වය කියලා. ඔවුන් එය දේශපාලන වශයෙන් කල්පනා කළාද මම දන්නෙ නැහැ. දැන් අවස්ථා තුනක් පහු වුණා ජනාධිපතිවරයාම ප්‍රකාශ කළා බැරිවෙලාවත් ජනාධිපතිවරණයෙන් එතුමා පරාජය වුණා නම් එතුමාත් පවුලේ උදවියත් පොළොවේ අඩි හයක් යට බව. පරීක්ෂණ නෑ. ජනවාරි 9 වැනිදා අලුයම කුමන්ත්‍රණය. පරීක්ෂණ නෑ. තුන්වැනි අවස්ථාව පසුගිය 25 වැනිදා ඇඹිලිපිටියේදී තුවක්කුකරුවා ආසන්නයටම පැමිණීම. දැන් ඒ ගැන නම් පරීක්ෂණ ආරම්භ වුණා. මගේ ප්‍රශ්නය නිදැල්ලේ සිටින මේ බිහිසුණු පුද්ගලයන්ගේ අරමුණු සිවුවැනි අවස්ථාවේ ඉටු වෙන්නට ඉඩ හැරියොත් අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව කවුද බලයට එන්නේ? රනිල් වික්‍රමසිංහ මහත්තයා. ඒ මහත්තයා මේ රටට වගකිවයුතු බොහෝ දේ තියෙනවා. ඒ නිසා රනිල් වික්‍රමසිංහ මහතා මේ රටේ බලයට පත් වී ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන හෝ වෙනත් ක්‍රම භාවිත කරමින් උත්සාහ කරනවා නම් සෝමවංශ අමරසිංහ ඊට එරෙහිව කළ හැකි කළ යුතු හැම දේම කරනවා. අනිත් කවුරු නොකළත් මම කරනවා. ඡන්ද බලයෙන් ජනතාව ඔහු එතනට ගෙනෙනවා නම් ඒක වෙනත් ප්‍රශ්නයක්.


රනිල් වික්‍රමසිංහ මහතා 1977 සිට 1989, 1994 දක්වා කළ කී දේ ගැන ඔහු සෘජුව වගකිවයුතු අපරාධ ඒ කාලය තුළ මේ රටේ සිද්ධ වුණා. ඔහු ඊට වගකිවයුතුයි. රෝහණ විජේවීර සහෝදරයාත් ජනතා විමුක්ති පෙරමුණත් එදා දිගින් දිගටම ඔවුන්ගෙන් ඉල්ලා සිටියා කරුණාකර මේ අසාධාරණ පක්ෂ තහනම ඉවත් කරන්න කියා. රනිල් මහත්තය ඒක කළෙත් නැහැ. ඔහුගේ මාමා ජේ.ආර්. ජයවර්ධන මහතා කළෙත් නැහැ. ප්‍රජාතන්ත්‍රවාදය අහෝසි කර අපේ සහෝදරවරු දසදහස් ගණනින් බිලි ගත්තා. තවත් චෝදනා තිබුණා. ඒ නිසා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට කැමැති ජනතාව රනිල් වික්‍රමසිංහ මහත්තය ජනාධිපති වෙනවාට කැමැති නැහැ. එක්සත් ජාතික පක්ෂයේ සාමාජික සාමාජිකාවන් මීට වඩා ගැඹුරින් කල්පනා කරන්න ඕන. ඔවුන්ගෙන් අති බහුතරය රනිල් මහතා ව්‍යවස්ථා ප්‍රතිපාදන පාවිච්චි කර බලයට එනවාට කැමැති නැහැ. ඒ නිසා මේ කුමන්ත්‍රණ වැළැක්වීම සඳහාත්, මෛත්‍රිපාල සිරිසේන මහතා මේ රටේ ජනාධිපති ධුරය ඉසිලිය යුතුයි. එසේ නොවුණොත් මේ රට අධිරාජ්‍යවාදීන්ගේ තිප්පොළක් බවට පත් වෙනවා. මම නැවත නැවතත් කියන්නේ රනිල් වික්‍රමසිංහ මහතාට මේ රටේ මැතිවරණයකින් මිස ව්‍යවස්ථා ප්‍රතිපාදනවලින් බලයට එන්න ඉඩ තියන්න එපා. ඒක ජනතාවට ගත හැකි ප්‍රජාතන්ත්‍රවාදී තීන්දුවක්. මම ජනතාවගෙන් ඉල්ලනවා පාරට බැහැලා ආරක්ෂාව තර කර ගන්න කියා ජනාධිපති සිරිසේන මහතාට බල කරන්න කියා."

කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor
Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම

ජනාධිපති මෛත්රීa ඝාතන කුමන්ත්රsණය Empty Re: ජනාධිපති මෛත්රීa ඝාතන කුමන්ත්රsණය

Tue May 05, 2015 7:22 pm
What is your take on this ?
kass wrote:What the hell security was doing if there was a suspicious person close to MY3, why there is a long delay to arrest him??. who will get the ultimate benefit if MY3 is assassinated??? Is it MR or RW???
kass
kass
Top contributor
Top contributor
Posts : 470
Join date : 2014-02-27

ජනාධිපති මෛත්රීa ඝාතන කුමන්ත්රsණය Empty Re: ජනාධිපති මෛත්රීa ඝාතන කුමන්ත්රsණය

Tue May 05, 2015 7:46 pm
Message reputation : 100% (1 vote)
කිත්සිරි ද සිල්වා wrote:What is your take on this ?
kass wrote:What the hell security was doing if there was a suspicious person close to MY3, why there is a long delay to arrest him??. who will get the ultimate benefit if MY3 is assassinated??? Is it MR or RW???

It is easy. All will point finger at MR. RW will get that benefit, furthermore he will become President with the assassination of MY3.
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor
Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම

ජනාධිපති මෛත්රීa ඝාතන කුමන්ත්රsණය Empty Re: ජනාධිපති මෛත්රීa ඝාතන කුමන්ත්රsණය

Tue May 05, 2015 7:53 pm
kass wrote:
කිත්සිරි ද සිල්වා wrote:What is your take on this ?
kass wrote:What the hell security was doing if there was a suspicious person close to MY3, why there is a long delay to arrest him??. who will get the ultimate benefit if MY3 is assassinated??? Is it MR or RW???
It is easy. All will point finger at MR. RW will get that benefit, furthermore he will become President with the assassination of MY3.
Hope you are not trying to imply that RW was behind this. Shocked
kass
kass
Top contributor
Top contributor
Posts : 470
Join date : 2014-02-27

ජනාධිපති මෛත්රීa ඝාතන කුමන්ත්රsණය Empty Re: ජනාධිපති මෛත්රීa ඝාතන කුමන්ත්රsණය

Tue May 05, 2015 8:04 pm
කිත්සිරි ද සිල්වා wrote:
kass wrote:
කිත්සිරි ද සිල්වා wrote:What is your take on this ?
kass wrote:What the hell security was doing if there was a suspicious person close to MY3, why there is a long delay to arrest him??. who will get the ultimate benefit if MY3 is assassinated??? Is it MR or RW???
It is easy. All will point finger at MR. RW will get that benefit, furthermore he will become President with the assassination of MY3.
Hope you are not trying to imply that RW was behind this. Shocked

But I don not have any proof to clear him either Very Happy This is a very gloomy period. Could not say wt is next
avatar
SBerni
Posts : 34
Join date : 2014-08-11

ජනාධිපති මෛත්රීa ඝාතන කුමන්ත්රsණය Empty Re: ජනාධිපති මෛත්රීa ඝාතන කුමන්ත්රsණය

Tue May 05, 2015 9:00 pm
chutiputha wrote:රාජ්‍ය ආරක්ෂාව සහා ප්‍රභූ ආරක්ෂාව සම්බන්දව හා ඒ හා බැඳුනු හිදැස් ගැන අදහස් දැක්වීමට මම නොසිතමි,නමුත්  ලංකා ඉතිහාසයේ ජනාධිපති හෝ අගමැති හෝ පක්ෂ , විපක්ෂ නායකයෙක් හෝ කොටි සංවිධානයෙන් හැර වෙනත් දේශපාලන හස්තයකින් මරාදමන ලද අවස්ථා තිබේද? එමනිසා අනවශ්‍ය ලෙස උකහා දැක්වීම ගැන මා එකග නොවෙමි..ඊයේ රාත්‍රියේ ජනාධිපති තුමා නවලෝක ගංගාරාම ආවේ මිනිසුන් අතරින්...බොහොම නිස්කලංක විදියට,එතුමාට මිනිස්සු ආදරෙයි,කුමන්ත්‍රණයක් කියන්නේ මොකද්ද කියන ඒක හරි හැටි නොදන්නා අය ඒක ඒක අදහස් ඒක ඒක විදියට නොක්යෙකුත් මාධ්‍ය වල ප්‍රකාශ කරාවි,එත් නැති ප්‍රශ්නයක් බොරුවට හුවදක්වල කුමන්ත්‍රණ කරන්නේ ඒ හුවදක්වන අයම නොවේද?????

me ithama buddhimath prakashayak. mama me forum eka wasara 1 kata vada   deshapalane gana liyana boho de kiyavanava. ewa athara oba (chutiputha) ge me prakashaya ithama salakiya yuthu ekak bava kiyanna ona. me kumantrana  kathava pracharaya karanne  lanka e news veema obage prakashaye vatinakama  vadi venava.
pathfinder
pathfinder
Top contributor
Top contributor
Posts : 1450
Join date : 2014-02-23

ජනාධිපති මෛත්රීa ඝාතන කුමන්ත්රsණය Empty Re: ජනාධිපති මෛත්රීa ඝාතන කුමන්ත්රsණය

Tue May 05, 2015 9:18 pm
Message reputation : 100% (1 vote)
SBerni wrote:
chutiputha wrote:රාජ්‍ය ආරක්ෂාව සහා ප්‍රභූ ආරක්ෂාව සම්බන්දව හා ඒ හා බැඳුනු හිදැස් ගැන අදහස් දැක්වීමට මම නොසිතමි,නමුත්  ලංකා ඉතිහාසයේ ජනාධිපති හෝ අගමැති හෝ පක්ෂ , විපක්ෂ නායකයෙක් හෝ කොටි සංවිධානයෙන් හැර වෙනත් දේශපාලන හස්තයකින් මරාදමන ලද අවස්ථා තිබේද? එමනිසා අනවශ්‍ය ලෙස උකහා දැක්වීම ගැන මා එකග නොවෙමි..ඊයේ රාත්‍රියේ ජනාධිපති තුමා නවලෝක ගංගාරාම ආවේ මිනිසුන් අතරින්...බොහොම නිස්කලංක විදියට,එතුමාට මිනිස්සු ආදරෙයි,කුමන්ත්‍රණයක් කියන්නේ මොකද්ද කියන ඒක හරි හැටි නොදන්නා අය ඒක ඒක අදහස් ඒක ඒක විදියට නොක්යෙකුත් මාධ්‍ය වල ප්‍රකාශ කරාවි,එත් නැති ප්‍රශ්නයක් බොරුවට හුවදක්වල කුමන්ත්‍රණ කරන්නේ ඒ හුවදක්වන අයම නොවේද?????

me ithama buddhimath prakashayak. mama me forum eka wasara 1 kata vada   deshapalane gana liyana boho de kiyavanava. ewa athara oba (chutiputha) ge me prakashaya ithama salakiya yuthu ekak bava kiyanna ona. me kumantrana  kathava pracharaya karanne  lanka e news veema obage prakashaye vatinakama  vadi venava.

Every thing has a first time,are they waiting for that ?
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum