- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
නොවැම්බරයේ සංචාරක පැමිණීම 20% කින් ඉහළට
2014 නොවැම්බර් මාසය තුළ දී මෙරටට පැමිණ ඇති සංචාරකයින්ගේ ප්‍රමාණය 119,727 ක් වන අතර පසුගිය නොවැම්බර් මාසයේ දී වාර්තා වන එම අගය 144,147 ක් වේ. මෙය 20.4% ක වර්ධනයකි. තවද වසරේ පළමු මාස 10 තුළ වාර්තා වන පරිදි 1,592,266 ක සංචාරකයින් ගණනක් මෙරටට පැමිණ තිබෙන අතර 2014 වසරේ පළමු මාස 10 තුළ මෙරටට පැමිණ ඇති 1,348,481 ක්වූ සංචාරකයින් ගණන සසඳා බලන කල මෙය 18.1% ක ඉහළ යාමකි.
එසේම මෙම වසරේ පළමු මාස 11 තුළ මෙරටට පැමිණි සංචාරකයින්ගේ සංඛ්‍යාව, පසුගිය වසර පුරාවටම පැමිණි සංචාරකයින් ගණන වූ 1,527,153 ද ඉක්මවා තිබීම විශේෂත්වයකි.
මෙලෙස සංචාරකයින්ගේ පැමිණීම හරහා මෙම වසරේ පළමු මාස 10 තුළ දී ඇමරිකානු ඩොලර් මිලියන 2,305.3 ක ආදායමක් මෙරටට ලැබී තිබෙන අතර පසුගිය වසරේ මුල් මාස 10 තුළ සංචාරක ඉපයීම් අගය වූ ඩොලර් මිලියන 1,956.1 හා සැසඳීමේ දී මෙය 17.9% ක වර්ධනයකි.
මෙම වසරේ මුල් මාස 11 තුළ දී මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව නැගෙනහිර ආසියානු කලාපීය රටවලින් 31.4% ක්, චීනයෙන් 68.9% ක් හා දකුණු ආසියානු රටවලින් 23.9% ක් යන අගයන්ගෙන් වර්ධනය වී තිබේ. මේ අතර නැගෙනහිර යුරෝපියානු සංචාකරයින්ගේ මෙරට පැමිණීම අදාළ කාලපරිච්ඡේදය තුළ දී 3.7% කින් පහළ බැස තිබේ.
http://biz.adaderana.lk/