- RanaTop contributor
- Posts : 1786
Join date : 2015-12-16
Share Market Losses of Rs.600 b / කොටස් වෙළෙඳපොළ වැටීම බිලියන 600යි
On 09 January 2015, the day the new government took office, the ASPI stood at 7,605.
It dropped to 5,802 or 23.7 per cent, by the morning of 09 March 2016.
A weakened global economy, depreciation of the currencies and the increase in interest rates have been blamed for this market decline.
Within two days after the prime minister spoke of imposing a capital gains tax, the ASPI suffered a loss of 200 points, or around four pc.
Until the government shows that it counters the economic crisis with confidence and foreign investments are attracted for development, the share market is unlikely to gain much, say brokers.
Right decisions in that direction include the resumption of the port city project and the stabilization of interest rates and the currency rates, they note.
පසුගිය මාස 14 ක කාලය තුළ කොළඹ කොටස් වෙළෙඳපොළේ ප‍්‍රාග්ධන අලාභය රුපියල් බිලියන 600 ඉක්මවන බව කොටස් වෙළෙඳපොළ ආරංචිමාර්ග පවසයි.
2015 ජනවාරි 9 වන දින නව රජය බලයට පත් වන විට කොළඹ කොටස් වෙළෙඳපොළේ සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 7,605ක් වූ අතර, 2016 මාර්තු 09 වන දින උදෑසන වන විට සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 5,802 දක්වා, එනම් සියයට 23.7කින් (ඒකක 1,802කින්) පහත බැස තිබේ.
ගෝලීය ආර්ථිකය දුර්වල වීම, මුදල් ඒකක අවප‍්‍රමාණය හා පොලී අනුපාත ඉහළ යාම අවපාතයට හේතු වන බව කොටස් වෙළෙඳපොළ තැරැව්කරුවෝ කියති.
ඉපැයූ ලාභය මත බදු පැනවීම ගැන ඇමැතිවරයා පාර්ලිමේන්තුවේ දී අදහස් පළ කිරීමත් සමඟ දින දෙකක් තුළ කොටස් වෙළෙඳපොළ අගය එක්ක 200කට වැඩි ප‍්‍රමාණයකින්, එනම් සියයට හතරකින් පමණ අඩු වුණු බව ද වාර්තා වේ.
රට හමුවේ ඇති ආර්ථික අර්බුදයට වත්මන් ආණ්ඩුව පැහැදිලි විශ්වාසයකින් යුතුව මුහුණ දෙන බව පෙනෙන තෙක් හා විදේශ ආයෝජන රට තුළට ගොනැවිත් සංවර්ධනයට යොදවන තෙක් කොටස් වෙළෙඳපොළ සැලකිය යුතු වර්ධනයක් නොවනු ඇතැයි ද එම තැරැව්කරුවෝ කියති.
වරාය නගර ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීම, පොලී අනුපාත හා මුදල් ඒකක අගය ස්ථාවර කිරීම වැනි පියවර ද එවැනි වර්ධනයකට හේතු වනු ඇති බව ඔවුන්ගේ අදහසයි.
(රාවය)
- වෙළෙඳපොළ වැටුණු මොහොතේ නිමල් රු. බිලියන 2 ක කොටස් අරන්
- ලෝක ඉතිහාසයේ විශාලතම කොටස් මිල කඩා වැටීම චීනයෙන් වාර්තා වෙයි
- ශ්‍රී ලංකා කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ දෙවැනි විශාලතම කොටස් ගනුදෙනුව අද
- කොටස් වෙළෙඳපොළ අඛණ්ඩව 5 වන දිනයටත් ඉහළට. සියලු කොටස් ඒකක 94 කින් නගී
- කොටස් වෙළෙඳපොළ සක්‍රීය වෙයි. දෛනික පිරිවැටුම රු. බිලියනය ඉක්මවයි. සියලු කොටස් ඒකක 51කින් ඉහළට