- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
වොක්ස්වැගන් යළි ඇන ගනී
මෙම වාහනවල ෆුට් පැඩලවල (foot pedals) ඇති වී තිබෙන නිෂ්පාදන දෝෂයක් හේතුවෙන් මෙම පියවර ගැනීමට සමාගම තීරණය කර ඇති බව එම වාර්තා හි වැඩිදුරටත් සඳහන් වේ.
මේ අනුව 2011 වසරේ සිට 2016 වසර දක්වා නිෂ්පාදනය කරන ලද Cayenne SUV මෝටර් රථ 409,477 ක් සහ Touareg රථ 391,000 ක් මෙම යළි කැඳවීමට යටත්වනු ඇත.
මෙම සියලු වාහන ස්ලෝවැකියාවේ Bratislava හි පිහිටි වොක්ස්වැගන් කර්මාන්ත ශාලාවේ නිෂ්පාදනය කරන ලද ඒවා වේ.
මීට පෙර ද වොක්ස්වැගන් මෝටර් රථවල වායු විමෝචනය සම්බන්ධ ගැටළුවක් හේතුවෙන් සමාගම දැඩි අර්බුදයකට මුහුණ පෑවේය.
මේ හේතුව නිසා වොක්ස්වැගන් සමාගම විසින් පසුගිය වසරේ ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීමට නියමිතව තිබූ කර්මාන්තශාලාවේ වැඩකටයුතු ද ප්‍රමාද කරන්නට සිදු වූ බව වරක් ජාත්‍යන්තර වෙළෙඳ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා මාධ්‍ය හමුවක දී පැවසීය.