The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting
Search
Display results as :
Advanced Search
Latest topics
CCS.N0000 ( Ceylon Cold Stores)Wed Mar 20, 2024 11:31 amHawk Eye
When Will It Be Safe To Invest In The Stock Market Again?Wed Apr 19, 2023 6:41 amකිත්සිරි ද සිල්වා
Dividend AnnouncementsWed Apr 12, 2023 5:41 pmකිත්සිරි ද සිල්වා
MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීමThu Apr 06, 2023 3:18 pmකිත්සිරි ද සිල්වා
SEYB.N0000 (Seylan Bank PLC)Thu Mar 30, 2023 9:25 amyellow knife
The Korean Way !Wed Mar 29, 2023 7:09 amකිත්සිරි ද සිල්වා
In the Meantime Within Our Shores! Mon Mar 27, 2023 5:51 pmකිත්සිරි ද සිල්වා
What is Known as Dementia?Fri Mar 24, 2023 10:09 amකිත්සිරි ද සිල්වා
SRI LANKA TELECOM PLC (SLTL.N0000)Mon Mar 20, 2023 5:18 pmකිත්සිරි ද සිල්වා
THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)Mon Mar 20, 2023 5:10 pmකිත්සිරි ද සිල්වා
Equinox ( වසන්ත විෂුවය ) !Mon Mar 20, 2023 4:28 pmකිත්සිරි ද සිල්වා
COMB.N0000 (Commercial Bank of Ceylon PLC)Sun Mar 19, 2023 4:11 pmකිත්සිරි ද සිල්වා
REXP.N0000 (Richard Pieris Exports PLC)Sun Mar 19, 2023 4:02 pmකිත්සිරි ද සිල්වා
RICH.N0000 (Richard Pieris and Company PLC)Sun Mar 19, 2023 3:53 pmකිත්සිරි ද සිල්වා
Do You Have Computer Vision Syndrome?Sat Mar 18, 2023 7:36 amකිත්සිරි ද සිල්වා
LAXAPANA BATTERIES PLC (LITE.N0000)Thu Mar 16, 2023 11:23 amකිත්සිරි ද සිල්වා
What a Bank Run ?Wed Mar 15, 2023 5:33 pmකිත්සිරි ද සිල්වා
104 Technical trading experiments by HUNTERWed Mar 15, 2023 4:27 pmkatesmith1304
GLAS.N0000 (Piramal Glass Ceylon PLC)Wed Mar 15, 2023 7:45 amකිත්සිරි ද සිල්වා
Cboe Volatility Index Tue Mar 14, 2023 5:32 pmකිත්සිරි ද සිල්වා
AHPL.N0000Sun Mar 12, 2023 4:46 pmකිත්සිරි ද සිල්වා
TJL.N0000 (Tee Jey Lanka PLC.)Sun Mar 12, 2023 4:43 pmකිත්සිරි ද සිල්වා
CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)Sun Mar 12, 2023 4:41 pmකිත්සිරි ද සිල්වා
COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))Fri Mar 10, 2023 4:43 pmyellow knife
Bitcoin and Cryptocurrency Fri Mar 10, 2023 1:47 pmකිත්සිරි ද සිල්වා
CSD.N0000 (Seylan Developments PLC)Fri Mar 10, 2023 10:38 amyellow knife
PLC.N0000 (People's Leasing and Finance PLC) Thu Mar 09, 2023 8:02 amකිත්සිරි ද සිල්වා
Bakery Products ?Wed Mar 08, 2023 5:30 pmකිත්සිරි ද සිල්වා
NTB.N0000 (Nations Trust Bank PLC)Sun Mar 05, 2023 7:24 amකිත්සිරි ද සිල්වා
Going South Sat Mar 04, 2023 10:47 amකිත්සිරි ද සිල්වා
When Seagulls Follow the TrawlerThu Mar 02, 2023 10:22 amකිත්සිරි ද සිල්වා
Re-activatingSat Feb 25, 2023 5:12 pmකිත්සිරි ද සිල්වා
SAMP.N0000 (Sampath Bank PLC)Wed Nov 30, 2022 8:24 amකිත්සිරි ද සිල්වා
APLA.N0000 (ACL Plastics PLC)Fri Nov 18, 2022 7:49 amකිත්සිරි ද සිල්වා
AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.Wed Nov 16, 2022 9:28 pmකිත්සිරි ද සිල්වා
Banks, Finance & Insurance Sector ChartTue Nov 15, 2022 5:26 pmකිත්සිරි ද සිල්වා
VPEL.N0000 (Vallibel Power Erathna PLC)Sun Nov 13, 2022 12:15 pmකිත්සිරි ද සිල්වා
DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.Mon Nov 07, 2022 6:36 pmකිත්සිරි ද සිල්වා
WATA - WatawalaSat Nov 05, 2022 8:44 amකිත්සිරි ද සිල්වා
KFP.N0000(Keels Food Products PLC)Sat Nov 05, 2022 8:42 amකිත්සිරි ද සිල්වා
Capital Trust Broker in difficulty?Fri Oct 21, 2022 5:25 pmකිත්සිරි ද සිල්වා
IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?Thu Oct 20, 2022 10:13 amකිත්සිරි ද සිල්වා
What Industry Would You Choose to Focus?Tue Oct 11, 2022 6:39 pmකිත්සිරි ද සිල්වා
Should I Stick Around, or Should I Follow Others' Lead?Tue Oct 11, 2022 9:07 amකිත්සිරි ද සිල්වා
DV-2024 Program: Online RegistrationThu Oct 06, 2022 11:26 amකිත්සිරි ද සිල්වා
Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

Go down
nihal123
nihal123
Top contributor
Top contributor
Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga

කොටස් වෙළෙඳ පොළෙන් ප්‍රතිලාභ ලැබීමට Empty කොටස් වෙළෙඳ පොළෙන් ප්‍රතිලාභ ලැබීමට

Wed Apr 13, 2016 4:41 am
Message reputation : 100% (5 votes)
කොටස් වෙළෙඳ පොළෙන් ප්‍රතිලාභ ලැබීමට

කොටස් වෙළෙඳ පොළ ආයෝජනයේදී බොහෝ ආයෝජකයන් සිතනුයේ වෙළෙඳ පොළ ඉහළ යනවිට පමණක් ප්‍රතිලාභ ලැබිය හැකි බවය. නමුත් ඒ පිළිබඳව වැඩිදුර අධ්‍යයනය කිරීමේදී අපට පෙනී යන්නේ එය නිවැරදි අදහසක් නොවන බවය. කොටස් වෙළෙඳ පොළ යනු දිගුකාලීන ආයෝජනයකි. එහෙත් නිතර අසන්නට ලැබෙන කාරණයක් නම්, බොහෝ අයට එය අමතක වී ගිය ස්වභාවයකි. සෑම ආයෝජකයෙකුම උත්සාහ කරන්නේ කෙටිකාලීන ප්‍රතිලාභ ලැබීමටය. කෙටිකාලීනවද ප්‍රතිලාභ ලැබීමට බැරිකමක් නැත. එය අප පසුවට සාකච්ඡා කිරීමට බලපොරොත්තු වෙමු.

කොටස් ආයෝජනයේ ස්වභාවය තේරුම් ගැනීම

කොටස් වෙළෙඳ පොළ ආයෝජනය කරනවා යනු යම් පුද්ගලයෙකු සමාගමක අයිතිකරුවෙකු බවට පත්වීමය. වෙළෙඳ පොළෙහි පවත්නා මිල ගණන් යටතේ පුද්ගලයෙකු තමන් සතු මුදලින් යම් කොටස් ප්‍රමාණයක් මිලට ගත්තේ නම් එම මිලට ගත් කොටස්වලට අනුපාතිකව එකී සමාගමේ අයිතිකරුවෙකු බවට පත් වේ. එම පුද්ගලයා තමන් විසින් මිලදී ගත් කොටස් නැවත විකුණන තෙක් සමාගමේ අයිතිය ඔහු සතු වේ. සමාගමක අයිතිකරුවෙකු නම් එහි ලාභ හෝ පාඩු දෙකම විඳ දරාගැනීමටද ආයෝජකයා සූදානම් විය යුතුය. සමාගමක අයිතිකරුවෙකු වීමට අවස්ථාව ලැබීමද එක් අතකින් ආයෝජකයෙකුට වාසියකි.

කොටස් වෙළෙඳ පොළ ප්‍රතිලාභ

කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය තුළින් ආයෝජකයෙකුට ලැබෙන විවිධ ප්‍රතිලාභ හඳුනාගත හැකි වේ. ප්‍රාග්ධන ලාභ ඉන් ප්‍රධාන එකකි. තවත් එකක් නම් සමාගම් විසින් ගෙවනු ලබන ලාභාංශයි. සමාගම විසින් ආයෝජකයෙකුට වෙළෙඳ පොළේ පවතින මිලට වඩා අඩු මිලකට කොටස් ලබාදීමත් තවත් ප්‍රතිලාභයකි. යම් සමාගම් තම කොටස් හිමියන්ට නොමිලේ කොටස් ලබාදෙයි. මේ ආදී වශයෙන් කොටස් වෙළෙඳ පොළ ආයෝජකයෙකුට ලැබිය හැකි තවත් අමතර ප්‍රතිලාභයන්ද දක්නට ලැබෙයි.

ප්‍රාග්ධන ලාභ හෝ අලාභ නිවැරදිව තේරුම් ගැනීම

ප්‍රාග්ධන ලාභයක් (Capital Gains) යනු අඩු මිලට කොටස් මිලට ගෙන වැඩි මිලට කොටස් විකිණීමෙන් ලැබෙන ප්‍රතිලාභයයි. යම් අවස්ථාවල එය ප්‍රාග්ධන අලාභයක්ද විය හැකිය. එනම් තමන් කොටස් මිලට ගත් වටිනාකමට වඩා අඩු මිලකට විකිණීමට සිදු වුවහොත් එය ප්‍රාග්ධන අලාභයකි. මෙහිදී මතක තබා ගතයුතු කාරණයක් වනනේ ප්‍රාග්ධන ලාභය ලැබීමට යම් නිශ්චිත කාලසීමාවක් නොමැති බවය. එනම් දින කිහිපයකින්, සති කිහිපයකින්, මාස කිහිපයකින් හෝ වසර කිහිපයකින් ඊට පෙර මිලදී ගත් කොටස් අලෙවි කර ප්‍රාග්ධන ලාභ ලැබීමට හැකිය.

කොටස් වෙළෙඳ පොළ සමස්තයක් ලෙස ඉහළ යන විට බොහෝ සමාගම්වල කොටස් මිල ගණන්ද ඉහළ යයි. එය සාමාන්‍ය තත්ත්වයකි. එහෙත් පහළ යන වෙළෙඳ පොළක් ඇති අවස්ථාවක යම් පුද්ගලයෙකු කොටස් විකුණන්නේ නම් එහිදී ප්‍රාග්ධන අලාභයක් විඳීමට සිදුවෙනවා යැයි 100෴ ක් නිගමනය කළ නොහැකිය. උදාහරණ ලෙස එම පුද්ගලයා කොටසක් මිලට ගනු ලැබුවේ රු.20/- කට යැයි උපකලපනය කරමු. ඉහළ යන වෙළෙඳ පොළක් සහිත අවස්ථාවක එම සමාගමේ කොටසක් රු.30/- කට ඉහළ නැග ඇත්නම් ආයෝජකයා තම කොටස් විකුණනු ලැබුවහොත් ඔහුට හෝ ඇයට රු.10/- ක ප්‍රාග්ධන ලාභයක් ලබාගත හැකිය. එමෙන්ම වෙළෙඳ පොළ පහළ ගියා යැයි අප උපකල්පනය කළහොත් එකී සමාගමේ කොටසක් රු.25/- කට පහළ ගොස් ඇත්නම්, ආයෝජකයා එම අවස්ථාවේදී කොටස් විකුණනු ලැබුවේ නම් එහිදීද ආයෝජකයාට රු.5/- ක ප්‍රාග්ධන ලාභයක් ලැබීමට අවස්ථාව ඇත. එහෙත් බොහෝ ආයෝජකයෙන් පවසන්නේ වෙළෙඳ පොළ පහළ යන අවස්ථාව සම්පූර්ණයෙන්ම අවාසි සහගත බවය.

එය තවදුරටත් පැහැදිලි කළහොත් යම් සමාගමක කොටස් මිල 50෴ න් ඉහළ ගොස් නැවත 25෴ දක්වා පහළ බැස ඇත්නම් ඉන් අදහස් වන්නේ ආයෝජකයාගේ ආයෝජන වටිනාකම සම්පූර්ණයෙන් පහළ ගොස් නොමැති බවය. තවද, සමාගම් කාර්යසාධනය වසර කිහිපයක් අඛණ්ඩව ඉහළ ගොස් එක් වසරක් කාර්යාසාධනය පහළයාම සම්පූර්ණයෙන්ම ආයෝජකයාට අවාසියක් ගෙනදේ යැයි ප්‍රකාශ කළ නොහැකිය. ඒ අනුව, ප්‍රාග්ධන ලාභ ලැබීමට කොටස් වෙළෙඳ පොළ දිගින් දිගටම ඉහළ යාමක්ම අවශ්‍ය නැත.

සමාගමක් සාර්ථකව ක්‍රියාත්මකවීමේදී ලාභාංශ (Dividends) ලැබිය හැකිය

ලැයිස්තුගත සෑම සමාගමක්ම එක හා සමානව ආයෝජකයාට ප්‍රතිලාභ ලබාදෙනවා යැයි පැවසිය නොහැකිය. ලැයිස්තුගත ඉහළ ලාභ ලබන සමාගම් තිබිය හැකිය. සාමාන්‍ය මට්ටමේ ලාභ ලබන සමාගම් තිබිය හැකිය. පාඩු ලබන සමාගම්ද තිබිය හැකිය. එසේ ලාභ ලබන සමාගම් තම කොටස් හිමියන්ට ලබන ලාභවලින් යම් ප්‍රතිශතයක් ලාභාංශ වශයෙන් බෙදාහරිනු ඇත. එහිදී එක් එක් පුද්ගලයා සතුව පවතින කොටස්වලට අනුපාතිකව කොටසකට රුපියල් හෝ ශත වශයෙන් ලාභාංශ ගෙවීමක් දැකගත හැකිය.

කිසිදු සමාගමක් ලාභාංශ ගෙවීම අනිවාර්යය නොමැත. යම් සමාගමක් ඉහළ ලාභ ලබා ඇති විටෙක ඉහළ ලාභාංශයක්ද, ලාභ අඩු අවස්ථාවල අඩු ලාභාංශයක්ද ප්‍රකාශයට පත් කළ හැකිය. යම් අවස්ථාවල සමාගම් ලාභ ලැබූවද ලාභාංශ නොගෙවා වුවද සිටිය හැකිය. මෙහිදී ආයෝජකයෙකු මතක තබා ගත යුතු කරුණක් වන්නේ සමස්තයක් ලෙස වෙළෙඳ පොළ ඉහළ යන අවස්ථාවල පමණක් සමාගම් ලාභ ලබනවා යන්නත්, සමස්තයක් ලෙස වෙළෙඳ පොළ පහළ යන අවස්ථාවල සමාගම් අලාභ ලබනවා යන්නත් සිදු නොවන බවය.

සමාගම්වල ලාභදායීත්වයට විවිධ සාධක බලපානු ලබයි. එම සාධක අතර සමාගමේ කළමානාකාරීත්වය පෙන්වා දිය හැකිය. සමාගමක් ලාභ ලබන තත්ත්වයට පත්කර සමාගමේ අරමුණු කරා ළඟාවීමට සුදුසු දක්ෂ කළමනාකරුවන් පිරිසක් සිටීම වැදගත් වේ. එමෙන්ම සමාගමේ නිෂ්පාදනයට හොඳ ඉල්ලුමක් තිබිය යුතුය. සමාගම් අතර තරගකාරීත්වය, සමාගමේ වෙළෙඳ පොළ කොටස ආදි කරුණු ගණනාවක් ලාභදායීත්වය තීරණය වීමට කෙරෙහි බලපානු ඇත.

මේ අනුව, සමාගම්වල තත්ත්වයන් එකිනෙකට වෙනස් නිසා සියලුම සමාගම් එකවර පාඩු ලැබීම හෝ එකවර ලාභ ලැබීමක් සිදු නොවේ. ඒ අනුව, එකම අවස්ථාවේ ලාභාංශ ගෙවන සමාගම් සහ ලාභාංශ නොගෙවන සමාගම් පැවතිය හැකි බැවින් ප්‍රතිලාභ ලැබීමට කොටස් වෙළෙඳ පොළක් නොකඩවා ඉහළ යාමක් අවශ්‍යම නැත.

ප්‍රතිලාභයක් ලෙස වෙළෙඳ පොළ මිලට වඩා අඩු මිලට කොටස් ලබාදෙන අවස්ථාව

හිමිකම් නිකුතු (Right Issues) නැතහොත් අයිතිවාසිකම් කොටස් ලෙස මෙයද කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කරන ආයෝජකයන්ට ලැබෙන ජනප්‍රිය ප්‍රතිලාභයකි. කිසියම් සමාගමක කොටස් මිලට ගෙන තිබෙන එනම් ආයෝජනය කර තිබෙන ආයෝජකයෙකුට තම සමාගෙමන් ලබාදෙන අමතර වරප්‍රසාදයක් ලෙසද මෙය පෙන්වා දිය හැකිය.

දැනට වෙළෙඳ පොළේ එකී සමාගමේ කොටසක් අලෙවි වන මිලට වඩා අඩු මිලකට කොටස් මිලදී ගැනීමට ආයෝජකයාට අවස්ථාව උදාවෙයි. මෙය මිලදී ගැනීම අනිවාර්යය නොවන්නක් වන අතර, මිලදී නොගන්නා පුද්ගලයාට සමාගමේ කොටස් සම්බන්ධයෙන් ඇති අයිතියෙහි අඩුවීමක් දැකගත හැකිය. උදාහරණ ලෙස 10꞉1 අනුපාතයට හිමිකම් නිකුතුවක් කරන සමාගමක කොටස් 100ක් හිමි ආයෝජකයෙකුට තවත් කොටස් 10ක් අඩු මිලකට මිලදී ගැනීමට අවස්ථාව උදාවෙයි. මෙසේ හිමිකම් නිකුතු සිදුකරන සමාගම් පිළිබඳ කොටස් වෙළෙඳ පොළ දෛනික වාර්තාවේ (Stock Market Daily Report) පෙන්නුම් කරයි.

මෙසේ හිමිකම් නිකුතුවක් සිදුකරන්නේ සමාගමක් යම්කිසි ඉදිරි සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට අමතර ප්‍රාග්ධනයක් රැස්කර ගැනීමටය. කොටස් වෙළෙඳ පොළ ඉතිහාසය පිළිබඳව අවධානය යොමු කරන විට පෙනී යන කරුණක් වන්නේ හිමිකම් නිකුතු විශාල ප්‍රමාණයක් සිදුකර ඇති බවත්, එය වෙළෙඳ පොළ ඉහළ යන විට පමණක් සිදුකර ඇති දෙයක් නොවන බවත්ය. ඒ අනුව, ප්‍රතිලාභයක් ලෙස හිමිකම් නිකුතු ලැබීමට කොටස් වෙළෙඳ පොළ ඉහළ යනතෙක් බලා සිටිය යුතු නැත.

මිලක් අය කිරීමකින් තොරව කොටස් ලබාදෙන අවස්ථා

ලැයිස්තුගත සමාගම් විසින් තම කොටස් හිමියන්ට යම් යම් අනුපාතිකයන්ට අනුව මිලක් අය කිරීමකින් තොරව එනම් නොමිලේ කොටස් ලබාදෙයි. එය මීට ටික කලකට පෙර ප්‍රසාද කොටස් ලෙසත් හඳුන්වනු ලැබුණි. මේ වනවිට එය කොටස් වෙළෙඳ පොළ විසින් සංචිත ප්‍රාග්ධනීකරණය (Capitalization of Reserves) ලෙසද හඳුන්වනු ලබනවා. මෙය කොටස් ලාභාංශ ලෙසද සමහර අවස්ථාවල පොතපතෙහි හඳුන්වා ඇත. ඊට හේතුව වාර්ෂිකව සමාගම් ලබන ලාභාංශවලින් යම් ප්‍රතිශතයක් මෙසේ බෙදාහැරීමට කටයුතු කරන බැවිනි.

මෙසේ ආයෝජකයෙකුට නොමිලේ ලැබෙන කොටස්, වෙළෙඳ පොළ තුළින් විකුණා මුදල් කරගැනීමට හෝ ළඟ තබාගෙන ඉදිරි ප්‍රතිලාභ ලබාගැනීමට අවස්ථාව උදාවෙයි. මෙසේ මිලක් අය කිරීමකින් තොරව කොටස් ලබාදීම සඳහා වෙළෙඳ පොළ ඉහළ හෝ පහළයාම අතර ප්‍රබල සම්බන්ධතාවක් නොමැත. සමාන්‍යයෙන් ලැයිස්තුගත සමාගම් අතරින් යම් ප්‍රමාණයක් වසරකට සංචිත ප්‍රාග්ධනීකරණයන් කිහිපයක් සිදුකරනු ලබයි. එය වෙළෙඳ පොළ ඉහළ යනවිට පමණක් දැකිය හැකි දෙයක් නොවන බව සිත්හි තබා ගත යුතුය.

කොටස් විභේදනයත් ප්‍රතිලාභයක් ලෙස (Sub Division of Shares)

සමහර ලැයිස්තුගත සමාගම් වෙළෙඳ පොළට නිකුත් කර ඇති කොටස් සංඛ්‍යාව යම් නිශ්චිත අනුපාතකට නැවත බෙදාහරිනු ලබයි. එය කොටස් විභේදනය යනුවෙන් හඳුන්වනු ලබයි. වෙළෙඳ පොළ තුළ ගනුදෙනු වන කොටස් සංඛ්‍යාව ඉහළ නැංවීමේ අරමුණ ඇතිව එනම් ද්‍රවශීලතාව ඉහළ නැංවීමේ අරමුණ ඇතිව මෙසේ කොටස් විභේදනයකට සමාගමක් යොමු වෙයි. මෙවැනි අවස්ථාවක සමාගමේ ප්‍රාග්ධනයෙහි කිසිම වෙනසක් සිදු නොවන අතර, වෙනස් වන එකම කාරණාව නිකුත් කළ කොටස් සංඛ්‍යාව පමණි.

උදාහරණ ලෙස යම් සමාගමක කොටසක් වෙළෙඳ පොළෙහි රු.100/- කට අලෙවි වන අවස්ථාවක 1꞉10 අනුපාතයකට කොටස් විභේදනයක් සිදු කරනු ලැබුවහොත් එක් කොටසක් හිමි පුද්ගලයෙකුගේ කොටස් සංඛ්‍යාව නව තත්ත්වය යටතේ කොටස් 10 ක් බවට පත් වනු ඇත. එය ආයෝජකයාට වාසියකි. එනම් ඔහුගේ අත ගැවසෙන කොටස් සංඛ්‍යාව ඉහළ යනවා පමණක් නොව එකී සමාගම ඉදිරියේදී හොඳින් ව්‍යාපාර කටයුතු කරගෙන යන්නේ නම් කොටස්වලට ඇති ඉල්ලුම ඉහළයාම හරහා සමාගමේ කොටසක මිලද ඉහළ යනු ඇත. ඒ අනුව, ආයෝජකයාට ඉහළ මිලකට තම කොටස් අලෙවිකර ගැනීමටත් කොටස් ළඟ තබා ගැනීම හරහා අනෙකුත් ඉදිරි ප්‍රතිලාභ ලබාගැනීමටත් හැකියාව ලැබේ.

මෙහිදී ආයෝජකයන් මතක ලබාගත යුතු වැදගත් කරුණ වන්නේ සමාගමක් මෙසේ කොටස් විභේදනයක් සිදුකිරීමට සමස්ත වෙළෙඳ පොළ ඉහළ නැගීමක් පැවතීම අනිවාර්යය නොවන බවය. වසර පුරා සිදු කරන මෙවැනි කොටස් විභේදනයන් කොටස් වෙළෙඳ පොළ වාර්තාවන්හි දැකගත හැකිය.

ණයකර සඳහා සාර්ථක පොලියක් (Corporate Debt)

අප මෙතෙක් සාකච්ඡා කරනු ලැබුවේ කොටස් මිලදී ගත් ආයෝජකයන්ට ප්‍රතිලාභ ලැබීමට එක දිගට වෙළෙඳ පොළ ඉහළ නැගීමක් අවශ්‍ය නොමැති බව වටහාදීම සම්බන්ධවය. කොටස් වෙළෙඳ පොළක ගනුදෙනු වන්නේ කොටස් පමණක් නොව සාංගමික ණයකරද ගනුදෙනු වෙයි. වර්තමානය වනවිට කොළඹ කොටස් වෙළෙඳ පොළ තුළ ලැයිස්තුගත කර ඇති සමාගම් ණයකර ප්‍රමාණය අති විශාලය. ණයකර නිකුත් කිරීම හරහාද සමාගමක් අනාගත සංවර්ධන අවශ්‍යතාවන් සඳහා ප්‍රාග්ධනය රැස්කර ගනු ලබන අතර, ඒවා මිලදී ගන්නා ආයෝජකයන්ට ආකර්ෂණීය පොලියක් ගෙවීමට එකඟ වේ.

වර්තමානයේදී රටේ පවතින සාමාන්‍ය පොලී මට්ටමට වඩා ඉහළ පොලී අනුපාතිකයක් යටතේ ණයකරවල ආයෝජනය කිරීමට ආයෝජකයන්ට අවස්ථාව ඇත. මෙවැනි ණයකරවල ආයෝජනය කරන ආයෝජකයන්ට ගිවිසගත් ආකාරයෙන් පොලිය ලබාගත හැකි අතර, ණයකරවල ආයෝජනයට ලැබෙන පොලිය සහ වෙළෙඳ පොළ ඉහළ හෝ පහළ යාම මගින් එය තීරණය නොකෙරේ. රටක කොටස් වෙළෙඳ පොළක් අඛණ්ඩව ඉහළ නැගීම හොඳ දෙයකි. නමුත් එය එසේ සිදුවීම අනිවාර්ය දෙයක් නොවේ. මේ අනුව ණයකරවල ආයෝජනය තුළින් ප්‍රතිලාභ ලැබීමට කොටස් වෙළෙඳ පොළ නොකඩවා ඉහළයාමක් අවශ්‍ය නොවන බව පැහැදිලිය.

ඉහත කරුණු අනුව පෙනී යන්නේ කොටස් වෙළෙඳ පොළක් සමාන්‍යයෙන් ඉහළ හෝ පහළ යා හැකි බවත් ඊට විවිධ හේතු කාරණා බලපාන බවත්, එසේ වෙළෙඳ පොළ ඉහළ හෝ පහළ යාම සහ ආයෝජකයාට ලැබෙන ප්‍රතිලාභ අතර දැඩි සම්බන්ධතාවක් නොපවතින බවත් ය. එපමණක් නොව ප්‍රතිලාභ ලැබීමට කොටස් වෙළෙඳ පොළක් එක දිගට ඉහළයාමද අත්‍යවශ්‍ය සාධකයක් නොවන බවත් මින් පැහැදිලි වෙයි. ඒ අනුව, මෙහිදී අවශ්‍ය වන්නේ දිගුකාලීනව කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කිරීමය. එහිදී අප ඉහතින් සාකච්ඡා කළ සියලු ප්‍රතිලාභ හෝ ඉන් කිහිපයක් හෝ ලබා ගැනීමට ආයෝජක ඔබට අවස්ථාව උදාවනු ඇත.


- See more at: http://www.ada.lk/article/153231/
spw19721
spw19721
Active Member
Active Member
Posts : 683
Join date : 2015-08-22

කොටස් වෙළෙඳ පොළෙන් ප්‍රතිලාභ ලැබීමට Empty Re: කොටස් වෙළෙඳ පොළෙන් ප්‍රතිලාභ ලැබීමට

Wed Apr 13, 2016 6:16 pm
Thanks nihal ayya
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum